IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජාතික ගීය දෙමළෙන් ගැයුවාට උසාවි යති

හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී   ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , සිසිර ද ආබෘෘ සහ උපාලි අබේරත්න විනිසුරු මඩුල්ල මේ පෙත්සම සලකා බැලීය.

කැළණිය ගල්බොරැල්ල විතානගේ සංජීය සුදත් පෙරේරා, පෑලියගොඩ ප්‍රදීප් ආසිරි සොයිසා සහ කැළණිය දොන් ප්‍රේමරත්න පෙත්සම්කරුවෝය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි උපලේඛණයට අනුකූලව ජාතික ගීය සිංහල වචනයෙන්, සිංහල භාෂාවෙන් පමණක් ගායනා කල යුතු බවට ප්‍රකාශ කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමේ සඳහන් වේ.



අදහස් (0)

ජාතික ගීය දෙමළෙන් ගැයුවාට උසාවි යති

රොකී Sunday, 20 March 2016 09:33 AM

විපුල, කැනඩාවේ, දකුණු අප්‍රිකාවේ එහෙම ගායනා කරන්නේ එකම භාෂාවෙන්ද? ඉන්දියාවේ ජාතික ගීය ලියලා තියෙන්නේ රාජ්‍ය භාෂාවෙන් නොවෙයි. (ර)

:       0       0

අන්වර් Friday, 18 March 2016 09:46 AM

මේ නඩුව ගොනුකළ අයට බොහොම ස්තූතියි. අධිකරණයත් දැන් ස්වාධීනනේ (නි)

:       0       0

තිවංක Friday, 18 March 2016 04:28 AM

රටේ ජනපතිට විරුද්ධවත් උසාවි යන්න පුළුවන් රටක්? (බ)

:       0       0

විපුල Friday, 18 March 2016 06:01 AM

මෙය නිවැරදී. රටේ අනන්‍ය තාවය නැති වීමක්. අපි ඉන්දියාව වගේ එකම භාෂාවකින් මෙය ගායනය කළ යුතුයි. (බ)

:       0       0

සමන් Thursday, 17 March 2016 06:16 PM

නිදහස ලැබී අවුරුදු 48 කට පසුව ජාතියට අපහාසයක් සිදුවුණේ. අපි හිතන්නේ එහෙමයි (නි)

:       0       0

සංඛ Thursday, 17 March 2016 11:19 AM

මිනිස්සුන්ට වෙන වැඩ ඇත්තෙම නැද්ද? (බ)

:       0       0

අරවින්ද Saturday, 19 March 2016 10:02 AM

අනේ මන්දා මේ ප්‍රශ්න කවදා අවසන්වේවිද කියලා (නි)

:       0       0

චතුරි Thursday, 17 March 2016 11:53 AM

මේ පෙත්සම ලියල තියෙන්නේ මහාචාර්යවරුද . එහෙම නැතිනම් සාමයට අකමැති කට්ටියද . ඔය බොරු දේවල් නොකර දරුවෝ අරක්ෂා කරගන්න අවදියෙන් ඉන්න (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 17 March 2016 11:53 AM

අනේ මෙහෙම ජාතියක් අල්ලාගෙන කබල්ගාන සෙනගක්, පැය 24 න් රජයේ භාෂාව සිංහල කරන්න ගිහිල්ල පනස් ගණන්වල පටන්ගත්ත කෝලාහලය අවුරුදු 60 කට වඩා රට පස්සට ගෙනගියා,ජීවිත ජාතික සම්පත් බොහෝ නැතිවුනා, (බ)

:       0       0

ලලිත් Friday, 18 March 2016 12:34 AM

මේ ප්‍රශ්නය සෑහෙන දුරගියා. නමුත් තවමත් එතනමයි. අපි බලමු... (නි)

:       0       0

රම්සි Friday, 18 March 2016 12:28 AM

අර්ථය එක නම් මොන භාෂාවෙන් ගැයුවත් මම නම් වරදක් දකින්නේ නැහැ (නි)

:       0       0

අප්පුහාමි Friday, 18 March 2016 01:50 AM

අර්ථය එක නම්, තමන්ගේ මව් භාෂාවෙන් තමන්ගේ රටේ ජාතික ගිය කීමේ වරදක් නොදකිමි! (නි)

:       0       0

අධිකාරී Friday, 18 March 2016 08:53 AM

කවුද මේ වීරයා? ඔහොම යමුකෝ (නි)

:       0       0

වින්සන්ට් Thursday, 17 March 2016 12:59 PM

කිසිවෙකුගේ දේශපාලන වාසියක් සඳහා ගන්නා උත්සාහයකි. එක පැත්තකින් ශ්‍රී ලාංකිකයන් ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්වීමකි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site