හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජුනි 01 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , සිසිර ද ආබෘෘ සහ උපාලි අබේරත්න විනිසුරු මඩුල්ල මේ පෙත්සම සලකා බැලීය.
කැළණිය ගල්බොරැල්ල විතානගේ සංජීය සුදත් පෙරේරා, පෑලියගොඩ ප්‍රදීප් ආසිරි සොයිසා සහ කැළණිය දොන් ප්‍රේමරත්න පෙත්සම්කරුවෝය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි උපලේඛණයට අනුකූලව ජාතික ගීය සිංහල වචනයෙන්, සිංහල භාෂාවෙන් පමණක් ගායනා කල යුතු බවට ප්‍රකාශ කරන්නැයිද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෙම පෙත්සමේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපුල, කැනඩාවේ, දකුණු අප්‍රිකාවේ එහෙම ගායනා කරන්නේ එකම භාෂාවෙන්ද? ඉන්දියාවේ ජාතික ගීය ලියලා තියෙන්නේ රාජ්‍ය භාෂාවෙන් නොවෙයි. (ර)
මේ නඩුව ගොනුකළ අයට බොහොම ස්තූතියි. අධිකරණයත් දැන් ස්වාධීනනේ (නි)
රටේ ජනපතිට විරුද්ධවත් උසාවි යන්න පුළුවන් රටක්? (බ)
මෙය නිවැරදී. රටේ අනන්‍ය තාවය නැති වීමක්. අපි ඉන්දියාව වගේ එකම භාෂාවකින් මෙය ගායනය කළ යුතුයි. (බ)
නිදහස ලැබී අවුරුදු 48 කට පසුව ජාතියට අපහාසයක් සිදුවුණේ. අපි හිතන්නේ එහෙමයි (නි)
මිනිස්සුන්ට වෙන වැඩ ඇත්තෙම නැද්ද? (බ)
අනේ මන්දා මේ ප්‍රශ්න කවදා අවසන්වේවිද කියලා (නි)
මේ පෙත්සම ලියල තියෙන්නේ මහාචාර්යවරුද . එහෙම නැතිනම් සාමයට අකමැති කට්ටියද . ඔය බොරු දේවල් නොකර දරුවෝ අරක්ෂා කරගන්න අවදියෙන් ඉන්න (බ)
අනේ මෙහෙම ජාතියක් අල්ලාගෙන කබල්ගාන සෙනගක්, පැය 24 න් රජයේ භාෂාව සිංහල කරන්න ගිහිල්ල පනස් ගණන්වල පටන්ගත්ත කෝලාහලය අවුරුදු 60 කට වඩා රට පස්සට ගෙනගියා,ජීවිත ජාතික සම්පත් බොහෝ නැතිවුනා, (බ)
මේ ප්‍රශ්නය සෑහෙන දුරගියා. නමුත් තවමත් එතනමයි. අපි බලමු... (නි)
අර්ථය එක නම් මොන භාෂාවෙන් ගැයුවත් මම නම් වරදක් දකින්නේ නැහැ (නි)
අර්ථය එක නම්, තමන්ගේ මව් භාෂාවෙන් තමන්ගේ රටේ ජාතික ගිය කීමේ වරදක් නොදකිමි! (නි)
කවුද මේ වීරයා? ඔහොම යමුකෝ (නි)
කිසිවෙකුගේ දේශපාලන වාසියක් සඳහා ගන්නා උත්සාහයකි. එක පැත්තකින් ශ්‍රී ලාංකිකයන් ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්වීමකි. (ර)