ජාතික ගැටලුව විසඳීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සාමාජිකයන්ගේ සංයුතිය වෙනස් කළ යුතු බව මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් හසන් අලි මහතා කියයි.
කාරක සභාවේ මුළු සාමාජිකයන් 31 දෙනා අතරින් 19 දෙනකු ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පත් කැර තිබුණ ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධාන ගතව සිටින සිය පක්ෂයෙන් මේ සඳහා සාමාජිකයකු තෝරා ගෙන නොමැති බව ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය දැනුම්වත් කළ ද ඊට මේ වන තෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවත් ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු ජාතිකයන්ට ඇහුන්කන් දුන්නේ නැත්නම් තවත් යුද්දයක්. අනිවාර්යෙන් නියෝජනයක් දිය යුතුයි. (නදී)
මෙච්චරයි අඩුව තිබුනේ. (නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය - මෙච්චරයි අඩුව තිබුනේ. දන්නෝ දනිති නේද ? (නදී)
ලෝකෙ වටේටම ඇහුම් කන් දෙන උදවියගේ ඒව පුපුරන සද්දෙ නම් අපි හැමදාම දකිනවා. (නදී)
කවුරු කොහොම කිව්වත් හසන් අලි මහතා කියන දේ හරි. ජාතික ගැටලුව විසඳීමට හැම ජන කොටසකගේම අදහස් ගන්න ඕන. (ස)
විජේසිංහ මැදපෙරදිග රටවල ප්‍රශ්න තමයි. එයට ප්‍රදානම හේතුව වන්නේ තෙල්. ඔය ප්‍රශ්න පිටුපස ඉන්න කට්ටිය බටහිර රටවල්. මොකද එයාලටකොච්චර යුද නැව් අහස් යානා තිබ්බත් වැඩක් නැහැ ඒවා දුවන්න තෙල් නැත්නම්. ඒකයි මේ ප්‍රශ්න දාන්නේ. මේ සේරම කරන්නේ බටහිර රටවල් (නදී)
ලොකයේ වෑඩි හරියක් අපරද කරන්නේ සුලු ජාතින්.. බයානකම ත්‍රස්තවදි කල්ලි වලින් 10 සුලු ජාතින්... (දී)
අනේ මෙන්න මෙයත් උතුරේ වගේ පාන් රාත්තලම ඉල්ලන්න යන්නේ. (නදී)
බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මමත් ඉවසීමෙන් බලා සිටින්නේ මෙහි අවසන් තීරණය දෙසයි (නි)
ග්‍රීස් යකා සිට එක එක සංවිදාන දක්වා සිදුවන අපරාද වලට පිළිතුර ලෝකයා විසින් එදා සිට ලබමින් පවතිනවා.(නදී)
එච්චරද ඕන? (ස)
සෆ්රාස් ,අනේ ඔව් සහතික ඇත්ත ලෝකය දෙස බැලුවම කව්ද අපරාද කරන්නේ කියල හොදට පේනවා. (නදී)
මොකක්ද මේ ජාතික ගැටලුව කියන්නෙ ? කන දෙයක්ද ? අපේ ගමේ නම් ප්‍රශ්න ගොඩක් තියනව එකක්වත් ජාතික ගැටලුව කියල එකක්නම් නෙවෙයි. (ස)
ඔව් ඔව් පේනවා ලෝකයේ හැමදාම ගිනි ඇවිලෙන්නේ මොන රටවල්ද කියා. එක පැහැදිලියි (නදී)