ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තව නොබෝ දිනකින් තෝරා ගැනීමට නියමිතය. එහෙත් මෙම කණ්ඩායමේ නායකත්වය සඳහා කී‍්‍රඩකයකු තෝරා ගැනීමේදී ජ්‍යෙෂ්ඨත්වය සහ දක්‍ෂතාව පසෙක දමා, දොළ පිදේනි වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට කනිෂ්ඨ කි‍්‍රකට් තේරීම් කමිටු නිලධාරීන් සූදානම් වන බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ජාතික තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතාගෙන් කළ විමසීමකදී ද මැල් මහතා කියා සිටියේ ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම තෝරා ගැනීම සඳහා තමන් කිසි ලෙසකින් සම්බන්ධ නොවන බවයි. ශී‍්‍ර ලංකා 19 න් පහළ සංචිතයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා වන්නේ සනිත ද මැල්ය. වසර 2009 සිටම ශී‍්‍ර ලංකා යොවුන් පිල නියෝජනය කරන සනිත වසර 2010 දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වාර්ෂික කි‍්‍රකට් සම්මාන උළෙලේදී වසරේ දක්‍ෂතම නැගී එන කී‍්‍රඩකයා ලෙසද සම්මාන දිනාගත්තේය. ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සමග විදෙස් සංචාර කිහිපයකටම එක්වෙමින් හොඳ දස්කම් දැක්වූ තුන් ඉරියව් කී‍්‍රඩකයකු වුවද සනිතගේ දස්කම් සහ ජ්‍යෙෂ්ඨත්වයද නොසලකා වෙනත් කී‍්‍රඩකයකුට නායකත්වය දීමට තේරීම් කමිටු නිලධාරීන් සූදානම් වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. එම කී‍්‍රඩකයා නායකත්වයට පත්කරන්නේ නම් තේරීම් කමිටු නිලධාරීන්ට හොඳින් සැලකීමට පිටස්තරයකු සූදානමින් සිටින බවත් වාර්තා වේ. තේරීම් කමිටු නිලධාරීන් පසුගියදා ගත් තීරණයකින් කෙරුණේද පිටස්තරයාගේ අරමුණ ඉටුකිරීමට පාර කැපීම බවත් දැනගන්නට තිබේ. 2010 දී එංගලන්තයේ නොදම්ප්ටන්හිදී එංගලන්තයට එරෙහිව පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී ලකුණු 97 කට කඩුලූ 6 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා යොවුන් පිල ලකුණු 199 ක ජයක් කරා කැඳවාගෙන ගිය සනිත එම තරගාවලියේදීම කාඞීෆ්හිදී පැවැති එක්දින තරගයේදී ලකුණු 23 කට කඩුලූ 3 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා පිලට ජය මාවත පෙන්වීය. අනතුරුව පසුගිය වසරේ අග භාගයේදී ඉන්දියාවේ සංචාරය කළ ශී‍්‍ර ලංකා 19 න් පහළ පිලටද ඇතුළත් වූ සනිත පසුගිය වසරේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායකත්වය දරමින් වසර 45 කට පසුව මොරටු රන් හටනේ ජයග‍්‍රහණය ශාන්ත සෙබස්තියන් පිලට අත්කරදීම සඳහා කණ්ඩායම මෙහෙයවීය. වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය අගෝස්තු මාසයේදී ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන අතර ඒ සඳහා 30 දෙනකුගෙන් පමණ සංචිතයක් මේ දිනවල පුහුණු තරග වලට සහභාගි වෙමින් සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනිත ද මැල් කියන්නේ එක් පැත්තකින් හොද කැප්ටන් කෙනෙක්. අනික අපි හැමෝම දන්නවා SLC කියන්නේ ක්‍රිකට් වලට ගැළපෙන තැනක් නෙවෙයි.