ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත අද ඇමති මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරණ බව රජයේ ආරංචි පවසයි. එය හෙට (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දින සියය වැඩසටහනෙහි දක්වා ඇත්තේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පෙබරවාරි 06 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණ බවයි.
ඖෂධ පනත නව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මතකැර ගැනීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද අදාල පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ දී අස්ථාන ගතවී තිබිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ පනත ක්‍රියාත්මක කිරීමෙන් මෙරට දිළිඳු ජනතාවට විශාල සහයක් හිමිවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඖෂධ මාෆියාවට මේ පනතින්වත් බැට දෙනවානම් ගොඩක් හොඳයි. දුප්පත් අහිංසක රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල අය හූරාකෑම කොයිතරම් සිදුවෙනවද? (නි)
ජය වේවා! සේනක බිබිලේ මහත්මයා පටන්ගත් ජාතික කටයුත්ත මෛත්‍රී ජනාධිපතිතුමාට අවසන් කරන්න ලැබේවා...!!!! (නි)
ඉතා වැදගත් පනතක්,මෙය පසුගිය රජයේ පාලනයේ බලපෑම නිසා නීති ගත කරන්න නොහැකි වූ අතර වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අප්‍රතිහත උනන්දුව නිසා දැන් නැවත වරක් පාර්ලිමේන්තු පනතක් වශයෙන් නීතිගත කිරීමට සුදානම් කර ඇති අතර මෙමගින් ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ වට්ටෝරු ලිවිම නිසා අඩුමිලට ඖෂධ මිලදී ගැනීමටත් අත්‍යවශ්‍ය ඖෂධ පමණක් රටට ආනයනය කිරීම නිසාත් පාරිභෝගිකයාට සාධාරණ මිලට ඖෂධ මිලට ගැනීමටත් ඖෂධ ආනයනයට යන අනවශ්‍ය විදේශීය විනිමය යම් ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමටත් මෙමගින් හැකිවන අතර මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ ගෞවරවය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හිමිවිය යුතුය. (දිල්)
අස්ථාන ගත උන එකම ඉදිරිපත් කරනවානම් තමයි වඩාත් හොඳ ..(දිල්)
දැන්වත් බෙහෙත් වල මිල අඩු වෙයිද?(හේ)