ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට ස්ථාපනය කර ඇති කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නැගෙනහිර පළාතේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට ත්‍රිකුණාමලයේදී පැවසීය.
අමාත්‍යවරයා වෙනුවෙන් 22 සේනාංක මූලස්ථානයේදී යුද හමුදා උත්තමාචාරයක්ද නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා උත්තමාචාරයක්ද පැවැත්විණි.
යුද හමුදා කඳවුරු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදා භට පිරිස් අමතමින් කියා සිටියේ පුහුණු අවස්ථා සඳහා පැවති සීමා ඉවත් කරන බවයි. එමෙන්ම ජාතික ආරක්ෂාව වැනි සංවේදී විෂයයක් අවස්ථාවාදී දේශපාලනයට යොදා නොගන්නා බවද ඒ මහතා කීවේය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේහාන්, රතු පළසක් දාන්නේ ගෞරවාන්විත ලෙස පිළිගන්නනේ. (නි)
කොහොමහරි ලංකාව ආරක්ෂා වුණොත් සියල්ලන්ටම ඉදිරි ගමනක් තිබේවි. (නි)
ජාතික දේශපාලනය යනු ජාතික ආරක්ෂාවේ පදනමයි (නදී)
සරලව ජිවත් වෙනවා කියන එකයි. හමුදා උත්තමාචාර සම්ප්‍රදායන් වලට අනුකුල වෙනවයි කියන එකයි පටලවා ගන්න එපා. (නදී)
තෙහාන් මෙතුමාට රතු පලස මතින් යන්න තියෙන අඩුව මොකක්ද ? හොරකම් නොකරපු එකද ? තම පුද්ගලික ධනය පවා මහජනයා වෙනුවෙන් විය පැහැදම් කල එකද ? එහෙම නැත්නම් මෙතුමාගේ සීය 1948 දී ලංකාවේ නිදහස වෙනුවෙන් ජීවිත පරදුවට තියා කටයුතු කල එකද ? නිකන් කට තිබුණු පලියට මිනිසුන්ට ගරහන්න එපා (නදී)
හමුදාවේ උත්තමාචාරයක් විදියටි රතු පලස් එලන්නේ. ආරක්ෂක ඇමති කියන්නේ හමුදාවන්ගේ ප්‍රදානියා. එතුමා පැදුරු මතින් ගෙන යන්නේ නැහැ. හමුදාවේ සම්ප්‍රදාය තමා උසස් නිලදාරියට උපරිම උත්තමාචාරය දැක්වීම. හමුදාව දක්වන උත්තමාචාර එපා කියනවා නම් එය හමුදාවට කරන මදි පුංචි කමක්. අනික මෙතන වටිනා වදනක් තියෙනවා හමුදාවේ කදවුරු ඉවත්කරන්නේ නැහැ කියන එක. එ්ක ලොකු ශක්තියක් රටට. රට බේරාගත් පවුල් සංස්කෘතියක් ඇති නව රජය ආරක්ෂක ඇමති තුමා දිවිහිමියෙන් සිය කාර්ය කරයි කියා බලාපොරොත්තු වෙනවා. තම දේශපාලන අදිකාරියේ නොගැලපෙන රටට අහිතකර තීන්දු වලදී නිසි දේ කරනු ඇතිය කියා සිතමි (නදී)
වර්තමාන ආණ්ඩුවේ එවුන් රට ආරක්ෂා කරන එක බොරුවක්.අපි එදා ඉඳලාම රටේ ආරක්ෂාව සම්බන්දව මේ අය කල කී දේ දන්නවා.රට පාවා දෙන්න නම් හොඳට දන්නවා. (ස)
මොකද මේ සරලව ජීවත් වෙනවා කියාපු කට්ටිය රතු පලස් මතින්ම යන්නේ. (නදී)
මොකද රතුපලස මතින් ගියාම වෙන්නේ? ඒකටත් ඊර්ෂ්‍යාව සමහරුන්ගේ... (නි)
මොකද රතුපලස මතින් ගියහම කෑලි අඩු වෙනවද ඕකට තමයි කියන්නේ චින්තන දුබලකම (නදී)
අනේ ටෙහාන් ඔයා වගේ මෝඩයෙක් ඉන්න රටක ඉපදීම මහා පාපයක්. රටේ ආරක්ෂක ඇමති උනාම එහෙම තමයි (නදී)
ඇයි තෙහාන් එහෙම කියන්නේ, මවු බිම සිප වැළඳගෙන රටම කාපු නායකයෝ හිටපු යුගයක් තිබුන මතක නැති උනාද? (නදී)