විෂය භාර අමාත්‍යවරයාගේ මැදිහත් විම මත පොලිස් නිලධාරින්ගේ වැටුප් වැඩි කිරිම සදහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවත් නිලධාරින් සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් ඇති කිරිම තමාගේ අරමුණ වු බවත් එම සියලු කටයුතු අවසන් කරගෙන යන බවත් පත්වන නව පොලිස්පතිවරයා යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු ඇති බවත් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා මහනුවරදී පැවැසිය.
පොලිස්පති ඉලංගකෝන් මහතා මෙසේ පැවැසුයේ තම පස් වසරක සේවා කාලය නිම කර මෙම මාසයේදි විශ්‍රාම යාමට පෙර මහනුවර ශ්‍රි දළදා මාලිගාවට ගොස් දළදා සමිදු වැඳ පුදා ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
වැඩි දුරටත් අදහස් දැක්වු පොලිස්පති වරයා රටේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා ගත යුතු සැම පියවරක්ම ගෙන තිබෙන බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ජනතාව කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවත් එහිදි කීය.
තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් හා නාපාන පේමසිරි ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් පොලිස්පති සිය ධුරයේ කටයුතු කිරිමේදි තමන්ට ලබාදුන් අවවාද හා අනුශාසනා වෙනුවෙන් උන් වහන්සේලාට කෘතඥතාවය පළ කළේය.
පොලිස් සේවයේ ගුණාත්මක බව ඉහලට ගෙන ඒම,පොලිස් නිලධාරින්ගේ සුබ සාධනය, ජීවන මට්ටම ඉහළට ගෙන ඒම වැනි දේ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කළ බවද නිසි උසස් වීම් හා මාරු කිරීම් ක්‍රමවේදයක් සකස් කිරිම සදහා වන යෝජනා පොලිස් කොමිසමට ඉදිරි පත් කර තිබෙන බවද ඉලංකෝන් මහතා එහිදී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන විහිලු කතාද මහත්තයෝ? ඇඹිලිපිටිය , කොටදෙනියාව සිද්ධීන් වලදී මොකද වුනේ කියල අපි නොදන්නවයේ? (බ)
පඩි වැඩි කළ යුතුයි පොලිස් දෙපාර්තුමේන්තුවට.(හේ)
අනුන්ගේ කොන්ද ගැන අදහස් දක්වන දහම් මහතා තමන්ගේ කොන්ද ගැන දන්නේද යන්න සැක සහිතය. (බ)
ජනතාවගේ බදු මුදලින් නඩත්තු වේවි දුප්පත් ජනතාවට චන්ඩිකම් පෙන්නලා පගා ගහනවා මදිවට පඩි වැඩිකරලා දෙන්නකෝ. (ම)
ඔබ තුමාට මීට වඩා විශාල සේවාවක් පොලිස්පති ධුරයේ සිටින කාලයේ කරන්න තිබුනා කියල හිතෙන්නේ නැද්ද...ඔබ තුමාගේ කාලයේ හුග දෙනෙකුට සාධාරනයක් ඉටු නොවුනායයි මගේ හැගීම.....(බ)
ඔබ තුමා පොලිසියට දේවල් කළාට ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නැහැ. අදත් පොලිසිය කියන්නේ හොර ගුහාවක්.(හේ)
බෝම්බ පුපුරපු කාලෙත් කිවේ ජනතාවගේ ආරක්ෂාව තහවුරුයි කියලනේ. පුපුරනකොට කිවේ බියගුළු වැඩක් කියල. තමාගේ ආරක්ෂාව තමාම සලසගන්න කියල කිව්ව දේශපාලකයන් හිටියා (බ)
පොලිසියේ පඩි වැඩි වෙනවා නම් හොදයි.(හේ)
කොන්දක් නැති, සාධාරණය අඳුනන්නේ නැති, කාලගුණ දන්නෙත් නැති කෙනෙක්. අවසාන කාලේ මානසිකව විඳවන්න වෙයි.(ම)
ලංකාව විහිළු කාරයෝ වැහි වැහැල (බ)