IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘ජාතික ආරක්ෂාව තහවුරුයි‘

විෂය භාර අමාත්‍යවරයාගේ මැදිහත් විම මත පොලිස් නිලධාරින්ගේ වැටුප් වැඩි කිරිම සදහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවත් නිලධාරින් සඳහා විශේෂ රක්ෂණ ක්‍රමයක් ඇති කිරිම තමාගේ අරමුණ වු බවත් එම සියලු කටයුතු අවසන් කරගෙන යන බවත් පත්වන නව පොලිස්පතිවරයා යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනු ඇති බවත් පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා මහනුවරදී පැවැසිය.

පොලිස්පති ඉලංගකෝන් මහතා  මෙසේ පැවැසුයේ තම පස් වසරක සේවා කාලය නිම කර මෙම මාසයේදි විශ්‍රාම යාමට පෙර මහනුවර ශ්‍රි දළදා මාලිගාවට ගොස් දළදා සමිදු වැඳ පුදා ආශිර්වාද ලබාගැනිමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වු පොලිස්පති වරයා රටේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා ගත යුතු සැම පියවරක්ම ගෙන තිබෙන බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ජනතාව කිසිදු සැකයක් ඇති කර නොගත යුතු බවත් එහිදි කීය.

තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක  හිමියන් හා නාපාන පේමසිරි ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් පොලිස්පති සිය ධුරයේ කටයුතු කිරිමේදි තමන්ට ලබාදුන් අවවාද හා අනුශාසනා වෙනුවෙන් උන් වහන්සේලාට කෘතඥතාවය පළ කළේය.

පොලිස් සේවයේ ගුණාත්මක බව ඉහලට ගෙන ඒම,පොලිස් නිලධාරින්ගේ සුබ සාධනය, ජීවන මට්ටම ඉහළට ගෙන ඒම වැනි දේ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කළ බවද නිසි උසස් වීම් හා මාරු කිරීම් ක්‍රමවේදයක් සකස් කිරිම සදහා වන යෝජනා පොලිස් කොමිසමට ඉදිරි පත් කර තිබෙන බවද ඉලංකෝන් මහතා එහිදී කීවේය.

 



අදහස් (0)

‘ජාතික ආරක්ෂාව තහවුරුයි‘

ලක්ෂාන් Wednesday, 06 April 2016 04:15 AM

මේ මොන විහිලු කතාද මහත්තයෝ? ඇඹිලිපිටිය , කොටදෙනියාව සිද්ධීන් වලදී මොකද වුනේ කියල අපි නොදන්නවයේ? (බ)

:       0       0

ඉන්දික Wednesday, 06 April 2016 04:41 AM

පඩි වැඩි කළ යුතුයි පොලිස් දෙපාර්තුමේන්තුවට.(හේ)

:       0       0

වින්සන්ට් Wednesday, 06 April 2016 09:39 AM

අනුන්ගේ කොන්ද ගැන අදහස් දක්වන දහම් මහතා තමන්ගේ කොන්ද ගැන දන්නේද යන්න සැක සහිතය. (බ)

:       0       0

ඩෝසන් Wednesday, 06 April 2016 04:45 AM

ජනතාවගේ බදු මුදලින් නඩත්තු වේවි දුප්පත් ජනතාවට චන්ඩිකම් පෙන්නලා පගා ගහනවා මදිවට පඩි වැඩිකරලා දෙන්නකෝ. (ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 06 April 2016 05:00 AM

ඔබ තුමාට මීට වඩා විශාල සේවාවක් පොලිස්පති ධුරයේ සිටින කාලයේ කරන්න තිබුනා කියල හිතෙන්නේ නැද්ද...ඔබ තුමාගේ කාලයේ හුග දෙනෙකුට සාධාරනයක් ඉටු නොවුනායයි මගේ හැගීම.....(බ)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 06 April 2016 05:35 AM

ඔබ තුමා පොලිසියට දේවල් කළාට ජනතාව වෙනුවෙන් කරපු දෙයක් නැහැ. අදත් පොලිසිය කියන්නේ හොර ගුහාවක්.(හේ)

:       0       0

විපුල Wednesday, 06 April 2016 11:15 AM

බෝම්බ පුපුරපු කාලෙත් කිවේ ජනතාවගේ ආරක්ෂාව තහවුරුයි කියලනේ. පුපුරනකොට කිවේ බියගුළු වැඩක් කියල. තමාගේ ආරක්ෂාව තමාම සලසගන්න කියල කිව්ව දේශපාලකයන් හිටියා (බ)

:       0       0

සංජීව Wednesday, 06 April 2016 06:12 AM

පොලිසියේ පඩි වැඩි වෙනවා නම් හොදයි.(හේ)

:       0       0

දහම් Wednesday, 06 April 2016 06:39 AM

කොන්දක් නැති, සාධාරණය අඳුනන්නේ නැති, කාලගුණ දන්නෙත් නැති කෙනෙක්. අවසාන කාලේ මානසිකව විඳවන්න වෙයි.(ම)

:       0       0

ගයාන් Wednesday, 06 April 2016 07:13 AM

ලංකාව විහිළු කාරයෝ වැහි වැහැල (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site