රුපියල් කෝටි හයක් වටිනා රත්තරන් බිස්කට් 118 ක් තම යට ඇඳුම් වල සඟවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික යුවලක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරුවෝ වයස 35 සහ 46 වියේ පසුවන වත්තල පදිංචිකරුවෝ වෙති.
අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් වල බර කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 800 කි.
අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාව යට ඇඳුම් හතරක් ඇඳ රන් බිස්කට් 48 ක් ඒවා තුළ සඟවා තිබු බව රේගුව කියයි. පිරිමියාද ඒ අයුරින්ම යට ඇඳුම් හතරක් ඇඳ එහි රන් බිස්කට් 70 ක් සඟවා තිබී ඇත.
මේ දෙදෙනා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 303 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ඇත.
මොවුහු රත්තරන් ප්‍රවාහනයේ යෙදෙන තැරැව්කරුවෝ බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රංජන් හේවාගම, අනුර වලවගේ රේගු අධිකාරී සරෝජ් චන්ද්‍රසේන, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන පී.එච්.යු.අයි විජේපාල සහකාර රේගු අධිකාරීවරුන් වන සී.පී අබේවික්‍රම සහ රොමෑන්ස් ස්ලිජ් යන නිලධාරීහු සිදු කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යට ඇඳුම් අලංකාර කිරීමට හා අගය වැඩිකිරීමට වෙන්න ඇති නිෂ්පාදකයන් විසින් රන් බිස්කට් ඒවාට සවිකර තිබෙන්නේ. මගෙත් යට ඇඳුමක් තියෙනවා රත්තරන් සතෙක් සවිකළ (නි)
මේතරම් බරක් කොහොම ගෙනාවද? (නි)
නියම මිනිස්සුනේ මෙයාලා! බයක් නැතුව මේවා කරන හැටි? (නි)
මොවුන් සිංගප්පුරු ගුවන් තොටුපොළෙන් මෙටල් ඩිටෙක්ටර් හරහා ආවේ කොහොමද? මට හිතෙන්නේ මේවා හොර පාරකින් ගුවන් යානයට ගෙනවිත් දෙනවා ඇති. කලකට පෙර මගේ ගමන් මල්ලකින් මෙල්බර්න් ගුවන් තොටුපොළෙන් සොයා නොගැනුණ නියපොතු කපනයක් සිංගප්පුරුවේදී සොයාගෙන ඔවුන් භාරයට ගත්තා. (නි)
අම්මෝ! යට ඇඳුමක වටිනාකම? (නි)
මේ මිනිස්සු යට ඇඳුමටත් අගෞරව කරන හැටි? (නි)
සෑම් හරි. ගුවන්යානය ගොඩ බැස්සවීමත් ඉන්පසු මඟියා ගමන් මලු කොන්වෙයර් බෙල්ට් එකෙන් ගැනීමත් අතර යම් දේවල් සිදුවෙන බව පෙනෙනවා. නිවාඩුවට පිටරට ගොස් පැමිණි මගේ අසල්වැසියෙකුගේ ගමන් මල්ල අතුරුදහන් වෙලා තිබුනේ ගුවන් යානය සහ කොන්වෙයර් බෙල්ට් එක අතරතුරේදී. අනිත් හොර වැඩත් ඔය අතරතුරේ තමයි සිද්ධවෙනවා ඇත්තේ. මේ දේවල් වගකිවයුත්තන් සොයා බලන්න ඕනෑ. (නි)
යට ඇදුම රෙදිද? කොහොමද කිලෝ 11ක් දරාගන්නෙ (නදී)
මේ ගොල්ලන්ගේ රත්තරන් මුහුණු දෙකත් අපිට බලාගන්නත් එක්ක දැම්මා නම් හොඳයි (නි)
මේක හරි කියලා කියන්න බැහැ. නමුත් රත්තරන් කියන දෙය එතනෝල්, කුඩු වගේ සමාජයට අගුණ දෙයක් නෙමෙයි. ඒ වගේ දේවල් ගෙන්වන්නේ කවුද කියලා දන්නවා නේද? එහෙම බැලුවහම මේක ගැන අපිට ලොකුවටම හිතන්න බැහැ (නි)
මේ මිනිස්සු ජීවත්වෙන්න විඳින දුකක් හැබෑටම? (නි)
මොකද මේ රත්තරන් යට ඇඳුම් අස්සේත් හංගාගන්නේ? ලැජ්ජා නැද්ද? (නි)
දැන් දැන් රත්රන් රේගුවෙන් වටලා ප්‍රමාණය වැඩියි.මට සැකයක් මතුවෙනවා මේ ගැන.හැමෝගෙම අවධානය වෙනතකට යොමු වෙලා තියෙන්නේ දැන් මේ රත්රන් වෙනුවෙන්. මේ අස්සේ කුඩු මත්ද්‍රව්‍ය වැනි දේවලුත් එහා මෙහා වෙනවා ඇති නොදැනුවත්ව.(හේ)
අහුවෙනවා කියලා දැන දැනත් මේ රත්තරං ගේනවනේ.(හේ)
ඔය අල්ල ගන්න රත්තරන් වලට මොකද වෙන්නේ?.අල්ල ගත්තු රත්තරන් කිලෝ ගණනින් කියද ?(හේ)
රත්තරන් අල්ල ගන්න තරමට රටේ දුප්පත් කම තුරන් වෙනවා.ඒ මුදල් දුප්පත් මිනිසුන් වෙනුවෙන් වියදම් කරනවා.දැන් ලංකාවේ මන්දපෝෂනයෙන් පෙලෙන දරුවන් නැහැ.ඒ නිසා අල්ල ගන්න තරමක් රත්තරන් ගැන මටනම් හරිම සතුටුයි.(හේ)
සෑම් අදහස අනුව මේ මට වුන දෙයක් මා ඩුබායි සිට කොළඹ බලා එමිරේට්ස් සමාගමෙන් ගුවන් යානයකින් පැමිණි අතර මගේ ගුවන් මලු නැති වුනා. ටිකට් පතේ ඊට අදාළ අංක ම සමඟ ඇති බැවින් මම අදාළ බලදාරීන්ට දැන්වුවා. දින දෙකකට පසු මා හට දුර කතනයෙන් අමතා ගුවන් තොටුපලට එන ලෙස දැන්වුවා. එහෙදි මගේ ටිකට් පතේ අංකයට අදාළ ගුවන් මල්ල තිබු නමුත් එම මල්ල මගේ නෙවෙයි නිසා මම බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. මම දන්නේ නැහැ එ්ක කාගේද කියලා. අනික එ්කේ කුඩු වෙන්නත් පුළුවන් වෙන දෙයක් වෙන්නත් අන්තිමට මට එහි බර සඳහා දෙන දීමනාව ගැනීමට සිදුවුවා. මම හිතනවා මම කල දේ හරි කියලා. තවද එය ගමන් මල්ල මගේ අංකය තිබුනත් වටිනාකමෙන් වැඩි බරෙනුත් වැඩි ගමන් මල්ලක්. (නදී)
චන්ද්‍රා කියන කතාවලට හිනාත් යනවා (නි)
අහුවෙනවා කියලා දැන දැනත් එනවානේ.(හේ)
එච්චර වටිනවාද ඔය ඇදුම්.(හේ)
ඕක මොකද්ද . (හේ)
රත්තරන්ද?(හේ)
අදකාලේ ලොකු ලොක්කෝ කරන ලොකු වැඩවල හැටියට මේවත් වැඩද ?...ඔහොම යන්....අල්ලපු එකටනම් රේගුවට තුති, නමුත් නිසි පරිදි නිතිය ක්‍රියාත්මක ද විය යුතුය, මග නොනැවතී ,(හේ)
ඕවා මොනවද 77 යූ.එන්. පී. අාණ්ඩුවේ හිටපු පුංචිම මංත්‍රී රත්රං පොලු 27 එක්ක 50 වෙනි වතාවේදී අහු වුනේ එයා නිදහස් කළා එහෙමයි අපේ ...ගේ වැඩ හරිද? (අ)
මේ ජෝඩුවගේ ඇඳුම් ගලවලා මහපාරේ තිබ්බා වාගේ වැඩක් මෙය ප්‍රසිද්ධ කරාම , නීතියෙන් ලැබෙන දඬුවමට වඩා වටිනවා , ඔවුන්ට ලැජ්ජාවක් තිබේනම් , මෙවෙනි දේවල් ආපසු නොකරන්න (අ)
අයියෝ සල්ලි! (අ)
මේ අල්ලගන්න රත්තරන් වලින් මොනවා කරනවා ඇත්ද,?(දිල්)
ටියුනිසියාගේ බෙන් අලිගේ භාර්යාවත් රත්තරන් කිලෝ 1800 ක් අරගෙනයි රටින් පැන්නේ.(දිල්)
වත්තල පදිංචි අයගේ නම් ගම් හෝ ජාතිය ගැන සඳහන් නොකරන්නේ ඇයි ? (හේ)
බුදු අම්මෝ! මෙච්චර කිලෝ ගාණක් බර ඇඳුම් මේ අය කොහොමද ඇඳගෙන හිටියේ? (නි)