(තිලකරත්න දිසානායක)

පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 වෙනුවෙන් ජාතික ජනබල වේගය ඇප මුදල් තැන්පත් කිරීම අද (11) සවස දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී සිදු කළේය.

ජාතික ජනබල වේගය ජාතික විධායක සභික සහ කණ්ඩායම් නායක මහින්ද ජයසිංහ මහතා ප්‍රධාන නියෝජිතයන් විසින් ඇප තැන්පත් කිරීම සිදු කිරීමෙන් අනතුරුව මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, රජය පළාත් පාලන මැතිවරණය නොපැවැත්මට කටයුතු කරමින් සිටියද එය අධිකරණයේදී හෝ මහ පාරේදී පරාජය කිරීමට ජාතික ජනබල වේගය සූදානම් බවත් මෙම මැතිවරණයට තරඟ කොට තම කණ්ඩායම ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ම විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරන බවත් පැවසීය.

මේ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකම කොට්ඨාස සභා පිහිටුවා ගම් මට්ටමින් සංවිධානය කොට ඇති බවත් මැතිවරණය ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨව ජයග්‍රහණය කරවීම පිනිස බුද්ධිමත් ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.