බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය වන ලෙස ජංගම දුරකතන සඳහා විවිධ ගීත ඇතුළත් ‘රින්ගින් ටෝන්‘ සේවා සපයන ආයතන පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශ ලේකම් ආචාර්ය චරිත හේරත් පවසයි.
එම ගීත නිර්මාණකරුවන්ට හිමි කර්තෘභාගය ලබා නොදී එකී සමාගම් අධික ලෙස ලාභ ලැබීම වළක්වාගැනීම සඳහා ඉදිරියේදී නව ක්‍රමවේදයන් හදුන්වාදීම නියමිත බව ද ඒ මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ වැඩක්. ගීතය ලීව කෙනාට, ගායකයාට, සංගීතය සැපයුවට සමාන ලෙස මේ මුදල බෙදෙන්න ක්‍රමයක් පමා වෙලා හරි හොයනවා නම් බොහොම හොඳයි.... (ස)
ඒ වගේම ඔය සංගීත සංදර්ශන වලට එක එක නම් වලින් එන සංගීත් කණ්ඩායම් කියන්නෙම අනුන්ගේ ගීතමයි. ඒකත් නවතන්න ඕනෑ (නි)
සමහර රිගින් ටෝන් අහගෙන ඉන්න අප්‍රසන්නයි. ටෝන් එක ඇහුනහුම නොදැකපු කෙනෙකුටත් හිතා ගතහැකි ජංගම දුරකතය හිමි තැනැත්තා මොන වගේ කෙනෙක්ද කියලා (නි)
ගීතයක අයිතිය රචකයා,සංගීතඥය, ගායකයා, යන තිදෙනාටම තිබිය යුතු බව මගේ හැගීමයි. එලෙස නීති හැදේවායි පතමු. (නි)
අර අහවල් තේමා ගීතය දාලා කෝටි ගණන් මුදල් එයාලට ගෙවනවා කියලා ආයතනයක් අනාගත්තා ළගදී. එතකොට අනෙක් ගීත වලට අදාල ගායකයන්ට කිසිදු ගෙවීමක් කරන්නෙම නැද්ද? ලේකම්තුමනි, අපේ කලාකරුවන් රැක ගන්න ඔබ ගන්නා උත්සාහය අගය කරමි. (නි)
නිල්මිණි, ඔයා නිකන් දෙනවයි කිවුවත් රිගින් ටෝන් ගන්න එපා. සාමාන්‍ය ටෝන් එක කනට කොතරම් මිහිරිද වැදගත්ද කියලා බලන්න. පිටරට ඉදලා ලංකාවට කතා කරන අයට මේ බහුබූත සද්ද ඇහුණාම මොලේ කොලොප්පන් වෙනවා. (නි)
සමහරු සුපර් ස්ටාර්ලා වෙන්නේ අනුන්ගේ ගීත නිසා (නි)
ඔය රින්ග් ටෝන් සල්ලි දීලා ගන්නේ නැතුව නිකන් ගන්න ක්‍රමයක් නැද්ද ඇත්තටම,දන්නා කෙනෙක් කියන්නකෝ (නි)
ගොඩාක් හොද අදහසක් නැත්නම් තමන්ගේ සින්දුව තමන්ට අහන්නත් සල්ලි ගෙවන්න වෙලා තියෙන්න දැන් (දී)
දවසක් මම ලංකාවේ අපේ අසල්වැසි බසුන්නහේ කෙනෙක්ට කෝල් කරද්දී. ඇහුනේ " ඔයලොකු ඇස් දෙක ලියාගන්න සින්නක්කර... කියල ඔන්න ඔහොම සින්දුවක්. අපේ මහත්තය මගෙන් අහනවා දැන් ලංකාවේ ඇස් කන් නාසා වලටත් ඔප්පු ලියනවද කියල...(අ)
දැන්ද ක්‍රම හදන්නේ. හෙට අනිද්දට ජංගම දුරකතනවලට වැඩිය දියුණු සන්නිවේදන ක්‍රම එන්නත් ලගයි.(නදී)