කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ජේ සිරකුටියේ රඳවා සිටින කොටි රැඳවියන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන විසි එකක් සහ සිම් කාඞ් 14ක් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨය හා විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කෝසල සේනාධීර මහතා අද (10) නියෝග කළේය. සංවිධානය යළි ගොඩනැගීම සඳහා එම ජංගම දුරකථන උපයෝගී කරගෙන දේශීය හා විදේශීය කොටි සාමාජිකයන් සමග එම රැඳවියන් සම්බන්ධතා පවත්වන බවට බන්ධනාගාර අධිකාරී ෂමිල් රන්ජන් ළමාහේවා මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර ගේ ඇතුළෙම ඉවරයක් කරන්නයි තිබුණේ
මෙවා ඇතුලට ගෙනියනකන් සිංහල කොටි ටික බුදිනෙද?
මේවට වගකිවයුත්තෝ තවම ඕක ඇතුලේ යහතින් ඇති,සල්ලිදෙනවනම් මෙයාල මොනවද නොකරන්නේ........ඒවෙලාවට කොටිය,සිංහයා පෙන්නේ නෑනේ සාක්කුව පිරෙනවානම්....එකනේ ප්‍රාණඇපෙටත් ගත්තේ උන්දන්නවා අපේ උදවියගේහැටි.
දූෂිත නිලධාරීන් සිටින තාක්කල් මේවගේ දේවල් ඉදිරියටත් සිද්ධවේවි.
නිරෝෂන්, ඔයාගේ කතාව නම් සහතික ඇත්ත
ඕව ඇතුලෙම හදන්න ඇති. නැතිව එළියෙන් ගේන්න පුළුවං යැ....
මේක සාමාන්‍ය දෙයක්.නමුත් වගකිව යුතු අංශ මේ දේවල් පිළිබදව විමසිල්ලෙන් සිටිය යුතුයි
බන්ධනාගාර නිලධාරීන්ව හිටවල පස් ගහන්න ඔන. හරියට බන්ධනාගාරයක්වත් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්න කථා කරනවා. අනේ ඇත්තට මේ වගේ පාලකයො
අපේ ජෙනරාල්තුමාට කළා වගේ ඇයි කොටින්ට නීති ක්‍රියාත්මක කරන්න බැරි?
පොඩි මිනිස්සුන්ට කරනවා වගේම කෝටි ගාණක සල්ලිත් එක්ක අත්අඩංගුවට ගන්න සමහර කට්ටියටත් විරුද්ධව නීති ක්‍රියාත්මක කරනවා නම් නේද හොද?