IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජංගම දුරකතනයෙන් මළ කොටියාට පණ පිඹින්න හදලා

කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ජේ සිරකුටියේ රඳවා සිටින කොටි රැඳවියන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන විසි එකක් සහ සිම් කාඞ් 14ක් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පීඨය හා විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කෝසල සේනාධීර මහතා අද (10) නියෝග කළේය. සංවිධානය යළි ගොඩනැගීම සඳහා එම ජංගම දුරකථන උපයෝගී කරගෙන දේශීය හා විදේශීය කොටි සාමාජිකයන් සමග එම රැඳවියන් සම්බන්ධතා පවත්වන බවට බන්ධනාගාර අධිකාරී ෂමිල් රන්ජන් ළමාහේවා මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුවිය.



අදහස් (0)

ජංගම දුරකතනයෙන් මළ කොටියාට පණ පිඹින්න හදලා

සම්පා Wednesday, 11 July 2012 12:40 PM

හිර ගේ ඇතුළෙම ඉවරයක් කරන්නයි තිබුණේ

:       0       0

ගොනා Tuesday, 10 July 2012 08:18 PM

මෙවා ඇතුලට ගෙනියනකන් සිංහල කොටි ටික බුදිනෙද?

:       0       0

නිරෝෂණ Tuesday, 10 July 2012 09:21 PM

මේවට වගකිවයුත්තෝ තවම ඕක ඇතුලේ යහතින් ඇති,සල්ලිදෙනවනම් මෙයාල මොනවද නොකරන්නේ........ඒවෙලාවට කොටිය,සිංහයා පෙන්නේ නෑනේ සාක්කුව පිරෙනවානම්....එකනේ ප්‍රාණඇපෙටත් ගත්තේ උන්දන්නවා අපේ උදවියගේහැටි.

:       0       0

Nishard Preena Wednesday, 11 July 2012 03:23 PM

දූෂිත නිලධාරීන් සිටින තාක්කල් මේවගේ දේවල් ඉදිරියටත් සිද්ධවේවි.

:       0       0

අභිලාෂිණි Wednesday, 11 July 2012 09:20 AM

නිරෝෂන්, ඔයාගේ කතාව නම් සහතික ඇත්ත

:       0       0

අමිල කටුනායක Tuesday, 10 July 2012 05:33 PM

ඕව ඇතුලෙම හදන්න ඇති. නැතිව එළියෙන් ගේන්න පුළුවං යැ....

:       0       0

ලලිත් Tuesday, 10 July 2012 04:54 PM

මේක සාමාන්‍ය දෙයක්.නමුත් වගකිව යුතු අංශ මේ දේවල් පිළිබදව විමසිල්ලෙන් සිටිය යුතුයි

:       0       0

රනයා Wednesday, 11 July 2012 09:48 AM

බන්ධනාගාර නිලධාරීන්ව හිටවල පස් ගහන්න ඔන. හරියට බන්ධනාගාරයක්වත් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්න කථා කරනවා. අනේ ඇත්තට මේ වගේ පාලකයො

:       0       0

වරුණ Wednesday, 11 July 2012 10:03 AM

අපේ ජෙනරාල්තුමාට කළා වගේ ඇයි කොටින්ට නීති ක්‍රියාත්මක කරන්න බැරි?

:       0       0

අචිනි Wednesday, 11 July 2012 11:05 AM

පොඩි මිනිස්සුන්ට කරනවා වගේම කෝටි ගාණක සල්ලිත් එක්ක අත්අඩංගුවට ගන්න සමහර කට්ටියටත් විරුද්ධව නීති ක්‍රියාත්මක කරනවා නම් නේද හොද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site