එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් පාඩම් රැසක් උගත් බව මෙරට තෙදින නිල සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් අද (2) පැවැසීය.
රුවන්ඩාව, ශ්‍රී ලංකාව හා ස්රෙබනීසා (බොස්නියන් යුද්ධයේ දී ස්රෙබනීසා නගරයේ සිදුවූ මුස්ලිම් ජන සංහාරය) හිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අසමත් වීම් නිසා මනුෂ්‍ය ජීවිත රැසක් අහිමි වූ බවත් ඉදිරි අනාගතයේ දී අසමත් නොවී මනුෂ්‍ය ජීවිත රැක ගැනීමට ඇප කැපවී කටයුතු කරන බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කීවේය.
කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති “තිරසර සාමයක් කරා - තිරසාර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම” යන තේමාව යටතේ පැවැති සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය කරමින් මූන් එම කරුණු කීවේය.
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම, තොරතුරු දැනගැනීමේ පනත, මානව හිමිකම් ආදී කරුණුවලදී ශ්‍රී ලංකාව ඉදිරි පියවර තබා ඇතැයි ද ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ආණ්ඩුවට පමණක් නොව ක්‍රියාකාරී සිවිල් සමාජයට ද එහි ගෞරවය හිමිවිය යුතු බව ද ඔහු කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දට පින්සිදුවෙන්න, හොද වෙලාවට අපි ඉස්සර වුනා (බ)
සමහරුන්ට නම් ඉතින් හරි සතුටු ඇති (නි)
මේ එක් කෙනෙකුටවත් පසුගිය රජය සහ රණවිරුවන් රට බේරාදීම ගැන අබමල් රේණුවක තරම්වත් තැකීමක් නැති හැටි. (නි)
ලංකාවේ සංහාරයක් වුණේ නැහැ. ත්රස්තවාදීන් විනාශ කළා විතරයි. මේක කියන්න ඔතන හිටිය කාටවත් බැරිවුණාද? (නි)
ඉඩම් සහ පොලිස් බලතල උතුරු නැගෙනහිරට නොදෙන තරමට අපිට හොඳයි. දුන්නොත් එදාට අපි කපෝතියි (නි)
ඒ අසමත්වීම ජාතියක් විදියට අපිට හොඳයි. එ්ක නිසා තමයි අපි ඔහෙලා ඔක්කොම මෙහෙම ඉන්නේ. නැත්නම් ඉතින් ...... ( හැබැයි මම මහින්දවාදියෙක් එහෙම නෙමෙයි ) (නි)
උගණ්ඩාව වගේ තිබුන රට ජනපති අතින් තවමත් හදනවා. දැන් තමයි ලෝක නායකයින් අපේ රටට එන්නේ. මහින්දගේ වශී බෝලෙට මත්වෙලා ඉන්න කට්ටියට දෙහිවත් කපන්නවෙයි. මහින්දට හිටියේ එක නායකයායි. ඒ උගන්ඩාවේ ජනපති. (නි)
මේ කියන විදිහට එල්ටීටීඊය හරිම අහිංසක සංවිධානයක්ද? (නි)
එතකොට එල්.ටී.ටී.ඊ එකේ මැරුනේත් බොස්නියාවේ මැරුන මිනිස්සු වගේ සාමාන්‍ය මිනිස්සුද? (නි)
මහත්තයෝ, රුවන්ඩා බොස්නියා වගේ වාර්ගික යුද්ධයක් නොමෙයි මෙහෙ තිබුනේ. රටෙන් කෑල්ලක් ඉල්ලලා මුළු රටම වනසපු මිනිමරුවෙකුයි ඔහුගේ හමුදාවයි විනාශකරලා රට බේරාගත් එක. (නි)
ලංකාවේ ගුණමකු මිනිසුන්ට මේවා සිහිපත් කරලා වැඩක් නැහැ. තමන්ගේ දුවාදරුවන් දෙමාපියන් යුද්ධය නිසා මැරුණත් ඊටවඩා අගෙයි තමන් අදහන දේශපාලකයන් කරන සියලුම දේවල්. (නි)
එතන හිටියේ බැන් කි මුන්ට කඩේ යන මිනිස්සු පමණයි, එහෙත් ලංකාවට ආදරේ කරන අයනම් නෙමෙයි, එකයි ලංකාවේ ජන සංහාරයක් වුනේ නැහැ කියලා නොකීවේ.(රේ)
අපෙන් පාඩම් ඉගෙන ගත්ත කියන්නේ උඹලා මොකුත් දැනගෙන හිටියේ නෑ කියන එක නේද?(රේ)
ඒ දවස් වල කොටි අහිංසක සිංහල මුස්ලිම් ගම්මාන වලට පැනලා ජන සංහාර කරද්දී මෙතුමා හිටියේ කොහෙද? (නි)
දැන් එතකොට ලිබියාවේ,සිරියාවේ,ඉරාකේ මෙය ඇති සාර්ථක වෙලා අති බහුතර ජීවිත ගණනාවක් බේරගෙන වෙන්න අැති කතා කරන්නේ (හේ)
දැන් මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වුණ අයි.එස්. සටන්කාමීන් ගැන වචනයක්වත් මෙතුමා කතාකරනවා මම දැක නැහැ. ඒ ගැන මෙතුමාගේ මතය කුමක්දැයි දන්නා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙනවද? (නි)