එක්සත් ජාතීන් නියෝජනය කරමින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්තෝ සහ වදහිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ.මෙන්දෙස් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව සිකුරාදා (29) දිවයිනට පැමිණෙන ඔවුන් දෙදෙනා මැයි 7 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. වදහිංසා පැමිණවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා 2010 වසරේදී ද මෙරට සංචාරයක නිරත වී ඇති අතර අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.
සංචාරය අතරතුර දී රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට ද උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ දකුණු පළාත්වල සංචාරය කිරීමට ද ඔවුන් සැළසුම් කර ඇත.
සංචාරයෙන් පසු ඔවුන් විසින් සකස් කරන ලද නිරීක්ෂණ වාර්තා 2ක් ලබන වසරේ මාර්තු සහ ජුනි හිදී ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරවලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd