ශ්‍රී ලංකාවේ තුන් දින නිල සංචාරය හමාර කරමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී අද පස්වරු 6.30 ට පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යයාලය දැන් වූවත් අද රාත්‍රී 6.55 වන විටත් එම සාකච්ඡාව ඇරඹුනේ නැත.
වෙලාවට වැඩ කිරීම ගැන ලොවටම ආදරශයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙලාවට වැඩ නොකරන බව ශ්‍රී ලංකාවේ දී පෙන්වා ඇතැයි මාධ්‍යවේදීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ වේලාවෙන්. ලංකාවේ මිනිස්සු වෙලාවට වැඩ කරන්නේ නැතිබව එතුමා දන්නවනේ. (නි)
ආ! එයා ශ්‍රී ලංකාවේ ක්‍රමයට හැඩගැහිලා ඇති (නි)
ලංකාවේ කෑම කාලා එයාට බඩේ අමාරුවක්වත් හැදිලද දන්නේ නැහැ (නි)
එයාටත් අර හිටපු නායිකාවකගේ ලෙඩේ බෝවෙලා වගේ. (නි)
ඒ මහත්මයාට ලංකා වෙලාවට සමහරවිට තාම හැඩගැසී නැතුව ඇති. මෙයට හේතුව ඔහුගේ කාලය වෙනස්වීම නිසා වෙන්න පුළුවන. ලංකාවේ සවස කියන්නේ නිව්යෝර්ක් වල උදේ පාන්දරය. (නි)
මේක එතරම් ගණන් ගතයුතු දෙයක් නොවේ, එයාගේ කාලසටහන දෙස බැලුවහම. (නි)
ඇයි ඒ මනුස්සයා කන්නෙ, බොන්න, නාන්නේ නැද්ද? කියන වෙලාවට වුණත් යන්නේ ඔය වැඩ කරගෙන නේද? (නි)
මාර වැඩක්නේ ලංකාවේ අපි නේද මේ කියන්නේ(රේ)
අර වෙලාවට වැඩ නැති අපේ එක්කෙනා හමුවෙන්න යන්න ඇති (නි)
අනේ මෙහෙම දේවල් වෙනකොට ආණ්ඩුවට දුක හිතෙයි. (නි)
රෝමයේදී රෝමන් වරුන් මෙන් වැඩ කරනු කියල කිව්වනේ.(රේ)
අහෝ! දෙවියෝ සාක්කි... (නි)
වෙලාවට වැඩ නොකළාට කමක් නැහැ, අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි නොගහා ඉන්නවා නම් ඒ ඇති. (නි)
ලංකාවේ කව්ද වෙලාවට වැඩ කරලා තියෙන්නේ (රේ)
එකත් එකටම අපේ පරණ නෝනා කෙනෙක් එතුමාට මුණගැහෙන්න ඇති. (නි)
ආ! ඔය තියෙන්නේ. තව ඉස්සරහට තව හොඳ දේවල් අහුවෙයි (නි)
අපේ හිටපු නායිකාවක් එයාගේ කාලේ හිටපු මහා ලේකම්ව පැය ගානක් රස්තියාදු කෙරෙව්වනේ. ඒ නිසා මෙයා හිතන්න ඇති දැනුත් ඒ නෝනා වැඩ පෙන්නන නිසා එයාගේ ගෝලයොත් පරක්කු වෙලා වැඩ කරනවා කියලා. (රේ)
මෙයා මේ කොරියාවේ හිටපු විදේශ ඇමති. ඉතින් මෙයාට ලංකාවේ වෙලාවයි නිව් යෝර්ක් වෙලාවයි පැටලෙන්න හේතුවක් නැහැ. නිතර ගම රට බලන්නත් ලෝකේ අනිත් රටවලටත් යනවානේ. එතකොට කියන තත්වය ඇතිවෙන්නේ නැහැ.(රේ)