IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජගත් ලේකම් බුරුලක් පෙන්නයි

මෙරට පශ්චාත් යුද සංහිඳියා ක්‍රියාවලිය සඳහා සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැමවිටම සැදී පැහැදී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා ප්‍රකාශ කළ බව මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටීවන් ඩුජාරින් පවසයි.

වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම ශ්‍රී ලංකාවේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය සඳහා පදනම වනු ඇති බව මහ ලේකම්වාරයාගේ අදහස යැයි ද ඔහු කියා සිටියේය.

ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව යාන්ත්‍රණයක් සැකසිය යුතු බවත්, එසේ යාන්ත්‍රණයක් සකසා නොමැති නම් වගවීමේ ක්‍රියාවලිය සඳහා දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීමට නව රජය ගන්නා පියවර ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අවධානයෙන් සිටින බවත් ප්‍රකාශක පවසා ඇත.



අදහස් (0)

ජගත් ලේකම් බුරුලක් පෙන්නයි

සඳුන් Friday, 13 February 2015 07:53 PM

දිල්ෂාන්, ඒ කියන්නේ මේ ප්‍රශ්න සහයෝගයෙන් විසදන්නත් පුලුවන් බවයි. "මාව විදුලි පුටුවට ගෙනයන්න යනවෝ" කියල ජනතාව ගොනාට අන්දන්න මේ ආණ්ඩුවට ඕන නැති බවයි. (ස)

:       0       0

ඇසිලින් Friday, 13 February 2015 11:43 PM

බුරුලක් පෙන්නුවා නම් ඇයි සමහරු තවමත් අඬන්නේ? (නි)

:       0       0

උදාර Sunday, 15 February 2015 12:17 AM

දැන් දිල්ශාන් කියන්නේ කාට ඕන විදියට වැඩ කරමු කියලාද ? ගෙදර ගිය ලොක්කන්ට ඕන විදියටද ?

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 03:31 AM

ඇමරිකාවේ මාද්‍ය ප්‍රකාශකත් සමාන දෙයක් කිවොත් දින 100 ගොඩ (නදී)

:       0       0

රණවක Saturday, 14 February 2015 04:37 AM

සංහිඳියාව, යහපාලනය ඉස්සරහට දා ගෙන කරන වැඩවල සැබෑ ප්‍රතිපලය දකිනකොට ප්‍රමාද වැඩියි. කපුටෝ නුඹ හරි ලස්සනයි කියල නරියත් කිව්වනේ. (නදී)

:       0       0

රමණි Saturday, 14 February 2015 05:59 AM

මහා ලේකම් දැන් බඩ විරේකය දීලා තියෙන්නේ. බුරුල් වෙලා යන්න විතරයි තියෙන්නේ. (අ)

:       0       0

දිල්ශාන් Friday, 13 February 2015 01:23 PM

එකියන්නේ මේ රටේ හතුරන්ට ඕන විදියට දැන් දැන් වැඩ කෙරෙන බවද? (අ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 February 2015 06:14 AM

මේකට තමයි මහතුනේ කියන්නේ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය කියලා. එහෙම නැතුව හැම දේකටම පොල්ල කෙලින් කරගෙන යන එක එතරම් හොඳ නැහැ. එ් නිසා තමයි අපිට හිතවත් හුඟක් රටවල් අපි එක්ක අමනාප උනේ. අපි නම්‍යශීලී වෙන්න ඕනෑ. අපේ අභිමානෙත් රැක ගෙන (නදී)

:       0       0

සුපුන් Saturday, 14 February 2015 07:06 AM

අපිට බුරුලක් දෙන්න අපේ හමුදාව මොන වරදක් කරලද? දරුණු ත්‍රස්තවාදය පරාජය කළාටද? මේ රට ලෝකෙන් කොන්වෙලා නැහැ. (නි)

:       0       0

යොහාන්‍ Friday, 13 February 2015 02:50 PM

මොකද දන්නෙ නැහැ එකපාරටම? (නි)

:       0       0

අානන්ද Friday, 13 February 2015 05:43 PM

ඇයි අපි හතුරු රටවල් ඇති කර ගන්නේ. අපි රුසියාව, චීනය, උතුරු කොරියාව වගේ රටක්ද? යුද්දයට කලින් අපි මුළු ලෝකෙම එක්ක මිතුරුව හිටියේ. අපි එක පැත්තකට ගැති වෙන්නේ ඇයි? සමහර අයට හැම තිස්සෙම සටන් කරන මානසිකත්වයක් තියෙන්නේ.(නදී)

:       0       0

සොපියා Friday, 13 February 2015 05:46 PM

මෙයාට වෙන වැඩක් නැද්ද ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී අපි ගැන හොයා හොයා ඉන්නේ (නදී)

:       0       0

උපාලි Friday, 13 February 2015 06:14 PM

ඔව් ඔව් දිල්ෂාන් ඔයාල වගේ අයට පේන විදිහට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site