මෙරට පශ්චාත් යුද සංහිඳියා ක්‍රියාවලිය සඳහා සහාය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැමවිටම සැදී පැහැදී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතා ප්‍රකාශ කළ බව මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටීවන් ඩුජාරින් පවසයි.
වගවීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම ශ්‍රී ලංකාවේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය සඳහා පදනම වනු ඇති බව මහ ලේකම්වාරයාගේ අදහස යැයි ද ඔහු කියා සිටියේය.
ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව යාන්ත්‍රණයක් සැකසිය යුතු බවත්, එසේ යාන්ත්‍රණයක් සකසා නොමැති නම් වගවීමේ ක්‍රියාවලිය සඳහා දේශීය යාන්ත්‍රණයක් සකස් කිරීමට නව රජය ගන්නා පියවර ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අවධානයෙන් සිටින බවත් ප්‍රකාශක පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිල්ෂාන්, ඒ කියන්නේ මේ ප්‍රශ්න සහයෝගයෙන් විසදන්නත් පුලුවන් බවයි. "මාව විදුලි පුටුවට ගෙනයන්න යනවෝ" කියල ජනතාව ගොනාට අන්දන්න මේ ආණ්ඩුවට ඕන නැති බවයි. (ස)
බුරුලක් පෙන්නුවා නම් ඇයි සමහරු තවමත් අඬන්නේ? (නි)
දැන් දිල්ශාන් කියන්නේ කාට ඕන විදියට වැඩ කරමු කියලාද ? ගෙදර ගිය ලොක්කන්ට ඕන විදියටද ?
ඇමරිකාවේ මාද්‍ය ප්‍රකාශකත් සමාන දෙයක් කිවොත් දින 100 ගොඩ (නදී)
සංහිඳියාව, යහපාලනය ඉස්සරහට දා ගෙන කරන වැඩවල සැබෑ ප්‍රතිපලය දකිනකොට ප්‍රමාද වැඩියි. කපුටෝ නුඹ හරි ලස්සනයි කියල නරියත් කිව්වනේ. (නදී)
මහා ලේකම් දැන් බඩ විරේකය දීලා තියෙන්නේ. බුරුල් වෙලා යන්න විතරයි තියෙන්නේ. (අ)
එකියන්නේ මේ රටේ හතුරන්ට ඕන විදියට දැන් දැන් වැඩ කෙරෙන බවද? (අ)
මේකට තමයි මහතුනේ කියන්නේ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය කියලා. එහෙම නැතුව හැම දේකටම පොල්ල කෙලින් කරගෙන යන එක එතරම් හොඳ නැහැ. එ් නිසා තමයි අපිට හිතවත් හුඟක් රටවල් අපි එක්ක අමනාප උනේ. අපි නම්‍යශීලී වෙන්න ඕනෑ. අපේ අභිමානෙත් රැක ගෙන (නදී)
අපිට බුරුලක් දෙන්න අපේ හමුදාව මොන වරදක් කරලද? දරුණු ත්‍රස්තවාදය පරාජය කළාටද? මේ රට ලෝකෙන් කොන්වෙලා නැහැ. (නි)
මොකද දන්නෙ නැහැ එකපාරටම? (නි)
ඇයි අපි හතුරු රටවල් ඇති කර ගන්නේ. අපි රුසියාව, චීනය, උතුරු කොරියාව වගේ රටක්ද? යුද්දයට කලින් අපි මුළු ලෝකෙම එක්ක මිතුරුව හිටියේ. අපි එක පැත්තකට ගැති වෙන්නේ ඇයි? සමහර අයට හැම තිස්සෙම සටන් කරන මානසිකත්වයක් තියෙන්නේ.(නදී)
මෙයාට වෙන වැඩක් නැද්ද ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී අපි ගැන හොයා හොයා ඉන්නේ (නදී)
ඔව් ඔව් දිල්ෂාන් ඔයාල වගේ අයට පේන විදිහට (නදී)