එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශී‍්‍රලංකාවේ සිදුව ඇතැයි චෝදනා නැඟී ඇති යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට සිදුකරගෙන යන අන්තර්ජාතික පරීක්ෂණයේ ගැටලූ රාශියක් ඇති බව ශී‍්‍රලංකා විදේශ අමාත්‍ය ජී.ඇල් පීරිස් මහතා පැවසීය.
ඊයේ (05) මෙම පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් හා ප‍්‍රධානිීන් සමග පැවති හමුවකදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා පරීක්ෂණයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් තම කණස්සල්ලද පළ කළේය.
පරීක්ෂණයේ ගැටලූකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිදුවීමක්ද ගෙනහැර දැක්වූ අමාත්‍යවරයා පසුගියදා අත්අඩංගුවට ගැනුනු සින්නතම්බි කි‍්‍රෂ්ණරාශා නම් පුද්ගලයෙකු සතුව තිබී සොයාගත් යුද්ධයෙන් අවතැන් වූ පුද්ගලයින්ගේ අත්සන් පමණක් සටහන්ව තිබූ හිස් කොළ තොගයක් පිළිඹද කළ පරීක්ෂණයේදී ඒවා එක්සත් ජාතීන්ගේ අනුදැනුම මත එකතු කෙරී ඇති බවද එසේ හිස් කොළවලට අත්සන් ලබා දෙන්නේ නම් එම පුද්ගලයින්ට මුදල් ලබාදෙන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය පොරොන්දු දී ඇති බවද අනාවරණවූ බව කීය.
ජාතික හැදුනුම්පත් හා මරණ සහතික පවා මුදලට මිලදී ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ දරා ඇතැයි හෙළිව තිබෙන බවද ජී.ඇල් පීරිස් මහතා පැවසීය.
යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින්නවුන්ගේ දුක විකුණාගෙන කෑමට තරම් එක්සත් ජාතීන්ගේ සංවිධානය පහළට වැටී තිබෙන්නේදැයි අමාත්‍යවරයා හමුවට සහභාගීව සිටි නියෝජිතයින්ගෙන් විමසීය.
තවද පුවත්පතකින් පැවසුණු අන්තර්ජාතික පරීක්ෂණය සිදුකෙරෙනා කාලයේ දිගුවක් සිදුකර ඇතැයි යන්න පිළිඹදවද සඳහනක් කළ අමාත්‍යවරයා කාල දිගුවක් සිදුකිරීමේ කිසිත් වරදක් නොමැති වුවත් එය සිදුකර ඇති ආකාරයේ කිසිඳු විනිවිද භාවයක් නැතැයි චෝදනා කළේය.
උතුරු පළාත් සභාවේ මන්තී‍්‍රවරයෙකු වන ආනන්දි ශාස්ත‍්‍රීයන් කාල දිගුවකට ඉල්ලීමක් කළ සැණෙන් එය කි‍්‍රයාත්මක කිරීමට එක්සත් ජාතිීන්ගේ සංවිධානය කටයුතු කිරීමෙන් පරීක්ෂණය සිදුවන්නේ කාගේ වුවමනාවන් පිරිමසන්නටදැයි හොදින්ම පැහැදිලි වන බව ඔහු කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වැන්නක් මෙවැනි කිසිදු වෘත්තීමය භාවයකින් හා වගකීමකින් තොරව හැසිරීම ගැන අමාත්‍යවරයා තම විමතිය පළ කර සිටියේය.
පරීක්ෂණය සිදුකිරීමට ලංකාවට පැමිණීමට අවශ්‍ය නැතැයිද විදේශයන්හි වෙසෙනා ශී‍්‍රලංකා දෙමළ ජාතිකයින්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකියැයිද පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් පවසා සිටියද එම තොරතුරු ලබා ගැනෙන්නේ කෙසේද? කවර දිනයන්හීද? ආදිය ගැන කිසිදු සදහනක් නොමැති වීමත් මහත් ගැටලූකාරී තත්ත්වයක් ඇති කරනා බව ඔහුගේ අදහස විය.මෙවැනි දේ වලින් මේ පරීක්ෂණය ලංකාවට නිගරු කිරීමට කැස කවමින් සිටින්නන්ගේ අවියක් බවට පත්වීම නොවැළැක්විය හැකිවනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
රටේ කටයුතු සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි යැයි එදා පැවසූ මතයේම අදත් සිටින ශී‍්‍රලංකාව එසේ වුවත් එවැනි පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය වන පාර්ශවයන් අඩුම තරමේ එය සාධාරණව,අපක්ෂපාතීව,මනා විනිවිද භාවයකින් යුතුව සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ජී.ඇල් පීරිස් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔය කියන විනිවිද භාවය මෙහෙ තියනවද? (ර)
අප කොතනද සිටින්නේ.? ඔවුන් කොතනද සිටින්නේ.? අපේ විදේශ ඇමතිවරයා කර ඇති විග්‍රහය තුළින් එය මනාව පැහැදිළි කොට ඇත. අතිසාරේට අඹුඩ ගහන්නා සේ එක්සත් ජාතීන්ගේ සංගමය කරන කුඩුකේඩු ක්‍රියාවන් ගෙන් අප රටට අවමන් සිදුවෙනවා. මේ ගැන දැවැන්ත ප්‍රචාරයක් ගෙනයාම තුළින් අපේ රටේ හොඳ නම රැක ගන්නට හැකිවේවි. එය කළ හැක්කේ රටට වින කරන කොටි වල්ගවාදින්ට නොව රටට ආදරය කරන සබැ දේශප්‍රේමී ජනාධිපතිතුමාට පමණය. (ර)
ලංකාවේ ඉන්න අනෙක් දෙමළ කට්ටිය මොනවද දන්නේ නැහැ කියන්නේ මේවා ගැන නේද? (අ)
ලෝකය එකමුතු නම් ඔය කවුරුත් වැඩිය දඟලන්නේ නැහැ. ඔවුන්ගේ එයට තිබෙන බිය නිසයි සෑම රටකම බේද ඇති කිරීමට කැසකවන්නේ. ලෝකයේ රටවල් 100ක් එක කෙළින් මතයක සිටියොත් ඕනෑ කෙනෙක් දණ ගැස්සවීමට හැකියාව ඇත. (නි)
එතුමා කිව්වා නම් හරියටම හරි ඇති, කිරිගහට ඇන්නා වගේ. (නි)
අපේ ඇමතිතුමා අපිව බේරාගන්නා බව අපිට විශ්වාසයි (නි)
යුඑන්ඕ එක ඇමරිකන් ඉත්තෙක් .අතීතය ඔප්පුකර තිබෙනවා. කොහොමහරි ලංකාව අල්ලා ගැනීමයි ඔවුන්ට අවශ්‍ය . (හේ)
ඇමතිතුමාගේ බර ඉංග්‍රීසි පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් හා ප‍්‍රධානින්ට හරියට තේරුනාද දන්නේ නැහැ. (ර)
අනේ මේ එයාලට ඕන එකක් කරගන්න කියන්න. අපිට මේ උදාවූන සාමය පලුදුකරන්න මාන බලන ඔය ඩොලර් කාක්කන්ගේ වාර්තා සත පහකට විස්වාසයක් නැති බව මේ කුඩම්මාගේ සැලකිලි වලින්ම පේනවනේ. (ර)