එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට එල්ලවී ඇති චෝදනාවල දැඩි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයට වඩා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළ අඩුවී ඇතැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ශ්‍රීලනිප පක්ෂ කාර්යාලයේදී අද (1) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද පස්වරුවේ රැස්වන පක්ෂ කාරක සභාවේදී තීරණය කරන බව ඔහු කීවේය. එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නම් මෙරට නීතිය කණපිට හැරවීමට සිදුවන බවද එහිදී නිමල් සිරිපාල මහතා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඉතින් දැන් මොකක්ද කරන්න යන්නේ? (නි)
බලමු බලමු... (නි)
ඒ කියන්නේ නීතිය කණපාට ගහනවද? (නි)
අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
පෙරළුන පිට හොඳා කිව්වලු. (අ)
විදේශීය විනිසුරුවන් ඇතුළු කණ්ඩායමක් එන්නේ මෙම කටයුත්ත නිරීක්ෂණය කරන්න නම් මොනවට බයවෙනවද? ඔය හැම මැතිවරණයකටම එන්නේ ඔය කියන විදේශීය නියෝජිතයෝ. මොනවද වුණේ? (නි)
කාටද පිස්සු?(හේ)
අවුලක් නැහැ..අපි ඔයාලවත් ලැබෙන පළමු අවස්ථාවේදීම කණපිට ගස්සනවා කල පවා දීමට සහ ද්‍රෝහී කමට....එතකොට දෙක මැච් වේවි හරියට..(අ)
ඇමෙරිකාවම ලෙවකනවා (අ)
දැන් හැමෝටම ජිනීවා තමයි ප්‍රශ්නය! (නි)
දැන් ඔක්කොම කණපිට තමා. (නි)
නොගැළපෙන මිනිසුන් ඊළඟ ඡන්දෙදී ගෙදරම යවා, බින්දුවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැරි නම් කුමක් හෝ ආදේශක ප්‍රබල විපක්ෂයක් පත්කරගත යුතුයි. කොහොමත් තව අවුරුදු 4 ක් යද්දී ඔක්කොම ගානට හැදේවි. මොනවා කරන්නද අපි ශ්‍රී ලංකාව දියුණු කරගනිමු. (නි)
හයිබ්‍රිඩ් වචනය ගැනනේ අපේ කට්ටිය බයවුණේ. දැන් ඒ වචනය අයින් කරලානේ. දැන් ඉතින් හයිබ්‍රිඩ් වචනය ගැන බයවෙන්න ඕනෑ නැහැ. (නි)
දේශීය පරීක්ෂණයක් යටතේ කටයුතු කිරීමට අගමැතිතුමා සපථ කරනවා නම් ඇයි අපි සැකයෙන් බලන්නේ. යහ පාලන රජය ඉතාමත් සැලකිල්ලෙන් ලෝක නායකයින් දිනා ගනිමින් සිටිනවා. එය ගැතිවිමක් නොව හොඳ හිත දිනාගනිමක්. (බ)
හොඳයි අපි බලමුකෝ (නි)
මානව හිමිකම් පමණක් නොවේ ගැටලුව. (ර)
ඊළඟ පළාත් සභා ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය වලපල්ලට තමයි.
අනේ මන්දා මෙහෙමත් නාටක (අ)
තව පාරක් කියන්න බලන්න. (අ)
දැන් මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි.(හේ)
අවුරුදු ගානක් කාපු එකක් මැජික් එකෙන් වෙනස් කරන්න බෑ ඉස්කෝලේ යන පොඩිඋන් කියන කතා කියන්න එපා. ප්‍රවෘත්ති සාකච්ඡා තියල නිකන් බොලද වැඩ කරන්න එපා. (බ)
ගරු ඇමතිතුමනි, ජීවන වියදම දරාගන්න බැහැ. ජිනීවා කිව්වට බඩ පිරෙන්නේ නැහැ. විදේශ රටවල ලියාපදිංචි වෙච්ච ගොවීන්ට පොහොර, බීජ නොමිලේ ලබා දෙනවා. ගොවි උපරකන යන්ත්‍ර සුත්‍ර ඉතා අඩු නාමික මිලකට කුලියට දෙනවා. මේ නිසා විදේශ රටවල ගොවීන්ට ශ්‍රමය ඇරුණු විට නිෂ්පාදන වියදමක් ඇත්තෙම නැහැ. මේ නිසා පාරිබෝගික ආහාර මිල ඉතා අඩුයි. ගොවියොත් හොදින් ලාබ ලබනවා. අපේ රටෙත් මෙවැනි අනවශ්‍ය වියදම් අඩු කලොත් මෙවැනි හාස්කම් කරන්නට පුළුවන්. (ර)
හයිබ්‍රිඩ් වචනේ අයින් කළා වෙනුවට විදේශීය විනිසුරුවරු . මොකද අපේ විනිසුරු වරු විශ්වාස නැනේ. (බ)