IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ජගත් යෝජනා නිසා නීතිය කණපිට ගහන්න වේවි‘

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට එල්ලවී ඇති චෝදනාවල දැඩි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයට වඩා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය තුළ අඩුවී ඇතැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා අද ශ්‍රීලනිප පක්ෂ කාර්යාලයේදී අද (1) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අද පස්වරුවේ රැස්වන පක්ෂ කාරක සභාවේදී තීරණය කරන බව ඔහු කීවේය. එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නම් මෙරට නීතිය කණපිට හැරවීමට සිදුවන බවද එහිදී නිමල් සිරිපාල මහතා සඳහන් කළේය.

slfp_201510012 slfp_2015100122



අදහස් (0)

‘ජගත් යෝජනා නිසා නීතිය කණපිට ගහන්න වේවි‘

නේහා Thursday, 01 October 2015 11:36 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඉසුරු Thursday, 01 October 2015 09:08 PM

ඉතින් දැන් මොකක්ද කරන්න යන්නේ? (නි)

:       0       0

ශාන්ත Thursday, 01 October 2015 12:15 PM

බලමු බලමු... (නි)

:       0       0

නිහාල් Friday, 02 October 2015 12:13 AM

ඒ කියන්නේ නීතිය කණපාට ගහනවද? (නි)

:       0       0

කිත්සිරි Friday, 02 October 2015 12:40 AM

අපි බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 01 October 2015 12:42 PM

පෙරළුන පිට හොඳා කිව්වලු. (අ)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 02 October 2015 01:29 AM

විදේශීය විනිසුරුවන් ඇතුළු කණ්ඩායමක් එන්නේ මෙම කටයුත්ත නිරීක්ෂණය කරන්න නම් මොනවට බයවෙනවද? ඔය හැම මැතිවරණයකටම එන්නේ ඔය කියන විදේශීය නියෝජිතයෝ. මොනවද වුණේ? (නි)

:       0       0

ආනන්ද Thursday, 01 October 2015 01:03 PM

කාටද පිස්සු?(හේ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 01 October 2015 01:08 PM

අවුලක් නැහැ..අපි ඔයාලවත් ලැබෙන පළමු අවස්ථාවේදීම කණපිට ගස්සනවා කල පවා දීමට සහ ද්‍රෝහී කමට....එතකොට දෙක මැච් වේවි හරියට..(අ)

:       0       0

කුමාර් Thursday, 01 October 2015 01:19 PM

ඇමෙරිකාවම ලෙවකනවා (අ)

:       0       0

කුමාර Friday, 02 October 2015 02:56 AM

දැන් හැමෝටම ජිනීවා තමයි ප්‍රශ්නය! (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 01 October 2015 02:00 PM

දැන් ඔක්කොම කණපිට තමා. (නි)

:       0       0

මහානාම - කඳාන Thursday, 01 October 2015 02:51 PM

නොගැළපෙන මිනිසුන් ඊළඟ ඡන්දෙදී ගෙදරම යවා, බින්දුවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැරි නම් කුමක් හෝ ආදේශක ප්‍රබල විපක්ෂයක් පත්කරගත යුතුයි. කොහොමත් තව අවුරුදු 4 ක් යද්දී ඔක්කොම ගානට හැදේවි. මොනවා කරන්නද අපි ශ්‍රී ලංකාව දියුණු කරගනිමු. (නි)

:       0       0

මහානාම - කඳාන Thursday, 01 October 2015 02:59 PM

හයිබ්‍රිඩ් වචනය ගැනනේ අපේ කට්ටිය බයවුණේ. දැන් ඒ වචනය අයින් කරලානේ. දැන් ඉතින් හයිබ්‍රිඩ් වචනය ගැන බයවෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 05:41 AM

දේශීය පරීක්ෂණයක් යටතේ කටයුතු කිරීමට අගමැතිතුමා සපථ කරනවා නම් ඇයි අපි සැකයෙන් බලන්නේ. යහ පාලන රජය ඉතාමත් සැලකිල්ලෙන් ලෝක නායකයින් දිනා ගනිමින් සිටිනවා. එය ගැතිවිමක් නොව හොඳ හිත දිනාගනිමක්. (බ)

:       0       0

කෝලිත Thursday, 01 October 2015 03:55 PM

හොඳයි අපි බලමුකෝ (නි)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 09:51 AM

මානව හිමිකම් පමණක් නොවේ ගැටලුව. (ර)

:       0       0

අනිල් Thursday, 01 October 2015 10:05 AM

ඊළඟ පළාත් සභා ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය වලපල්ලට තමයි.

:       0       0

සම්පත් සිරි Thursday, 01 October 2015 10:08 AM

අනේ මන්දා මෙහෙමත් නාටක (අ)

:       0       0

ධම්ම Thursday, 01 October 2015 10:10 AM

තව පාරක් කියන්න බලන්න. (අ)

:       0       0

චානුක Thursday, 01 October 2015 10:37 AM

දැන් මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි.(හේ)

:       0       0

ආදිල් Thursday, 01 October 2015 03:56 PM

අවුරුදු ගානක් කාපු එකක් මැජික් එකෙන් වෙනස් කරන්න බෑ ඉස්කෝලේ යන පොඩිඋන් කියන කතා කියන්න එපා. ප්‍රවෘත්ති සාකච්ඡා තියල නිකන් බොලද වැඩ කරන්න එපා. (බ)

:       0       0

සම්පත් Thursday, 01 October 2015 10:55 AM

ගරු ඇමතිතුමනි, ජීවන වියදම දරාගන්න බැහැ. ජිනීවා කිව්වට බඩ පිරෙන්නේ නැහැ. විදේශ රටවල ලියාපදිංචි වෙච්ච ගොවීන්ට පොහොර, බීජ නොමිලේ ලබා දෙනවා. ගොවි උපරකන යන්ත්‍ර සුත්‍ර ඉතා අඩු නාමික මිලකට කුලියට දෙනවා. මේ නිසා විදේශ රටවල ගොවීන්ට ශ්‍රමය ඇරුණු විට නිෂ්පාදන වියදමක් ඇත්තෙම නැහැ. මේ නිසා පාරිබෝගික ආහාර මිල ඉතා අඩුයි. ගොවියොත් හොදින් ලාබ ලබනවා. අපේ රටෙත් මෙවැනි අනවශ්‍ය වියදම් අඩු කලොත් මෙවැනි හාස්කම් කරන්නට පුළුවන්. (ර)

:       0       0

මහානාම -කඳාන Thursday, 01 October 2015 04:13 PM

හයිබ්‍රිඩ් වචනේ අයින් කළා වෙනුවට විදේශීය විනිසුරුවරු . මොකද අපේ විනිසුරු වරු විශ්වාස නැනේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site