එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ අද (01) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
ජානිපෙ නියෝජ්‍ය සභාපතිවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර හා සබරගමු පළාත් සභා මන්ත්‍රී දීපාල් ගුණසේකර ඇතුළු පිරිසක් විරෝධතාවයට එක් වී සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ජානිපෙ සැබෑ ඡන්දදායක සංඛ්‍යාව පේනවා නේද සූ ගාලා. මේකද මහින්ද මහත්තයා වටේ කැරකෙන එකේ රහස. (නි)
සහතික ඇත්ත. මොහු නම් අපිට එපා. මෙයා තමයි අපිට විරුද්ධව නම් නැති සාක්කිත් බාරගත්තේ (නි)
කෝ අපේ ලොකු මහත්තතයා? සංදේශය බාරදෙන්න ගිහින්ද? (නි)
ඔය ඉන්නේ සෙනඟ සූ ගාලා (නි)
සිංහලෙන් බෝඩ් අල්ලගෙන හිටියට එයාට ඕවා කියවන්න තේරෙනවද? (නි)
ජානිපෙ පමණක් නොව සිංහලයාට, සිංහලයාගේ අනාගතයට ආදරය කරන හැම කෙනෙකුම බෑන් කී මූන්ට පමණක් නොව සිංහලයාට විනකරන හැම බලවේගයකටම විරුද්ධ වියයුතුය. (නි)
විරෝධයට පිළිතුර කුමක්වේද? (නි)
මහලේකම්තුමා කොටුවේ දුම්රියපොළ පැත්තට එන්නේ නැහැ නේද? (නි)
අම්මෝ! ඉන්න සෙනඟ කන්දරාව (නි)
රුවනට ඉංග්‍රීසි කියවන්න බැරිවුණාට ඔය ඉන්නේ ඉංග්‍රීසියෙන් ලියපු බෝර්ඩ් අතේ තියාගෙන. (නි)
කෝ මේ විමල් මහත්තයා? මේ පාර උපවාසයක් කරන්නේ නැද්ද? පුදුම සෙනඟක්නේ. මනාප ලක්ෂ තුනම ඇවිල්ලා..... (නි)
කෝ අර ඔය පක්ෂයේ සුඛෝපභෝගී නායකයා? සෑහෙන පිරිසක් ඉන්න බව පේනවා (නි)
කෝ ලොකු මහත්තයා මේකට ඇවිල්ලා නැහැනේ (නි)
අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා නටන නාඩගං නිසා දැන් නම් අපටත් සැක හිතෙනවා හාමුදුරුවන් අතරේ බෞද්ධයින් ඉන්නවාද කියලා. (බ)
ලොක්ක හැංගිලා වගේ, එයාට තිබුනනේ පොඩි සද්දයක් දාල උපවාසයක් පටන්ගන්න, මිනිස්සුන්ට නොපෙනෙන්න කෑම ටිකක් කාලා, තවත් ලෝකය වෙනස් කරන්න හා මිනිස්සු රවටන්නේ නැතුව ඇත්ත ඇති හැටිය තේරුම් අරගෙන ඉන්න (බ)
දැන් සංදේශ බාරදෙනවා හවසට සියලුම දෙනාම තේ බොනවා එකට වාඩිවෙලා විහිළු කර කර .මෙයාලා නියම අය (බ)
ජයවේවා උද්ඝෝෂණයට! (නි)
ඔබලාගේ උත්සාහයට ජාතියේ ප්‍රණාමය! (නි)
මෙය සැරේ මාරාන්තික උපවාසයක් කරන්නේ නැත්තේ මගේ හිතේ තැඹිලි වතුර දෙන්නේ කෙනෙක් නැති නිසාද. (හේ)
කුණු කසල පිරුණූ දේශපාලන අසුචි වළේ දඟකවන්නේ නැතුව, බැතිමතුන් සැදැහැයෙන් දෙන සිවුපසය වළදා, අෂ්ට පරිස්කාර පිළිගෙන, නරකද හාමුදුරුවනේ ගරුනම්බු ඇතුව මඟඵල නිරෝධය පිණිස වෙර දැරුවා නම්. (නි)
මොවුන්ගේ ලොක්කා කෝ? තවමත් රජ සැප. අනේ මෙහෙම තණ්හාවක් ! (නි)
අර මහා ලොකුවට කෑගහන ආණ්ඩු පෙරළන්න කතාකරන මහා ජනකායද මේ? දැන් තේරෙනවද මෙයාලා දිනුවේ කාගේ ඡන්ද වලින්ද කියලා. ඔය විකල්ප කණ්ඩායමට රිංගලා කරන්නේ මෙයාලා බොර දියේ මාලු බාන එක. (නි)
නියමයි. ජයවේවා! (නි)
කෝ මේ අපේ විමල් ඇමතිතුමා? කොහෙට වුණාද? (නි)