ජාතික සංවිධාන එකමුතුවේ සභාපති අක්මීමන දයාරතන සහ රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරු අද (31) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට පෙත්සමක් බාරදුන්හ.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවන ලෙසට ජාත්‍යන්තරයට බල කරමින් එම විරෝධතා පෙත්සම එම කාර්යාලය මගින් මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්ට බාර දුන් අතර ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරු ද ඒ හා සමාන පෙත්සමක් ජගත් මහ ලේකම්වරයාට බාර දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ආයෙමත් වැඩ පටන් අරගෙන වගෙයි. (නි)
දැන් ඕවා බාරදුන්නා කියලා ඇති වැඩේ මොකක්ද? (නි)
කෝ යුද්ධ කාලේ මෙයාලා කොහේද හිටියේ? (නි)
ආ! මේ අහවලාත් රිංගලා තියෙන්නේ මෙතනට ලකුණු දාගන්න. (නි)
මේ බෑන් කී මූන්ලාට කවුරුහරි සිදුවූ ඇත්ත දේ පැහැදිලිකර දිය යුතුයි. (නි)
අපේ මෝඩයින්ට මේවා තේරෙන්නේ නැහැ. එදා පුජ්‍ය පක්ෂය හිටියේ නැත්නම් අද ලංකාවේ සිංහල ජාතියක් අපට නැහැ. මේ කියන දේ හරියටම හරි. ඒ කාලේ ඔය මිනිස්සු කොහෙද හිටියේ? (නි)
සරත්, ඔබ කියන ‘මේගොල්ලෝ‘ වගේ අය මේ රටේ නොහිටියා නම් අද ‘සරත්‘ කියන සිංහල නමින් පෙනීසිටින කෙනෙක් නොසිටින්නත් තිබුනා. එදත් අදත් සිංහලයේ අයිතිය වෙනුවෙන් සටන් කළේ ඔබ හඳුන්වන ඔය කහ සිවුරුධාරීන් තමා. (නි)
අශාන්, දැන් නැති විෂයක් ගැන කතා කරන්ඩ එපා. විදේශ ආධාර ගිය වසරේ ඩොලර් මිලියන 100 ටත් යටයී. විදේශ ණය ඩොලර් බිලියන 5 කටත් වැඩි. අරාබියේ සිටින අපේ අම්මල තාත්තල අය්යල මල්ලිලා නංගිලා අක්කලා අපිට ඩොලර් බිලියන 7 ක් එව්වා. එකයී ඇත්ත. (බ)
දින දෙකක මාරාන්තික උපවාසයක් කළොත් නරකද අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ නායක තුමා වගේ (බ)
සරත්, රටේ සාරධර්ම එදා සහ අද රැකී තිබෙන්නේ කා නිසාද? උන් වහන්සේලා නැත්නම් ලංකාවත් එක්තරා සෝමාලියාවක් තමා. (නි)
ලෝක පොලිස්කාරයාගේ නිල මුද්‍රාව අපි හොඳින් හඳුනමු (නි)
මේ ගොල්ලන්ට වෙන වැඩක් නැද්ද . පන්සලට වෙලා ඉන්නේ නැතුව . මේවගේ අය නිසා ජැටියේ නමත්ට කැත වෙනවා (බ)
සරත් ඔය ඇවිල්ලා ඉන්න මහත්තයගෙනුත් අහන්නකො ලෝකේ යන්න වෙන රටවල් නැද්ද කියලා. හැමදාම අපේ රට රැකුණේ පුජ්‍ය පක්ෂයේ මගපෙන්වීමෙන් තමයි. (බ)
විදේශ ආධාරත් නොදී ඉන්න කියුවනම් හොදයි නේද හාමුදුරුවනේ. එතකොට අපිටත් පුළුවන් සෝමාලියාව වගේ දියුණු රටක් ගොඩනගන්න (බ)
අපිට මෙයාලගේ උදවු වලින් ඵලක් නැහැ (නි)
බලමුකෝ මෙයා මොකද කරන්නේ කියලා (නි)
අශාන් බැන්කි මූන් එන්නේ විදෙස ආධාර බෙදන්න නම් ප්‍රශ්නයක් නෑ.(හේ)