තෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේක්ම් බැන් කී මූන් මහතා අගෝස්තු 31 වැනි දා දිවයිනට පැමිණීමට නියමිතය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන , අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ,විපක්ෂ නායක ආර්.සම්පන්දන් යන මහත්වරුන් ඇතුළු රජයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හමුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාදේව, කැබිතිගොල්ලෑව, අරන්තලාව කියන්නේ තහනම් වචනනේ. ඒ තියා පිටකොටුවේ සහ මහා බැංකුවේ බෝම්බ පුපුරවලා මිනීමරපු දේවලුත් දැන් අමතකයිනෙ. (නි)
අපේ රට අමතක කරන්නම බැහැ වගේ (නි)
මෙයාලා මේ එන්නේ අපිට ආදරේකට නම් වෙන්න බැහැ (නි)
ඇවිත් ගියාට පස්සේ තේරෙයි ආවේ මොකටද කියලා (නි)
බෑන් කී මූන් විශ්‍රාම යන්න කලින් අපිව බලලා කියලා, උතුරට ඕනෑකරන ඒවා ඉල්ලලා දීලා, ටටා කියලා යන්න එනවා ඇති. (නි)
අනිවාර්යෙන්ම උතුරු රටේ නායකයින් හමුවෙන්න උතුරටත් යයිනේ. ඇයි එයාලගේ නම් මේ ලිස්ට් එකේ නැත්තේ? (ම)
මෙයාලට අපේ දුකසැප නොබලා ඉන්නම බැහැ වගේ (නි)
අනේ අම්මෝ! අර ඕස්ට්‍රේලියාවේ පොලිසියෙන් අපි ගැන හොයන එක ගැන විතරක් අහන්න එපා. (නි)
මේ උතුමන් ඇමරිකාවට සහ බටහිර රටවලට කඩේ යනවා. අපි වගේ පොඩි රටවලට තර්ජනය කරනවා. (රේ)
ඇවිත් යාපනේ ගිහින් ලංකාවට විරුද්ධව මොනවා හරි කියන්න හදනවා ඇති (රේ)
අපි යෝජනා කරනවා අපේ ජනාධිපති තුමාට, මෙතුමාව \'කැබිතිගොල්ලාවටයි\' \'අරන්තලාවටයි\' වත් අඩුගානේ එක්කයන්න කියල. මෙතුමා උතුරටත් යනබව දැනගන්න ලැබුන. (රේ)
අලුත් ව්‍යවස්ථාවක් කියල ලංකාවේ ඒකීය භාවයට හානි කරන්නද දන්නේ නැහැ. (රේ)
මෙයාට කියලවත් රජයට කියමුද පළාත් පාලන සභා චන්දය පවත්වන්න කියලා. දෙමළ සන්දානය එතුමා තුලින් වැඩ කරගන්නවා. (රේ)
මෙතුමා අපේ රටටත් සමහරවිට කැමති ඇති. ඒත් හරියටම තත්ත්වය දන්නෙ නැහැ
ඔන්න අපේ දේශප්‍රේමීන්ට මාරාන්තික උපවාසයක නිරතවෙන්න හොඳ අවස්ථාවක් (නි)
මෙයාව මහ ඉහළින් පිළිගනීද මන්දා? (නි)