IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජගත් මහ ලේකම් ලංකාවට එයි

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මේ වසරේ ශ්‍රී ලංකාවට එතියි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.

ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරය අමතමින් ඔහු මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන සියලු දෙනාට රටට පැමිණ සංචාරය කරන්නැයි ද ශ්‍රී ලංකාවට විවිධ චෝදනා එල්ල කරන පාර්ශවවලටද රට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය බැලිය හැකි යැයි ද මංගල සමරවීර මහතා එහිදි කීවේය.

යහපත් අරමුණුවලින් එල්ල කරන චෝදනා හා විවේචන බාරගන්නා බවත් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් සියලු පාර්ශව කරන යෝජනා හා චෝදනා බාරගන්නා බව ද අමාත්‍යවරයා පවසා ඇත. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්ෂිකව වාර්තාවට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව දැන් විවෘත රටක් යැයි ද වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් හා විශ්වාසයෙන් කටයුතු කරන බව ද සමරවීර මහතා පැවැසීය. 

 



අදහස් (0)

ජගත් මහ ලේකම් ලංකාවට එයි

අනුරාධ Saturday, 02 July 2016 02:40 AM

තව අවුරුදු ගණනකින් වෙන දේ මට නම් දැන්මම කියන්න පුලුවන් (නි)

:       0       0

ප්‍රේමරත්න Friday, 01 July 2016 01:04 AM

රටකට ගිය කලක්! ශ්‍රීලාල් කියනවා වගේ අරාබියේ අපේ කාන්තාවන්ට කරන වදහිංසා පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

ශ්‍රීලාල් Thursday, 30 June 2016 01:58 PM

බොහොම හොඳයි. මැද පෙරදිග ඉන්න අපේ කාන්තාවන්ට කෙරෙන මානුෂික අයිතිවාසිකම් කඩවීම්, ඔවුන් ලබන අමානුෂික දඬුවම් ඔහුට පෙන්නා දෙන්න.මොහුට පුළුවන් අඩුගණනේ මේවා තේරුම් අරගෙන විරුද්ධ ප්‍රකාශයක් හරි කරන්න. ලංකාවේ ඉන්න නායකයෝ වගේම මෙයත් අරාබියට බයයි තමයි. පොඩ්ඩක් අහල බලමුකෝ !!! (බ)

:       0       0

නාරද Thursday, 30 June 2016 04:05 PM

ඕවට කියන්නේ අහකයන නයි ඔඩොක්කුවේ දාගන්නවා කියලා (නි)

:       0       0

අයිරාංගනී Thursday, 30 June 2016 06:35 PM

මහත්තයො, ඔයා අහලා දැකල තියෙනවාද මීට කලින් එක වතාවක් හරි ඒ වගේ ප්‍රශ්නයක් ගැන කතාකරනවා. මෙයාලා කවුරු ආවත් එන්නේ මුලින්ම උතුරට යන්න බලාගෙන. ඒ ගිහින් ඇවිල්ලා තමයි කතාව පටන් ගන්නේ. වෙනදා වගේම මේ ගමනත් මොකද වෙන්නේ කියලා අපි බලා ඉඳිමු. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 30 June 2016 06:53 PM

ශ්‍රී ලංකාව දැන් විවෘත රටක් බව ලෝකෙට කියන එක හොඳයි. එ්ත් රට සිව්කොනේ දොරටු විවෘත කළ සෙනවිවරු ප්‍රධාන රණවිරුවෝ අමතක කළොත් නම් කාටවත් යහපතක් වෙන එකක් නැහැ. (නි)

:       0       0

පුෂ්ප Thursday, 30 June 2016 10:05 PM

වගකිවයුතු මහත්වරුන්ට බිම දිගාවෙලා ඉල්ලන්න වෙයි අපේ රටට කරදර කරන්න එපා කියලා. කවුරු කවුරුත් පාඩම් ඉගෙනගෙන වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 503 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site