එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මේ වසරේ ශ්‍රී ලංකාවට එතියි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරය අමතමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කරන සියලු දෙනාට රටට පැමිණ සංචාරය කරන්නැයි ද ශ්‍රී ලංකාවට විවිධ චෝදනා එල්ල කරන පාර්ශවවලටද රට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය බැලිය හැකි යැයි ද මංගල සමරවීර මහතා එහිදි කීවේය.
යහපත් අරමුණුවලින් එල්ල කරන චෝදනා හා විවේචන බාරගන්නා බවත් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය වෙනුවෙන් සියලු පාර්ශව කරන යෝජනා හා චෝදනා බාරගන්නා බව ද අමාත්‍යවරයා පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්ෂිකව වාර්තාවට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකාව දැන් විවෘත රටක් යැයි ද වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් හා විශ්වාසයෙන් කටයුතු කරන බව ද සමරවීර මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු ගණනකින් වෙන දේ මට නම් දැන්මම කියන්න පුලුවන් (නි)
රටකට ගිය කලක්! ශ්‍රීලාල් කියනවා වගේ අරාබියේ අපේ කාන්තාවන්ට කරන වදහිංසා පෙනෙන්නේ නැද්ද? (නි)
බොහොම හොඳයි. මැද පෙරදිග ඉන්න අපේ කාන්තාවන්ට කෙරෙන මානුෂික අයිතිවාසිකම් කඩවීම්, ඔවුන් ලබන අමානුෂික දඬුවම් ඔහුට පෙන්නා දෙන්න.මොහුට පුළුවන් අඩුගණනේ මේවා තේරුම් අරගෙන විරුද්ධ ප්‍රකාශයක් හරි කරන්න. ලංකාවේ ඉන්න නායකයෝ වගේම මෙයත් අරාබියට බයයි තමයි. පොඩ්ඩක් අහල බලමුකෝ !!! (බ)
ඕවට කියන්නේ අහකයන නයි ඔඩොක්කුවේ දාගන්නවා කියලා (නි)
මහත්තයො, ඔයා අහලා දැකල තියෙනවාද මීට කලින් එක වතාවක් හරි ඒ වගේ ප්‍රශ්නයක් ගැන කතාකරනවා. මෙයාලා කවුරු ආවත් එන්නේ මුලින්ම උතුරට යන්න බලාගෙන. ඒ ගිහින් ඇවිල්ලා තමයි කතාව පටන් ගන්නේ. වෙනදා වගේම මේ ගමනත් මොකද වෙන්නේ කියලා අපි බලා ඉඳිමු. (නි)
ශ්රී ලංකාව දැන් විවෘත රටක් බව ලෝකෙට කියන එක හොඳයි. එ්ත් රට සිව්කොනේ දොරටු විවෘත කළ සෙනවිවරු ප්‍රධාන රණවිරුවෝ අමතක කළොත් නම් කාටවත් යහපතක් වෙන එකක් නැහැ. (නි)
වගකිවයුතු මහත්වරුන්ට බිම දිගාවෙලා ඉල්ලන්න වෙයි අපේ රටට කරදර කරන්න එපා කියලා. කවුරු කවුරුත් පාඩම් ඉගෙනගෙන වගෙයි. (නි)