එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මීට ටික වේලාවකට පෙර කොරියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණියේය.
ඔහු පිළිගැනීමට විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොලට පැමිණ සිටියහ.
දිවයිනට පැමිණි බෑන් කී මූන් අද (31) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ඡායාරූප - ඉෂාන් සංජිව
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කියන්න තියෙන්නේ අපි පෞරුෂවත් තීන්දුවක් නොගත්තොත් මේ සංවිධාන අපේ ඔලුවට අත හෝදාවි කියායි. (නි)
මූන්ගේ තුන්වෙනි ඇහැටවත් ශ්‍රී ලංකාවේ (බටහිර නොදකින) සත්‍යය පෙනේවා!!! (බ)
පරණ ආරංචි වල හැටියට ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් වෙන්න වැඩි බර තිබිල තියෙන්නේ අපේ ධනපාල මහත්තයටයි ..නමුත් කොරියන් කාරයෝ අපේ රටේ හිටපු ලොකුම තැන එක්ක දාපු බිලියන් ඩීල් නිසා ධනපාල මහත්තයව තරගෙන් අයින් කරාලු. (බ)
කොරියාව දෙකඩ කිරීමේ පුර්ණ වගඋත්තරකරු ඇමරිකාව බව මූනුත් නොදන්නවා නොවෙයි, ඒක නිසා ලොව අනිත් රටවල එවැනි දේ සිදුනොවෙන්න මූනුත් වගබලාගත යුතුයි. (බ)
අපි බලමුකෝ මේ ගමන මොකටද ආවේ කියලා (නි)
දැන් අර උපවාස මහත්තයා මේකටත් මාරාන්තික උපවාසයක් කරයිද දන්නේ නැහැ. (නි)
අපි බලමු මේ ගමන මොකද වෙන්නේ කියලා (නි)
මේකේ අදහස් දාන අය දැක්කහම හිතෙනවා, මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහනවා කියලා (නි)
දර්ශන ඩීල් එකක් නිසා එහෙම වුනේ නැහැ ජයන්ත ධනපාල මහත්මය ඒ තනතුරට එනවට ඉන්දියාව සහ බටහිර රටවල් එකඟ වුනේ නැහැ (රේ)
යන යකා කොරහ බිදගෙන යනවා වගේ. තව මාස ගානකින් විශ්‍රාම යන්න වෙන නිසා ඉතිරි ටිකත් කාලම යන්න බලාගෙන ඇවිත් ඇති. (හේ)
මේ සංවිධානයෙන් අපිට වුණු සෙත මොකක්ද කියලා දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද (නි)
හේවා, ඔය දන්නවනේ ඉන්දියන්කාරයෝ කවදද අපේ රටට ඔවුන්ට වඩා යමක් ලැබෙනවාට කැමති වුණේ? මම වැඩකරන රටේ එතන ඉන්දියන්කාරයෙක් හිටියා. මගේ මුහුණට හිනාවෙලා යටින් කරන්න තියෙන ඔක්කොම විරුද්ධව කරනවා. මට විතරක් පොදු කරුණක් නොවේ, අපේ රටේ අනෙක් අයටත් අනෙක් ඉන්දියන්කාරයන්ගෙන් වෙලා තියෙන්නෙත් එහෙමමයි. මේ පුද්ගලික අත්දැකීම්. මේ සියල්ලට හේතුව අපි තුළ නැති එක්සත්කමයි. (නි)
පරිස්සමින්! ළඟින් ගියොත් ඇහැක් නැහැ (නි)
මෙහෙම අය අනිත් රටවලට ආදරය කරයිද? (නි)
බෑන් කී මූන් මහත්තයා ආ එක ගැන අපි සතුටු වියයුතුයි. එ්කේ ගෞරවය අග්‍රාමාත්‍යතුමාට සහ විදේශ ඇමතිට හිමිවෙනවා. මේ ගමන නිකන් එකක් කියලා හිතන්න එපා. ඕකේ ප්‍රත්පලය එන්නේ මීළඟ සැසිවාරයේදී. හැම එකේදිම කොරොස් කටෙත් කිඹුලෝ දකින අපේ උදවිය මතක තියාගන්න ඕනෑ, අගමැති කියන්නේ ආවට ගියාට වැඩ කරන්නේ නැති කෙනෙක් බව. ඒවා අද නෙමෙයි හෙටටත් පෙනෙන දේවල්. (නි)
සමන්ත, ඔබේ අදහසට මම වගේම ලෝකය පුළුල්ව දකින හැමෝම එකඟවෙනු ඇති. (නි)
දර්ශන හරි. (නි)