එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මොණරාගල ප්‍රාදේශී සභා පිට්ටනියේ දැන් පැවැත්වෙන රැලිය නියෝජ්‍ය ඇමති ජගත් පුෂ්පකුමාර මහතා ඇමතීම ඇරැඹීමත් සමඟ පිරිසක් හූ තබන්නට වූහ.
රැලියේ ඉදිරියේම සිටි පිරිසක් එලෙස හූ තැබූහ.
මේ රැස්වීමේ සංවිධානාත්මක පිරිසක් හූ තියන්නට බලා සිටින බව මෙහි එන්නට පෙරම තමා දන්නා බවත්, රැස්වීමේ සිටින සියයට 95ක් තම ජනතාව බවත්, සංවිධානාත්මක පිරිසක් කරන බාධාවලින් ඵලක් නොවන බවත් පුෂ්පකුමාර මහතා කීවේය.
ඔහුගේ කතාව අවසන් වූ විට විජිතමුණි සොයිසාට ද හූ තැබූහ. හූවට පිළිතුරු ලෙස ඔහු කොළඹ යුගයේ කවියකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතා කැස්බෑව ආසනයේ එවැනි සිද්ධියක දී කියූ කවියක් කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා ද වේදිකාවේ සිටියි.
රතුගල ආදිවාසී නායකයා පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට වැඳ ආචාර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව හු කියපු එක ගැන නෙවෙයි හොයන්න ඕනි. හු කියන්න හේතුවයි හොයන්න ඕනි.(නදී)
ජනතාව ගොනාට අන්දලා දේශපාලනය කරපු කාලේ අවසන් (නදී)
ඇත්තටම මෙහෙම නරියෝ (නදී)
සෝමවීර චන්ද්‍රසිරි මහත්තයාගේ කවිය නම් මට අමතක වෙන්නේ නැහැ. නොදන්නා අයට දැන ගන්න යහපත් චේතනාවන් මෙන්න කවිය.(නදී) කොල්ලෙකු උපන්නොත් නරියෙකු හට දාව උපතින් උරුම වෙය් ඌ හට නරි හුව දැන් මෙහි ඉන්න උන් මා හට හු කීව අම්මට කියාලා මකවා ගන් හුව
ගම්පහ දිස්ත්‍රික්කයේත් දෙනෙක් ඉන්නවා.(නදී)
ඔය හූ කියන්නේ ජගත්ලට ,සොයිසලට නොවේ (නදී)
ගණන් ගන්න එපා ,සොයිසා මහත්තයෝ මමියක් තමයි ඔබතුමාලා කරතියාගෙන යන්නේ (නදී)
සන්දානයේ ඇතුලත අර්බුද මෙවායින්ම පේනවා (නදී)
මේ දෙන්නා පරාද කරන්න ලේසි නැහැ (නදී)
විශ්ව විද්යාල සිසුන්ගේ හූවට ලක්වුන කවියෙක් එයට කවියෙන් ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි. 1970 ගනන් වල සිදුවූ මෙම සිද්දියේ කවියා කවුදැයි මතක නෑ. (නදී) ඉපදුනු කෙනෙක් ඇත්නම් නරියට දාව උප්පත්තියෙන් හිමිවෙනවා නරි හූව නරි බල්ලනේ මට මෙතනදි හූ කීව අම්මට කියාලා මකවාගනු හූව
ජනතාවගේ හු හඬවලින් සංග්‍රහ ලබන්න තරං මේ දේශපාලයකයෝ පිරිහිලා. ඔබගේ වටිනා ඡන්දය ජනතාවගේ හු හඬවලින් සංග්‍රහ ලබපු මේ දේශපාලකයන්ට පුදකරනවාද? තීරණය ඔබ අතේ. (හේ)
ඇති හීං හු හඬ අහලා කියල විතරක් බේරුනා. මැරිච්ච අප්පචි වේදිකාවට ගෙනල්ලා තිබෙන්නේ? ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන්නේ මේකට තමා (නි)
හු හඬවලින් සංග්‍රහ කරලා මදි. මේ කට්ටිය ඔබගේ වටිනා ඡන්දයෙන් ගෙදරම යවන්න මතක තබාගන්න (නි)