ඉතාලියේ මිලානෝ නගරයේ අභීත රණවිරුට පුදමු ප්‍රණාම නමින් රණවිරු උපහාර උළෙලක් පැවත්විය.
මේ සඳහා හිටපු වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා සහභාගීවන බව ප්‍රචාරයකර තිබුනත් ඔහු ඊට සහභාගී නොවීය.
මේ ගැන විමසුවිට සංවිධායක වරයකු කියා සිටියේ කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒ මහතාට ඉතාලියට ඇතුළු විමට වීසා නොදුන් බවයි,රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතාත් මේ සඳහා උත්සහකළත් එය ව්‍යර්තවී ගිය බවයි.
නමුත් ශ්‍රීලංකා රෝම තානාපතිවරයාගෙන් මේ බව විමසූවිට කියා සිටියේ ජගත් ඩයස් මහතාට වීසා ලබාගැනීමට කාලවේලාව මදිවූ බවයි පසුව හෝ වීසා ලබාගෙන ඉතාලියට පැමිණ මෙහි සිටින ශ්‍රී ලාංකිකයන් හමුවන ලෙස තමන් මේජර් ජනරාල් ඩයස් මහතාට පැවසූ බවත් ඔහු කියා සිටියේය.
මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රීහු දෙදෙනෙක් ,පළාත්සභා ඇමතිවරයෙක් සහ රෝමයේ තානාපතිවරයාද මෙයට සහභගීවිය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ජගත් ඩයස්ට ඉතාලි යන්න බැරිවේ
මාර්ක් Monday, 19 May 2014 11:35 PM
මේ අය දැන් ලොකුවට හිටියට. ඒ කාලේ හමුදා පති නැත්නම් ඉතින්. (ස)
ගිහාන් Monday, 19 May 2014 04:46 PM
රැස්වන ප්‍රමාණය කලින් දැන ශාලාව වෙන්කළා නම් නේද හොඳ? (නි)
නන්දන පනාගොඩ මිලානෝ Monday, 19 May 2014 04:48 PM
මෙවැනි වැඩ මනා සංවිධාන ශක්තියක් ඇතුව කළ යුතුයි. (නි)
සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 20 May 2014 12:28 AM
මෙහි අදහස් දාන හැමෝම දන්නේ නැද්ද අපේ හිටපු උසස් හමුදා නිලදාරී නෙමේනේ එදා යුද්දය මෙහෙයුවේ , මේ දැන් අහසින් බැහැපු මන්ත්‍රී වරු නිසානේ. මෙයාල නැතිනම් අපි යුද්දය දිනන්නේ නැනේ. එ්කනේ එයාලට විතරක් වීසා ලැබෙන්නේ. (ස)
ලේක්කෝ ගලබඩ Monday, 19 May 2014 04:55 PM
සෑහෙන කට්ටියක් සහභාගි වෙලා තියෙනවා නේද? (නි)
දර්ශන රොෂාන් Monday, 19 May 2014 05:04 PM
ඉතාලියේ සිට,ලංකාවේ යුද්ධයේදී මියගිය සිංහල සෙබළුන් සමරන්න සංක්‍රමණික සිංහලයන්ට නිදහස තිබෙනවා. එහෙම බැලුවහම ඒ රටවල් කොපමණ හොඳද? (නි)
අසංක Monday, 19 May 2014 05:19 PM
ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි... (නි)
ජීවක Monday, 19 May 2014 05:31 PM
සමහර අදහස් දාන අය මොන ලෝකෙද මන්දා ඉන්නේ? යුරෝපයේ අය අපේ හමුදාවේ අයට වීසා දෙන එක නවත්වලා දැන් ටික දවසක් වෙනවා. (නි)
සෙනරත් ආනන්ද මිලානෝ Monday, 19 May 2014 05:48 PM
රටේ කීර්ති නාමයක් ලබාගත් රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ ජර්මන් රටේ උප තානාපති හැටියට සේවය කළ මෙතුමාට පමණක් වීසා නොලැබෙන්න හේතුව මොකක්ද? මේවා කාටවත් නොතේරෙන රහස්ද? (නි)
ලුම්බිණි Tuesday, 20 May 2014 06:05 AM
මම නම් මේ ගැන පුදුම වෙන්නේ නැහැ (නි)
ප්‍රියන්ත Monday, 19 May 2014 06:16 PM
සියල්ලටම ගරු සරත් ෆොන්සේකා මැතිතුමාව අමතකවෙලා වගේ නේද? (නි)
නන්දන පනාගොඩ මිලානෝ Monday, 19 May 2014 06:28 PM
ප්‍රියන්ත, සරත් ෆොන්සේකා ජෙනරාල් තුමා තමයි අපට රට බේරා දුන්නේ. ඇයි එයාට ආරාධනා කළේ නැද්ද? (නදී)
ලෙස්ලි හර්බ්ට් විජේසිංහ Tuesday, 20 May 2014 08:01 AM
ඉරිදා නිවාඩු දවසක් වෙලත්, තානාපති අනුග්‍රය තිබිලත් ලොකු පිරිසක් ඇවිල්ලා නැහැනේ. කොතරම් මුදලක් ඔය වෙනුවෙන් වියදම් කරන්න ඇද්ද? ඒ මුදලෙන් ශ්‍රී ලංකාවේ ඉන්න දුප්පත් රණවිරුවෙකුට යමක් කළා නම් මීට වැඩිය හොඳයි (නි)
සරත් බන්ඩාර Monday, 19 May 2014 10:20 PM
සෙන්පති එතනෝල් මන්ත්‍රී අල්ලා දෙයි. (ස)
ලලිත් Monday, 19 May 2014 10:26 PM
මෙතෙන්ට ගෙන්වන්න සුදුසුම පුත්ගලයා ජනරාල් සරත් ෆොන්සේකා මහත්මයා නොවේද . කෘතවේදී මිනිසුන් ලෙස එතුමා අමතක කිරීම කොතරම් හාස්‍යද? (ස)
කමල් Monday, 19 May 2014 04:34 PM
පැහැදිලි මදි, ඉතාලි රජය මෙතුමාට විසා දීම ප්‍රතික්ෂේප කලාද? හේතුව කුමක්ද දැනගනැනීමට සතුටුයි. (අ)