ඉතාලියේ මිලානෝ නගරයේ අභීත රණවිරුට පුදමු ප්‍රණාම නමින් රණවිරු උපහාර උළෙලක් පැවත්විය.
මේ සඳහා හිටපු වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා සහභාගීවන බව ප්‍රචාරයකර තිබුනත් ඔහු ඊට සහභාගී නොවීය.
මේ ගැන විමසුවිට සංවිධායක වරයකු කියා සිටියේ කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒ මහතාට ඉතාලියට ඇතුළු විමට වීසා නොදුන් බවයි,රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතාත් මේ සඳහා උත්සහකළත් එය ව්‍යර්තවී ගිය බවයි.
නමුත් ශ්‍රීලංකා රෝම තානාපතිවරයාගෙන් මේ බව විමසූවිට කියා සිටියේ ජගත් ඩයස් මහතාට වීසා ලබාගැනීමට කාලවේලාව මදිවූ බවයි පසුව හෝ වීසා ලබාගෙන ඉතාලියට පැමිණ මෙහි සිටින ශ්‍රී ලාංකිකයන් හමුවන ලෙස තමන් මේජර් ජනරාල් ඩයස් මහතාට පැවසූ බවත් ඔහු කියා සිටියේය.
මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රීහු දෙදෙනෙක් ,පළාත්සභා ඇමතිවරයෙක් සහ රෝමයේ තානාපතිවරයාද මෙයට සහභගීවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය දැන් ලොකුවට හිටියට. ඒ කාලේ හමුදා පති නැත්නම් ඉතින්. (ස)
රැස්වන ප්‍රමාණය කලින් දැන ශාලාව වෙන්කළා නම් නේද හොඳ? (නි)
මෙවැනි වැඩ මනා සංවිධාන ශක්තියක් ඇතුව කළ යුතුයි. (නි)
මෙහි අදහස් දාන හැමෝම දන්නේ නැද්ද අපේ හිටපු උසස් හමුදා නිලදාරී නෙමේනේ එදා යුද්දය මෙහෙයුවේ , මේ දැන් අහසින් බැහැපු මන්ත්‍රී වරු නිසානේ. මෙයාල නැතිනම් අපි යුද්දය දිනන්නේ නැනේ. එ්කනේ එයාලට විතරක් වීසා ලැබෙන්නේ. (ස)
සෑහෙන කට්ටියක් සහභාගි වෙලා තියෙනවා නේද? (නි)
ඉතාලියේ සිට,ලංකාවේ යුද්ධයේදී මියගිය සිංහල සෙබළුන් සමරන්න සංක්‍රමණික සිංහලයන්ට නිදහස තිබෙනවා. එහෙම බැලුවහම ඒ රටවල් කොපමණ හොඳද? (නි)
ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි... (නි)
සමහර අදහස් දාන අය මොන ලෝකෙද මන්දා ඉන්නේ? යුරෝපයේ අය අපේ හමුදාවේ අයට වීසා දෙන එක නවත්වලා දැන් ටික දවසක් වෙනවා. (නි)
රටේ කීර්ති නාමයක් ලබාගත් රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ ජර්මන් රටේ උප තානාපති හැටියට සේවය කළ මෙතුමාට පමණක් වීසා නොලැබෙන්න හේතුව මොකක්ද? මේවා කාටවත් නොතේරෙන රහස්ද? (නි)
මම නම් මේ ගැන පුදුම වෙන්නේ නැහැ (නි)
සියල්ලටම ගරු සරත් ෆොන්සේකා මැතිතුමාව අමතකවෙලා වගේ නේද? (නි)
ප්‍රියන්ත, සරත් ෆොන්සේකා ජෙනරාල් තුමා තමයි අපට රට බේරා දුන්නේ. ඇයි එයාට ආරාධනා කළේ නැද්ද? (නදී)
ඉරිදා නිවාඩු දවසක් වෙලත්, තානාපති අනුග්‍රය තිබිලත් ලොකු පිරිසක් ඇවිල්ලා නැහැනේ. කොතරම් මුදලක් ඔය වෙනුවෙන් වියදම් කරන්න ඇද්ද? ඒ මුදලෙන් ශ්‍රී ලංකාවේ ඉන්න දුප්පත් රණවිරුවෙකුට යමක් කළා නම් මීට වැඩිය හොඳයි (නි)
සෙන්පති එතනෝල් මන්ත්‍රී අල්ලා දෙයි. (ස)
මෙතෙන්ට ගෙන්වන්න සුදුසුම පුත්ගලයා ජනරාල් සරත් ෆොන්සේකා මහත්මයා නොවේද . කෘතවේදී මිනිසුන් ලෙස එතුමා අමතක කිරීම කොතරම් හාස්‍යද? (ස)
පැහැදිලි මදි, ඉතාලි රජය මෙතුමාට විසා දීම ප්‍රතික්ෂේප කලාද? හේතුව කුමක්ද දැනගනැනීමට සතුටුයි. (අ)