එළඹෙන පෙබරවාරි මාසයේ නවසීලන්තයේ පැවැත්වෙන අයි.සී.සී ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ සමාරම්භක උළෙලට සහභාගී වීමට ශී‍්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නිළ වශයෙන් ආරාධනා කිරීමට නවසීලන්ත රජයේ අමාත්‍යවරයෙක් අද (03) දිවයිනට පැමිණීමට නියමිතය.
නවසීලන්තේ ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ ඇමති නේතන් ගයි මෙසේ දිවයිනට පැමිණෙනු ඇති අතර ඔහු නවසීලන්ත අගමැති ජෝන් කී වෙනුවෙන් ශී‍්‍ර ලංකා ජනපතිවරයාට නිල වශයෙන් ආරාධනා පත‍්‍රය භාරදෙනු ඇතැයි සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාරම්භක තරඟය තියෙන්නේ නවසීලන්තය සහ ලංකාව අතර. එ්කත් පරදියිද? (නදී)
අර අවසාන මැච් එකට උනු දේම මේකටත් වේදෝ? (ර)
එච්චර කල් ඉඳීද? (නදී)
ජනාධිපතිතුමා තව තරඟාවලි ගණනාවකට සහභාගී වේවි. (නදී)
අපේ කොල්ලෝ මේ දවස්වල ඉන්දියාවෙන් ඉල්ලන් කන කැවිල්ලට මට නම් සැකයි මේ ආරාදනාව පිලිගනිවිද කියලත්. (නදී)
කියන තැනකට වඳින්නම් තරංග නම් බලන්න යන්න එපා (නදී)
අනේ අපේ මැච් නම් බලන්න එන්න එපා කියන්න.මතකද නේ ඉන්දියාවෙදි වෙච්ච් දේ ....(බ)
ආරාධනාව පිළිගත්තොත් ලෝක කුසලාන ඉවරයි (බ)
සමහරවිට තරඟා වලියේ උත්සවයට යන්න වෙන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට වෙන්න පුළුවන්. (බ)
සාමාන්‍ය පුරවැසියෙකුට යන්න බැරිවෙයි වගේ. (නදී)
අයියෝ ඉසුරන්දී තවම එක මැච් එකක් විතරයි සෙල්ලම් කළේ. තව මැච් 4 ක් තියනවා. බලන්නකෝ ඉන්දියාවට අපේ කොල්ලෝ ගහල එන හැටි (නදී)
ඉසුරන්දි, උඩ බලාගෙන කෙළ ගහන්නේ. ඉන්දියාවට තරඟ දිනන්න පුලුවන් ඉන්දියාවෙදි විතරයි (නදී)
රටේ ජනාධිපතිට අපහාස කරනවා කියන්නේ අපි අපිටම උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වෙඩක්. (ර)
ආරාධනාව පිලිගත්තට කමක් නැහැ. ඒ කාලයට වැදගත් විවෘත කිරීම් නැති නම් ඡන්දයවත් දමා ගන්න කියල ඉතා ඕනෑකමින් ඉල්ලනවා. බැරිම නම් අපි ගිහින් වැඳලා හරි පාප් වහන්සේට ඒ කාලයට මෙහි සැපත් වෙන්න කියන්නම්. (ර)
රේණුකට ක්‍රිකට් බැරි නම් දිනන තැනට උදැල්ල නොදා හරි ඉන්නකෝ. (නදී)