2009 වසරේ මෙලොවින් සමුගත් සුපරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පිළිරුවක් ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි වෙල්ස් විශ්වවිද්‍යාල භුමියේ ඉදිකොට තිබෙනවා. මෙම පිළිරුව නිර්මාණයකොට ඇත්තේ චන්ද්‍රසේකරන් නම් වූ මයිකල් ජැක්සන්ගේ උමතු රසිකයෙක් විසිනුයි.කෙසේ වුවත් මයිකල් ජැක්සන්ගේ මෙම පිළිරුවට හින්දු ආගමික බැතිමතුන් පිරිසක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙනවා.
ඔහු එම පිළිරුව මයිකල් ජැක්සන්ගේ පවුලේ උදවියට බාරදීමට මුලින් සැලසුම් කර සිටි නමුත් පසුව ඔහුට එය කිරීමට නොහැකිවී ඇති අතර, ඉන්පසු ඔහු එය දකුණු ඉන්දියාවේ වෙල්ස් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විවෘත කොට තිබෙනවා.
මෙම පිළිරුව විවෘත කිරීම සිදු කරනු ලැබුවේ ඉන්දියාවේ සුපිරි නර්තන ශිල්පී ප්‍රභූ දෙවා විසින්.විශ්වවිද්‍යාල සිසුන් සහ චෙන්නායි වැසියන් මෙම පිළිරුවට මල් මාල පලඳා මල් පූජා කොට ගෞරව කර තිබෙන අයුරු මෙම ස්ථානයෙන් ගමන් කරන්නෙකුට දක්නට ලැබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd