ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි දැන් පවතින යහපත් ප්‍රතිචාරය හේතුවෙන් ඉතා ඉක්මනින් ‘ජී.එස්.පී ප්ලස්‘ සහනය ලබා ගත හැකි වෙතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති වෘත්තීය සමිත නායක හමුවකදී පැවසීය.
විදේශ ඇමැතිවරයා යුරෝපා සංගමය සමග අද හෙට ජී.එස්.පී ප්ලස් සහනය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් එය ලැබීමෙන් රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙළද ඉක්මන් වන බව අගමැති කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හිතපු අයට දැන් බඩ ගැන මතක් වෙලා. ඔයාලගේ බඩවල් නම් කවදාවත් පිරෙන්නේ නැහැ. (ර)
ජි එස් පි ප්ලස් සහනය ලැබුනොත් අපි වගේ පිටරට සිටින අයට ලංකාවෙන් එවන එළවලු පවා ලාබෙට ගන්න පුළුවන් වෙනවා .අනෙකුත් අපනයන ප්‍රමාණයද වැඩි වෙන බැවින් රටේ අදායම ඉහල යාමට ඉඩ තිබෙනවා (හේ)
ඕක ලැබුනාම කියන්න මෙන්න ලැබුනා කියලා. එතෙක් ඉන්න. (ර)
තාම ලකුණු විතරයි. වැඩ නැත. (ර) .
තව ගොඩක් දේවල් ලැබෙයි මොහොම යද්දී (ම)
තුන් කල් දැක්ම. (ර)
ඇත්තටම සුබ අනාගතයක් එනවා වගේ දැන්නම්(අ)
එහෙනම් ගොඩක් හොද වෙයි (හේ)
මේ රටේ ජනතාව බඩට නොකා යුද්ධය වෙනුවෙන් බදු ගෙවමින් මහා කැප කිරීමක් කළා . ජනතාවගේ දැන් මේ දුක්කිත කාලය අවසන් කිරීමට කාලය පැමිණ ඇත. තවමත් රටේ 40% කට ආසන්න පිරිසක් කිසියම් ආකාරයක මන්දපෝෂණයෙන් පෙලෙයි. අාහාර නිෂ්පාදන ක්‍රියාවලියට පුළුවන් තරම් ආදාර කරමින් අාහාර මිල 50% කින් වත් අඩුකරන්න (හේ)
විදේශ රටවල ලියාපදිංචි වෙච්ච ගොවීන්ට පොහොර, බීජ නොමිලේ ලබා දෙනවා. ගොවි උපරකන යන්ත්‍ර සුත්‍ර ඉතා අඩු නාමික මිලකට කුලියට දෙනවා. මේ නිසා විදේශ රටවල ගොවීන්ට ශ්‍රමය ඇරුණු විට නිෂ්පාදන වියදමක් ඇත්තෙම නැහැ. මේ නිසා පාරිබෝගික ආහාර මිල ඉතා අඩුයි. ගොවියොත් හොදින් ලාබ ලබනවා. අපේ රටෙත් මෙවැනි අනවශ්‍ය වියදම් අඩු කලොත් මෙවැනි හාස්කම් කරන්නට පුළුවන්. (ර)
ගරු අගමැතිතුමනි, කැබිනට් සංශෝදනයකින් හෝ ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න. මේක මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන ප්‍රධාන පොරොන්දුවක්නේ. ජාතික ආණ්ඩුවක් හින්ද කාටවත් පනින්න තැනකුත් නැහැ. රනිල් මෛත්‍රී දේපල දැඩි ස්ථාවරයක සිටියොත් මේක පහසුවෙන් කරන්න පුළුවන්. (ර)
රුපියලත් බාල්දු කලානේ. (හේ)