
(අංජුල මහික වීරරත්න)
සහෝදරත්වයේ දිනය වෙනුවෙන් සමාජවාදී තරුණ සංගමය යාල් දේවි දුම්රියෙන් බදාදා(23)යාපනයට යෑමට නියමිතය.
මෙවර සහෝදරත්වයේ දිනය "එක්ව අපි පියාඹමු" තේමාව යටතේ සිදු කෙරේ.
මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේ කළු ජූලියේ කළු පැල්ලමෙන් එහාට ගොස් සහෝදරත්වයේ දිනයක් බවට පත් කිරීමට මෙරට තාරුණ්‍ය කටයුතු කරමින් සිටින බවයි.
එහි තවත් එක් පියවරක් ලෙස සහෝදරත්වයේ දිනය නිමිත්තෙන් යාල් දේවී දුම්රියෙන් උතුරට ආදරය රැගෙන යෑමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.ඒ ගමන සඳහා එකතු වන ලෙස මෙරට තාරුණියට ආරාධනා කරන බවත්, මෙම ගමනේදී හමුවන සෑම දුම්රිය ස්ථානයකදී ම සහෝදරත්වය වෙනුවෙන් වූ විවිධ වැඩසටහන් සැලසුම් කර ඇති බවත් එරංග ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. යාපනය පුස්තකාලය ගිනි තැබීමේ ගමන ආරම්භ කළ වෛරය වැපිරූ කුරුණෑගල දුම්රිය ස්ථානයට ආදරයේ සහ සහෝදරත්වයේ පොත් , පැල සහ සිතුවම් ලබාදීමේ වැඩසටහනක් සිදු කිරීමට නියමිත බවද ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒ අනුව 23 වෙනිදා උදෑසන 6.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සහෝදරත්වයේ ගමන පිටත් වීමට නියමිත අතර, පස්වරු 3ට යාපනයට ලඟාවීමට නියමිතය.
එදින උදෑසන 8.33ට කුරුණෑගලට දුම්රිය ස්ථානයේදී පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් හා පැළ සිටුවීමේ වැඩසටහනක් සිදු කිරීමට නියමිතය. උදෑසන 10.40 අනුරාධපුරයට ලඟාවන දුම්රිය එමෙන්ම දුම්රිය ස්ථානයෙහිද පොත්පත් බෙදා දීමේ වැඩසටහනක් හා වැඩ සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
පස්වරු 3.00ට යාපනය දුම්රිය ස්ථානයට ළඟාවීමෙන් පසු එම දුම්රිය ස්ථානයේදී පොත්පත් ලබාදීමට සැලසුම් කර ඇති අතර, එහි සිට පා ගමනින් යාපනය ට්‍රිමර් ශාලාව වෙත ගමන් කිරීමට නියමිතය. එහි දී සංස්කෘතික උළෙලක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.
එමෙන් ම 24 වෙනිදා එලුවතිව් දූපතට යෑමට නියමිත අතර, එහි දී පොල් පැළ 200ක් සිටුවීමටත්, එලුවතිව් පාසලේ සංවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමේ වැඩසටහනක් සහ එලුවතිව් දූපතේ තරුණයින් සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජ.වි.පෙ සහෝදරයෝ ආදරය ගෙන උතුරට යති
ටිල්වින් සීයා Monday, 21 July 2025 05:26 PM
ගිහින් එහේ තියෙන පංසල් ටික වහලා දාන විදිය සාකච්ඡා කරලා වරෙල්ලා...
DineshMonday, 21 July 2025 10:11 PM
සිදුවිය යුත්තේ මෙයයි. එක මවකගෙ දරුකැල බැවිනා කිව්වේ ඒකයි. දේශපාලකයො වාසි උදෙසා නැති කළ ජාතික සමගිය යලි ඇති වේවා. සමහරුන්ට මේවා දකින කොට ඉන්න බෑ.
මාලිමාගැත්තා Monday, 21 July 2025 06:25 PM
කට්ටියම මතක ඇතිව සත පහ ගාණෙ අරගෙන යන්න උතුරට. බිම දාලා ගන්න වගේ ඉන්න. හැබැයි ගන්න එපා. මහින්ද මහතාට බැනලා එන්නත් අමතක කරන්න එපා. කට උල් කරලා අත ගුළි කරලා.
Bunny Preena Tuesday, 22 July 2025 10:44 AM
අපි හැමදාමත් එකිනෙකාට උදව් උපකාර කරගෙන, ආදරෙන්, ලෙන්ගතුකමින් ඉමු. එතකොට අපේ රට හැමදාමත් ලස්සනට තියේවි