ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට පෙර යුරොපයට අපනයනයට ඉඩ සලසා දෙන බව යුරෝපා සංගමය පොරොන්දු වී යැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික නියෝජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
යුරෝපා සංගමයේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ සංවර්ධන කොමසාරිස් නෙවින් මිමිකා මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවකදී කොමසාරිස්වරයා මෙම කරුණ අවධාරණය කළේ යැයි නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා කීය.
එමෙන්ම යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩපිළිවෙළට විශාල වශයෙන් පැහැදී ඇතැයි ද ඒ අනුව ලංකාවට ලැබෙන සහන ඉදිරියේදී දෙගුණ කිරීමට එම සංගමය තීන්දු කර ඇතැයි ද පෙරේරා මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජි එස් පී ත් හරියට කැරට් අලයක් වගේ. (නි)
අපි නම් හිතුවේ අලුත් අගමැතිතුමා පත්වුණ ගමන් යුරෝපේ කට්ටිය මෙහෙටම ඇවිල්ලා ඔය සහනය ආයෙත් දෙයි කියලයි (නි)
ලංකාවට බටහිරින් ලැබෙන සහන නිසා ජනතාව සුඛිත මුදිත වෙලා. අදහගන්න බෑ.(රේ)
යුරෝපෙට තියෙන්නේ ලංකාව එක්ක තරහක් මිසක් මාළු අල්ලන ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
තිබුන එක දෙන්නේ නැතුව අලුත් එකක් දෙගුණයක් කරලා දෙන්න තරම් කාරුණික වෙලා. ජී එස් පී අද නොවේ හෙට.... (නි)
දැන් මෙයාලට රට ගොඩගන්න නම් ජීඑස්පී වගේ 10 ක් ගුණයක් දීලත් බැරිවෙයි (නි)