ජී.එස්.පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ජර්මනිය මූලිකත්වය ගෙන කටයුතු කරන බව ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් විදේශ ඇමැති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් මෛත්‍රිපාල සිරිසේන ජනපති අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී පැවසීය.
දිගු කලක සිට ජර්මනිය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අගය කළ ජනපති ලෝකයේ සෑම රටක් සමගම යහපත් සබඳතාවයක් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා නව රජයේ විදේශ ප්‍රතිපත්තිය බව සඳහන් කළේය.
ජර්මන් ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා ආරාධනා කළ ජනපති ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටද පොරොන්දු විය. ජනපතිට ජර්මනියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කළ ආරාධනය මෙහිදී ජර්මන් විදේශ ඇමැති ජනපතිට දන්වා සිටි අතර ජනපති එම ආරාධනය පිළිගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම රටවල් වලින් දැන්නේ ලංකාවට එන්නේ. ස්වාසිලන්තෙන් ආවේ ඉස්සර (බ)
හොද රටවල් වලින් ලංකාවට එන්න ලෝකේ පිළිගත් නීතිගරුක පුද්ගලයන් පාලකොයෝ වෙන්න ඕනි (අ)
ඔය බටහිර සහනාධාර නැතිව,විශිෂ්ට අර්ථික වර්ධනයක් මේ රටට තිබ්බා,දැන් ඕව අරන්,බටහිරට ගැති වෙලා,රටේ අනන්‍යයතාවය පාවා දෙන්නයි වෙන්නේ (අ)
ජනවාරි 08 දේශපාලන සුනාමියේ ප්‍රතිපල .................... (ම)