ජී.එස්.පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ජර්මනිය මූලිකත්වය ගෙන කටයුතු කරන බව ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් විදේශ ඇමැති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් මෛත්‍රිපාල සිරිසේන ජනපති අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී පැවසීය.
දිගු කලක සිට ජර්මනිය ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය අගය කළ ජනපති ලෝකයේ සෑම රටක් සමගම යහපත් සබඳතාවයක් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා නව රජයේ විදේශ ප්‍රතිපත්තිය බව සඳහන් කළේය.
ජර්මන් ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා ආරාධනා කළ ජනපති ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටද පොරොන්දු විය. ජනපතිට ජර්මනියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් කළ ආරාධනය මෙහිදී ජර්මන් විදේශ ඇමැති ජනපතිට දන්වා සිටි අතර ජනපති එම ආරාධනය පිළිගත්තේය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජී.එස්.පී ප්ලස් සහනය දෙන්න ජර්මනියෙන් උදව්
පාර්තිපන් Wednesday, 23 September 2015 06:18 AM
නියම රටවල් වලින් දැන්නේ ලංකාවට එන්නේ. ස්වාසිලන්තෙන් ආවේ ඉස්සර (බ)
ලසන්ත Wednesday, 23 September 2015 01:39 PM
හොද රටවල් වලින් ලංකාවට එන්න ලෝකේ පිළිගත් නීතිගරුක පුද්ගලයන් පාලකොයෝ වෙන්න ඕනි (අ)
සාලිය Wednesday, 23 September 2015 05:28 AM
ඔය බටහිර සහනාධාර නැතිව,විශිෂ්ට අර්ථික වර්ධනයක් මේ රටට තිබ්බා,දැන් ඕව අරන්,බටහිරට ගැති වෙලා,රටේ අනන්‍යයතාවය පාවා දෙන්නයි වෙන්නේ (අ)
දුමින්ද Wednesday, 23 September 2015 05:38 AM
ජනවාරි 08 දේශපාලන සුනාමියේ ප්‍රතිපල .................... (ම)