ශ්‍රී ලංකා විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරීස් මේ දින වල චීනයේ සංචාරයේ යෙදේ. ඒ පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා මඟින් සහයෝගීතා සහභාගීත්වය වර්ධනය කැර ගැනීමත් සංචාරත කර්මාන්තය වැඩි දියුණු කැර ගැනීමත් අරමුණ බවයි. ගිය වසරේ චීන සංචාරකයෝ විසිදහසක් ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම ගනණ ලක්ෂයක් දක්වා වැඩි කැර ගැනීම අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දවසක් පත්තරේක දැක්කා ධීවරයන්ගේ උන්නතිය උදෙසා 27 වතාවක් රට ගිය ඇමති කෙනෙක් ගැන, එක අවුරුද්දක් ඇතුළත. බලන්න. එයාලා කොච්චර අපි සාමාන්‍ය මිනිස්සු ගැන හිතනවද කියලා (නි)
තනියමද ගියේ...? (නි)
යුරෝපයේ සංචාරකයොත් සල්ලි වියදම් කරන්නේ නැහැ දැන්. අනික් එක ලංකාව දැන් ආසියාවේ වෙනත් රටවලට වඩා වියදම වැඩි රටක් වෙලා. සංචාරක හෝටල් වල මිල ඉතා අධික වගේම ගමනාගමනය ඔවුන්ට ඉතා අධික රටක් වෙනත් රවල් සමග බැලුවම.ආසියාවේ ධනවත්ම රට තව අවුරුදු කිහිපයකින් ලෝකයේ ආර්ථිකයේ බලවත්ම රට. ආසියානුවන් හැටියට අපි ආඩම්බර වෙන්න ඕනෑ, චීනා එක්ක සම්බන්ධකම් පවත්වන්න (නි)
අපේ සල්ලිවලින්ද ගියේ.(ත)
නෑදෑයෝ, ඡන්දෙට වැඩකරපු අය එහෙම එක්කන් ගියාද?(නදී)
අපේ ඇමතිවරුන්ටත් චීනෙන් ගෙවල් අරන් දුන්නොත් හොද නැද්ද? (නි)
යුරෝපේ දැන් බංකොලොත් වෙලා තියෙන්නේ. චීන්නු ගාව හොඳට සල්ලි තියෙනවා. දුප්පත් චීන්නුත් ඉන්නවා. සල්ලි තියෙන චීන්නු ගෙන්නා ගන්න පුළුවන් නම් හොදයි. (නි)
රට වෙනුවෙන් වැඩ කරන එක අගය කරනවා (දී)
මේ ගමන් වලදී රටේ දේවල් කෙසේවෙතත් තමන්ගේ ව්‍යාපාර කටයුතු නම් නොකෙරි නැත්තේ නැහැ.(අ)
අපොයි ඇමතිතුමා මොකට බයවෙනවද තව කොන්ත්‍රාත් ටිකක් චීන්නුන්ට දුන්නම ලක්ෂයක් නොවෙයි දෙලක්ෂයක් උනත් ඒවි මෙහාට. මොකද ඒවායේ කම්කරු වැඩ කරන්නෙත් චීන්නුමනේ. (අ)
තියෙන තොරතුරේ හැටියට මට නම් හිතෙන්නේ සංචාරක ඇමතිතුමාත් ගියා නම් හොදයි කියලා (නි)
ඉන්දියාව හොදයි. චීනය හො... දා.. යි.... (නි)
තනියමද ගියේ? (නි)
මේ ගොල්ලෝ ආවට වියදම් කරලා බඩු ගන්නේ නැහැ , යුරෝපයෙන් එන සංචාරකයෝ වගේ නෙමෙයි. යුරෝපයෙන් සංචාරකයෝ ආවම සල්ලි ලොකු කුඩා කාටත් බෙදිලා යනවා. ගිය පාර සීසන් එක දකුණේ මිරිස්ස ඇරුනහම අනිත් හැම තැනම එච්චර සරු නැහැ. සමර් සීසන් එකත් සවුත්තුයි. කරුණාකර යුරෝපයෙන් සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගන්න වැඩපිළිවෙලක් හදන්න. (නි)
නිලෝ, එතුමා චීනෙක් කියලා හිතුවාද? (අ)
ද්විපාර්ශික සාකච්චා වලින් චීනේ වැඩි ඉල්ලුමක් ඇති අපේ රටේ ආඳො වගේ මාළු වර්ග චීනෙට යවන වැඩක් පටන් ගත්තොත් මොකද? ධීවර කර්මාන්තෙත් නැගලා යයි (නි)