මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 110 වැනි ජන්ම දින සංවත්සරය අද (19) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.
ජයවර්ධන මහතාගේ පුත් අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.
ශ්‍රී ලංකාවට නොතිබුණු දියුණුවක් අත්පත් කරමින් සියලු ජනකොටස්වලට ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ අත්පත් කරදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.
යුද්ධයෙන් පසුබෑමට ලක් වූ මෙරට ආර්ථික වර්ධනය නගා සිටුවමින් ලංකාව ආසියාවේ ප්‍රබල රටක් බවට පත්කිරීමට ජාතික ආණ්ඩුව විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටින බව ද අගමැතිවරයා කීවේය.
ජේ.ආර් ජයවර්ධන මහතා ආසියාවේත් ලෝකයේත් ආර්ථික වෙනසකට මඟ පෑදූ බව කී අග්‍රාමාත්‍යවරයා ජේ.ආර් ජයවර්ධන මහතාගේ ප්‍රතිපත්ති ආසියාවේ ආර්ථික විප්ලවයට පදනම යෙදූ බව ද පෙන්වා දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලයේ දුරදිග සිතාබලා වැඩ කළා නම් අද ලංකාව ලෝකයේ කොතරම් දියුණු රටක් වෙන්න තිබුනද?
මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයාලු ශ්‍රේෂ්ඨතම නායකයින් දැකපු නැති අසානැති අයට හොඳයි ඔය කතාව (බ)
මෑත කාලයේ ලෝක ඉතිහාසය දෙස බැලූවිට බටහිර රටවල් තරම් අසාධාරණ විදියට, එමෙන්ම මිනිස් ජීවිත ගැන අල්පයකුදු තැකීමක් නොකළ වර්ගයක් මේ ඉතිහාසයේ නැති තරම්. ඔවුන් තරම් ජන සංහාරයක් කළ වෙන කිසිවෙකුත් නැත. ඒ අස්සේ අපේ ජේ. ආර් ජයවර්ධන ජනාධිපති කෙළින්ම බටහිරට නැඹුරුවුණා. ඉන්පසු තවමත් අපි ඒ වළේ වැටී එය දෙව්ලොවක් යැයි සිතා කමින් බොමින් නටමින් සිටින්නෙමු. (නි)
මෙතුමා රටට කළ සේවය අගය කළ යුතුය (බ)
තිලක්, ජපානය හිස නැමුවාට අපට වැඩක් නැත. දැනටමත් මේ රටට බටහිර හිස නමන්නේ ඔවුන්ට ඕනෑ දේ මෙහෙ කරන නිසා. (නි)
"නිවහල් ධර්මිෂ්ට සමාජයක් ඇති කිරීම සඳහා මටත් අවස්ථාවක් දෙන්න" යන ආදර්ශ පාඨය එක්ක තමයි මෙතුමා බලය ඇල්ලුවේ 1977 දී. ධර්මිෂ්ට සමාජයක් ඇතිකළාද තිබුණ ධර්මිෂ්ට සමාජය නැති කළාද කියලා තේරුම් ගන්න ඔබට බාරයි. රටේ සංවර්ධනය නම් වුණා. ඒ එයාට හිටපු දක්ෂ ඇමති මණ්ඩලය නිසා. (නි)
එදා ලංකාවේ දේශපාලනය කළේ බුද්ධිමත් උගතුන්. අද කෙසේ හෝ සල්ලි හම්බකරලා තමාගේ පැවැත්මට රටේ නායකත්වය කරා යන්න බලාඉන්න පිරිසක් තමයි පාර්ලිමේන්තුවට මහජනයා තෝරලා තියෙන්නේ (නි)
මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා (ම)
ලංකා ඉතිහාසයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා. ඉතා කුඩා බුද්ධිමත් ඇමති මන්ධලයක් සමග, දුෂණයෙන් තොරව රට පාලනය කල ජන නායකයක්. මම දන්නා හැටියට 1987 ඉන්ඩෝ ලංකා ගිවිසුම තමයි එතුමා ගත්ත වැරදි තීන්දුවක්. නැත්නං ඒවනවිට යුධය අවසන්. නමුත් ඉන්දියාවේ බලපෑම නිසා එතුමාට ඒ කරන්න සිද්ධවුණා. (ර)
තිලක් දන්නේ නැති දේවල් කතා කරන්න එපා. (ර)
කොච්චර දක්ෂ වුනත් ඉන්දියාවෙන් පරිප්පු දාන එක නවත්තා ගන්න බැරි වුණා. පවතින ව්‍යවස්ථා අර්බුදයේ නිර්මාතෘ. (බ)
මෙතන ඉන්න සමහරක් අය දුකට බුරන උන් වගේ. මෙවැනි මිනිසුන් මුළු ලෝකයටම පහල වෙන්නේ එක්කෙනයි.(බ)
මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා (බ)
ජාතියේ පිනට පහළ වු සැබෑ නායකයෙක්. (ම)
පවතින ව්‍යවස්ථා අර්බුදයේ නිර්මාතෘ. ඉතාම කෙටි දැක්මක් තිබූ ජන නායකයා. (හේ)
විධායක ජනාධිපති ක්‍රමය තුළ රටට ලැබුණු වාසි අසීමිතයි ඇතැමුන්ගේ නොහොබිනා ආත්මර්ථකාමි කටයුතු නිසා අවාසි , අපකිර්ති රටට ලැබුණා .ජේ . ආර් . ජයවර්ධන කියන්නේ ලෝකයක් පිළිගත් ,කලාපයක් විස්මයට පත්කළ රටක අතීතය . වර්තමානය .අනාගතය සැලසුම් කල සුරක්ෂිත කළ . පළපුරුදු උගත් ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරයාය. විටෙක ඔබකිවා මට මතකයි . මගෙන් පසු ධනය , බලය අනවශ්‍යයි .... මට රකින්න පරපුරක් නැත .... ඔබට නිවන්සුව ..!!! (අ)
ජේ . ආර් . ජයවර්ධන නිරිදුන් ගේ ඉන්දු _ ලංකා ගිවිසුම මගින් 30 වසර යුද්ධයට නිමාකිරීමට සියියට 60 කට වැඩියෙන් වාසි ලැබුනා ඒ ගැන.. නො කතා ... නො සිනා .. (අ)
කෙටි දැක්මක්. ඔහු ගැන සොයා කට කරන්න ...ඔහු දේශපාලන වැරදී ඇති.එක දන්නේ කරපු නිසා.ඒ දේ කරන්න ඔහු අවුරුදු 50 පමණ බල හිටිය.(අ)
මොහු මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ පහලවූ එක් දේශපාලකයෙක් පමණයි . හැබැයි පවතින අර්බුදවල නිර්මාතෘ මොහුයි . 80-90 කාලයේදී තමාගේ පැවැත්ම වෙනුවෙන් පාලන බලය යොදා රටේ පැවතිය යුතු යථාර්තය වෙනස් කර රට අර්බුදයකට යොමු කලා. මෑතකදී අගමැති රනිල් පවා පිළිගත්තා ඔවුන් ඉතිහාසයේ වැරදි කළා කියල. (අ)
70 ව 80 ව දසකයේ ලෝක දේසපාලන ඉතිහාසයේ පළපුරුදු විශිෂ්ඨතම දෙසපාලනඥයා ජේ . ආර් .ජයවර්ධන මැතිතුමායි ..(අ)
අද යුද්දේ දින්න දින්න කියා කියා පම්පෝර කියන උදවිය එදා ජේ . ආර් . යුද්දෙට සැලසුම් හදනකොට ඒ අය ලොවෙත් නැ ලොවි ගහෙත් නැ . (අ)
තමන්ගෙන් පසුව දෙශපාලනයට පරපුර... නොගෙනා ඒකම ජනනායකයා ඔබයි ජේ . ආර් ජයවර්ධන මතිදුනි ඔබට අමහ මහ නිවන් සුව (අ)
උපාලි , ධම්ම , දන්නා දේ පමණක් කියන්න ,JR තමයි අදටත් ජපානයත් හිස නවන අපේ නායකයා , අපිට අපේ මිනිස්සු අගයන්නේ නැනේ .(රේ)
ජේ .ආර් . ගෙ එදා ඉන්දු - ලංකා ගිවිසුම නිසා රජිවූ ගාන්ධි ගාතනය වුණා. අවසාන යුද සමයේ සෝනියා ගාන්ධි තිරේ පිටුපස නායකයා වීම හා තමපුත් දේසපාලන කරලියට ගෙන ඒමට ඇති වුවමණාවත්. කොටි. විනාශයට මුල්වුණා මේ කිසිවක් අද කවුරුත් නොදන්නාසේ පිට්ටු ගිලපු කබරයන්සේ නිදිවදියි . (අ)
සුසන්ත.විව්‍යස්තාවේ අර්බුද ඇතිවුනේ 18 ගෙනාවට පස්සේ එක ගෙනාවේ කවුද .? ගෙනාවේ රටට ද .? මොකටද .? (අ)
පිටරටකට හිස නැමූ පළියට නායකයෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. තව තියෙනවා කියන්න. නමුත් මේ අවස්ථාව නොවේ (නි)
යුද්දෙදි ආයුද ගනුදෙනු වලදී කොමිස් නොගත් නායකයා ඔබයි ජයවර්ධන මැතිදුනි . (අ)
ඔබ රටේ නායකයා මිස නළුවෙක් වුනේ නැ කවදත් ජයවර්ධන ජනාධිපති තුමනි (අ).
ඔබට ...අජරාමර නිවන් සුව ..(අ)
මෙතුමාගේ කාලයේ තිලක් සමහරවිට ඉපදිලත් නැතුව ඇති. ඔය ජපානයේ අය සළකන කතාව ඇත්ත. එ්ත් ලංකාවේ එයා පාලනය කරන කාලේ හිටිය අය දන්නවා වුණ දේවල්. (නි)
මෙතුමා අමරණීය නායකයෙක් (නි)
පිදියයුත්තන් පිදීම හොඳ දෙයක් (නි)
ඔබ සහෝදර සමාගමක් නො හැදුවේ. ඔබ පුතින් මිල මුදලින් සුපිරි සපිරි . අක්කර 35000ක ට එපිටට හිමිකම් ඇති .උගත්කමින් විනිසුරුවරයෙක්. බාෂා හැසිරවීම ඉහලයි ලෝක පිලිගැනීම අති ඉහලයි දේශපාලන පළපුරුද්ද අවු 55 ට එපිට ඉතින් ඔබට කා සමකල හැකිද ...!!! (අ)
මම ඒ යුගයේ පහල වුණ දොන් ජුවන්. (බ)