මෙක්සිකෝවේ ලොස් කාබෝස් නුවරදී ලෝක බලවතුන්ගේ සහභාගීත්වx යෙන් ඊයේ(18) ජී 20 සමුළුව ඇරඹිණි. මෙවර සමුළුවේදී යුරෝපයේ හට ගෙන ඇති ආර්ථික අර්බුදය ඇතුළු වත්මන් ගෝලීය අර්බුද පිළිබඳව මූලික අවධානයක් යොමු කෙරෙන බව වාර්තා වේ. යුරෝපා කලාපයේ නායකයන් මෙම සමුළුවට සහභාගී වූයේ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කළ ගී‍්‍රක මැතිවරණය අවසන් වීමෙන් අනතුරුවය. ගී‍්‍රක මැතිවරණයෙන් ජය ගැනීමට නිව් ඩිමොක‍්‍රසි පක්ෂය සමත්වීමත් සමඟ එම අර්බුදය නිමා විය. මැතිවරණයට පෙර එරට ප‍්‍රධාන පක්ෂයක් වූ සිරිසා පක්ෂය කියා තිබුණේ තමන් මැතිවරණයෙන් ජයගතහොත් යුරෝ මුදල් ඒකකයෙන් ඉවත් වන බවයි. යම්හෙයකින් යුරෝ මුදල් ඒකකයෙන් ඔවුන් ඉවත්වූවා නම් යුරෝපයේ අනෙක් රටවල ආර්ථිකයට එම තත්ත්වය දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළ කළහ. මීට අමතරව සිරියාවේ අර්බුදය සම්බන්ධයෙන් රුසියාව මැදිහත්වීම පිළිබඳව තමා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනපති ඔබාමා පැවැසීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd