
(ගයාන් සූරියආරච්චි)
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
ඒ අනුව පොලිස් නිලධාරීන් 70,000 ක්, පොලිස් විශේෂ කාර්ය බළකාය 3200 ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 ක් මැතිවරණ රාජකාරිය සදහා සෘජුව යෙදීවීමට නියමිත අතර පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරියේ යෙදවීමෙන් පසු ප්‍රධාන මර්මස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදා නිලධාරීන් 11,000 ක් පමණ යෙදවීමට නියමිත බවද තල්දූව මහතා කීය.
ඊට අමතරව ජංගම සංචාර සදහා පොලිස් නිලධාරීන් 3109 ක්, මාර්ග බාධක සදහා නිලධාරීන් 269 ක්, කැරළි මර්දන කණ්ඩායම් 241 ක් ද විශේෂ රාජකාරී සදහා යෙදවීමට නියමිතය.
මැතිවරණය රාජකාරිය සදහා අවශ්‍ය වුවහොත් තවත් පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් කණ්ඩායම් සූදානමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කලබල ඇතිකලේ ජෙප්පෝ නැතුව අනික් පාක්ෂිකයින් තමන්ගේ පක්ෂයට ඡන්දේ පාවිච්චි කළා පමණයි. මේ ජේවීපී උන් ජේවීපී වුණාම අපිවත් ජෙප්පෝ කරන්න හදනවා. කාලකන්නි!