
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණයට වෙන්කළ මුදල් ආපදා සහන සඳහා යොදාගෙන නොමැති බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද(10) පැවැසුවාය
ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සහ හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පරිත්‍යාගශීලින් ලබා දී ඇති සියලුම මූල්‍ය ආධාර නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන විශේෂ ගිණුමක සුරක්ෂිතව තැන්පත් කර ඇති බවද අැය කීවාය.
මෙම අරමුදල් ජාතික ප්‍රමුඛතා සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සඳහා විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදා ගැනීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
ඒ අනුව එම ව්‍යාපෘතිවලින් ප්‍රධාන වශයෙන් ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, ජීවනෝපාය ප්රතිශ්ඨාපනය කිරීම සහ හානියට පත් පොදු යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවා නැවත නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරිය මෙම සියලු අරමුදල්වල කලමනාකරණය සහ භාවිතය ඉහළම විනිවිදභාවයෙන්, වගවීමෙන් සහ යහපාලන මූලධර්මයන්ට අනුකූලව සිදුකරන බවද ප්‍රකාශ කළාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd