සඳුදා මහ මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම ඡන්දය භාවිත කරන්නැයි කැෆේ සහ පැෆරල් සංවිධානය ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි.
ඡන්දය භාවිත නොකළහොත් අකැමැති දේශපාලන පක්ෂ තේරී පත්වනු ඇතැයි ද, මනාප ලබා නොදුනහොත් අකැමැති අපේක්ෂකයන් තේරී පත්වනු ඇතැයි ද එම සංවිධාන පෙන්වාදෙයි.
එනිසා උදෑසනම ඡන්ද පොළට ගොස් කැමැති දේශපාලන පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙසත්, අපේක්ෂකයන්ට මනාප ලබාදෙන ලෙසත් මැතිවරණ නීරික්ෂණ සංවිධාන අවධාරණය කරයි.
කුමන පක්ෂයකට ඡන්දය ලබාදුන්නද හොඳම 225 තෝරන්නැයි ද එම සංවිධානවල නියෝජිතයෝ කියති.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණද අනන්‍යතාවය තහවුරු කළ හැකි නම් ඡන්දය භාවිත කළ හැකි බවත්, ඒ සඳහා 2014 ඡන්ද හිමි ලේඛනයට අනුව නම තිබිය යුතු බවත්, යමෙකු 2015 ජනපතිවරණයේ දී ඡන්දය භාවිත කළේ නම් එම ඡන්ද දායකයන්ට ද අනන්‍යතාව තහවුරු කිරීම මඟින් මහ මැතිවරණයේදී ද ඡන්දය භාවිත කළ හැකි බවත් එම සංවිධාන පෙන්වාදෙයි.
අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත‍්‍රය, විදේශ ගමන් බලපත‍්‍රය, පූජ්‍ය පූජක හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, විශ‍්‍රාමික හැඳුනුම්පත හා මැතිවරණ දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd