සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ කටයුතු අගෝස්තු මාසයේ අවසන්වන බව දැනුම් දී තිබෙන බවත් අවසන් වාර්තාව ලැබුණු පසු මාස දෙක තුනක් ඇතුළත ඡන්දය තියන්න පුළුවන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (20) මැතිවරණ කාර්යාලය පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ ඡන්ද පත්‍රිකාවේ වීදිවල ජනතාවට, තැනින් තැන ගොස් ජීවත්වන ජනතාව ඇතුළු සියලු දෙනා අනිවාර්යයෙන් ඡන්ද ලේඛනයේ ලියාපදිංචි කිරීම අරමුණ බවයි.
‘ඡන්දේ තියන්න අපේ පනතේ තියන කරුණු සම්මත වෙන්න ඕනේ. ඒ වගේම හරියටම මන්ත්‍රීවරු ගණන නිශ්චිතව ගැසට් කරන්න ඕනේ. ඒ කටයුතු ඉවර වුණු වහාම අපි ඡන්දේ තියනවා‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට, මිනිසුන්ගේ ප්‍රතිචාර බලන්නම ඕන. (බ)
අනේ ඡන්දෙ තිබුනත් එකයි, නැතත් එකයි. තවත් කට්ටියක් පත්කෙරුවහම වැට් එක තවත් වැඩිවේවි. ජනතාවට වෙන සෙතක් නැහැ. එනිසා නොතිබ්බොත් වඩා හොඳයි (නි)
ඡන්දෙට බය වෙන්න් නැතුව ඕක තියලා බලන්න කොහොමද කියලා. (ර)
අනේ හොඳයි. යහපාලනයට තිත තියන්න පටන් ගන්න වෙලාව. මිනිස්සුත් මංමුලා වෙලා, රටත් මංමුලා වෙලා (නි)
අපි සුදානම් මහත්තයෝ ඡන්දෙට. (ර)
මිනිස්සුන්ටනම් හදිස්සියක් නැහැ. මොකද මේ බරත් අදින්න ඔර්නේ අපිමනේ, තව වැට් ඒවිද දන්නේ නැහැ. (ර)
කලින් රැවටුනට මේ වතාවේ නම් අපිව රවටන්න බැහැ. (ර)
ඡන්දෙ තිබ්බත් නැතත් ප්‍රතිඵලේ ඉතින් අපි දන්නවා. ඔය මේ රටේ පළවෙනි ඡන්දෙ නෙමෙයිනේ. අනික ඡන්දෙ දෙන්නෙත් පරණ හිටපු මිනිස්සුමනේ. (නි)
ඔබ තුමා කියන්න ඕනේ නැහැ . මේ මිනිසුන් හිර කරන විදිහට ඕනෙම කෙනෙකුට තේරවනේ . (ම)