මහ මැතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍ර සියුම් ලෙස පරීක්ෂා කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතා ජය ලබන බව පෙනී ගියේ යැයි ජ්‍යෙතීර්වේදී ජී.එම්.ගුණපාල මහතා කොළඹ පැවැති ජාතික විද්වත් මණ්ඩලයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒරාෂ්ඨකයක් ගෙවමින් සිටින අතර ඔහු සියලු බලාපොරොත්තු අභිමතාර්ථ හා අපේක්ෂා බිඳ වැටෙන දශාවක් ගෙවමින් සිටින බවත් ඔහු කීවේය.
මැතිවරණය පැවැත්වෙන 17 වැනිදා පෙරවරු 7 සිට රාත්‍රී 7 දක්වා මිනිත්තු 540 න් රාජපක්ෂ මහතාට සුබ වේලාව පවතින්නේ මිනිත්තු දෙකක් පමණක් යැයිද ඔහු පවසයි.
මෑත ඉතිහාසයේදී සඳුදා දිනවල මැතිවරණ පවත්වා නැතැයි කී ඒ මහතා මෙවර මැතිවරණය පැවැත්වෙන සඳුදා දිනය මහින්ද රාජපක්ෂ මහතාට අසුබ වන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය අනුව ඉතා සුබ වන බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හොඳක් වෙනවානම් හොඳයි (බ)
ඔහේ රට පනින්න ටිකට් එක සූදානම් කර ගෙනද ඉන්නේ? (බ)
බණ්ඩාගේ ටිකිරි මොලේට වැටහුනේ ..... මොන නරක වෙලාවද?88 ,89 , බටලන්ද වගේ ...කාල සීමාවල්ද? එහෙනම් කමක් නෑ...(බ)
ඔහු අපේ රට ලෝකයේ සුන්දර රටක් කරාවී. (බ)
2016 මහජනතාවට සුබ ද අසුබද කියල 2017 දී අපට හොඳට දැනේවිද? (බ)
ජාතික විද්වත් මණ්ඩලයේ ජ්‍යෙතීර්වේදීයොත් ඉන්නවාද? දෙයියන්ගේම පිහිටයි ලක් මෑණියන්ට! (ම)
ඒ කියන්නේ අපේ රට නැවත බෙදුම්වාදී න් ගේ ග්‍රහණයට ළංවෙනවා කියන එකද.? දළදා සමිදු පිහිටෙන් එහෙමනම් වෙන්න එපා...(බ)
රනිල් දිනන එක අහන්න දෙයක්ද? (බ)
කොහොමත් මහින්දට මේ රටේ බලයක් ගන්න බැහැ. දැන් ජනතාව බුද්ධිමත්. එතුමා වටේ ඉන්න අයට ඉතින් හුළං තමයි. රනිල් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර සැබෑ සංවර්ධනය උදාකර දෙනවා. රනිල් මහත්තයාට ජය වේවා!!! (නි)
අපිත් හිතනවා.(ම)
ජ්‍යෝතිෂ්‍ය අනුව හෝ නැතිව හෝ රනිල් මහතා දිනනවා (ම)
හැම දෙයක්ම ස්ථිරව කියන්න බැහැ, ජෝතිශයට 70% සම්භාවිතාවක් තියෙන්නේ (ම)
දෙයියෝ සාක්කි කිවුවලු! (නි)
මහින්දට කිසිම අසුබ ලකුණක් නැහැ (නි)
අනේ! තාමත් මෙයාලා හැදිලා නැති හැටි? (නි)
මේක මෙහෙම්මම වෙනවා (නි)
ඔය සුමනදාසලගේ කතා වැඩක් නැහැ. දේශපාලන යථාර්ථය අනුව රනිල් තමයි එන්නේ (නි)
එහෙම වුණොත් අපිට අසුබයි (නි)
බයවෙන්න එපා. අපි ඔයාගේ අනාවෑකි ඔක්කොම බොරු කරලා ඔය හැමෝගෙම ලස්සන වෙස් මුහුණු 18 වෙනිදාට ගළවනවා.ඔය ඉර හඳ තරු වලට වඩා අපේ ඡන්ද බලය වෑඩියි කියලා අපි 18 වෙනිදට පෙන්වන්නම්. එතකන් සිටින්න. (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
29 වතාවක් අසුබ වුණු රනිල්ට මෙවර කෙසේද සියුම්ලෙස බලද්දී සුබ වුණේ? (නි)
රැවටෙන්න එපා. මහින්දට ජය නියතයි (නි)
ඔහු අපේ රට ලෝකයේ සුන්දර රටක් කරාවී (නි)
මට නම් හිතෙන හැටියට ජ්‍යෝතිෂය අනුව මැතිවරණ ප්‍රතිඵල කියන්න බැහැ (නි)
මේ පාර මහින්ද දිනනවා කියන කෙනෙක් හොයාගන්නත් නැහැ වගෙයි (නි)
ඒක එහෙමම තමයි (නි)
මම අහන්නේ මේ වගේ අයට මේවා හොඳට කියන්න පුළුවන් නම් ඇයි වසර 30 අපේ රටේ තිබුණ යුද්ධය ගැන අනාවැකි කිව්වේ නැත්තේ? අඩු ගානේ යුද්ධය දිනනවද පරදිනවද කියලවත් කිවුවේ නැහැනේ.මැතිවරණ වලට විතරද මෙයාලගේ අනාවැකි? (නි)
මේ අනාවැකියට මම පුද්ගලිකව කැමතියි. මොකද ඡන්දය රනිල්ට සුබයි මහින්දට අසුබයි නම් හිටපු නඩේ නැවත බලයට ඇවිත් සුදු වෑන් ගෙනෙන එක, ජනතාවගෙන් පිරුවටයක් ලෙස ලැබෙන බලය ගෙන රාජාභිෂේක වන එක දැකීමට සිදුනොවන නිසා. (නි)
එතකොට දැන් රනිලුත් වැඩ කරන්නේ හඳහන බලලද? මහින්ද නම් දැන් ඒවගේ වැඩ නවත්තලා. (නි)
අලුත් රටක් අපට ලැබෙනු ඇත (නි)
රනිල් මහතා උඩින්ම දිනනවා. අපේ රටට සෞභාග්‍යය උදාවෙන්නේ ඊටපස්සෙයි. රාජපක්ෂ මහත්මයා දුප්පත් ජනතාවට කළ දෙයක් නැහැ. ඒගොල්ලෝ බඩ වඩාගත්තා විතරයි. (නි)
ඔන්න තව කෙනෙක් පටන් අරගෙන. (නි)
මහින්ද දිනන එක නවත්වන්න බැහැ. (නි)
අනේ ධම්ම, ඇයි ජ්‍යෝතීර්වේදියො විද්වත් නැද්ද? (නි)
ජයවේවා! (නි)
මෙවර ප්‍රතිඵලය ගැන කියන්න ජ්‍යෝතිෂය අවශ්‍යම නැහැ. ජනතාවට එපාවුණ කෙනෙකුට අගමැතිකම ගෙනදෙන්න දේශපාලන අනාථයින් දරන ප්‍රයත්නය ජනතාව හොඳින් දන්නවා. ප්‍රතිඵලය 18 වෙනදා පාන්දරට. (නි)
දේශපාලුවන්ට වගේ විලිලැජ්ජාවක් නැහැ කියලයි දැන්නම් හිතෙන්නේ (නි)
රටට යහපත උදාවේවා! (නි)
ඔය කියන මිනිත්තු 2 ඇති (අ)
එහෙම වුණොත් ජනතාවගේ වෙලාව බලාගන්න එක හොදයි (අ).
රට ගොඩ ,අපිට හොඳ කලක්. රනිල් මහතා දිනන්නම ඕනෑ. (නි)
ඕක කියන්න කේන්දර බලන්න ඕනෑ නැහැනේ (නි)
කට පියාගෙන ඉන්න එක තමයි නුවණක්කාරම වැඩේ (නි)
අපි ඒක දන්නවා (නි)
අනේ මහත්තයෝ, ඔය දේවල් හරියටම කියන්න තරම් ශක්තියක් තියෙන කෙනෙක් නම් ඔය විදියට තවම ඉන්නේ මොකද? (නි)
ඔය ටික කියන්න කේන්දර බලන්න ඕනෑ නැහැ. ලංකාවේ මිනිස්සු ලක්ෂ 62 බත් කන බව දන්නා ඕනෑ කෙනෙකුට කියන්න පුළුවන්නේ. (නි)
කියලා වැඩක් නැහැ.ඒ කියන්නේ මහින්ද මහත්තයා අනිවාර්යයෙන්ම දිනනවා (නි)
ඒ කියන්නේ රටට නැවත ඒ නරක යුගය ලබන්නේ නැහැ කියලනේ.අනේ වාසනාවන්.අපේ පැතුමත් ඒකමයි. (අ)
රනිල් දිනනවා කියන තරුණ පාරම්පරාව දිනුම් (අ)
රටේ දරුවන් අනාගත දරුවන් ඒ තරම් පව් කරලා නැහැ එහෙනම්. නායකත්වය පුහුණුව දෙනවා කියල අපේ දරුවන් හරක් වගේ හමුදා කදවුරු වලට දක්කන්නේ නැහැ එහෙනම්.(අ)
අපේ රට කියන්නේ බුදුන්වහන්සේ 3 වරක් වැඩිය රටක්. අසාදරණයෙන් ,මිනිමරමින් වැඩි කල් කරන්න ලැබෙන්නේ නැහැ.(අ)
මොකද ධම්ම, ජ්‍යෙතීර්වේදීන්ට ජාතික විද්වත් මණ්ඩලයේ ඉන්න හොඳ නැද්ද? හැමෝම හොරු නෙමෙයි. ගොඩක් උගත් ජ්‍යෝතීර්වේදියොත් අපේ රටේ ඉන්නවා. එනිසා කෙනෙකුගේ දැනුම අවතක්සේරු කරන්න හොඳ නැහැ . (නි)
ඔය ජ්‍යෝතිෂවේදීතුමා කොහෙද දන්නේ නැහැ ඉන්නේ නේද? මට ආසයි මුණගැහෙන්න. (නි)
හොඳයි බලමු (නි)
ජාතක විද්වත් මණ්ඩලයේ කට්ටඩියෝ එහෙමත් ඇති නේද ?අනේ අපේ ශ්‍රී ලංකාව (බ)