IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘ඡන්දය දුන් නොදුන් සියල්ලගේ ජීවිත යහපත් කරනවා‘

අපි සියලූ දෙනා ශ්‍රී ලාංකිකයන් යැයි ද අපිට ඡන්දයක් දුන් නොදුන් සියලූ දෙනාගේ ජීවිත යහපත් කිරීමත් ඔවුන්ගේ අනාගතය සුබදායක එකක් කිරීමත් අපගේ පරම වගකීම හා යුතුකම යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (7) පැවැසීය.
ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ආදායම් ලබන රටක් ලෙස තබාගත නොහැකි බවත්, ඉදිරියට යමින් ඉහළ ආදායම් ලබන රටක් බවට පත්විය යුතු බවත් අගමැතිවරයා පැවසූයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැති ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අරඹමිණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සමුළුවේ පළමු දිනයට සහභාගී විය.

එහිදි අදහස් දැක් වූ අගමැතිවරයා ‘රටේ තරුණයන් සියලූ දෙනාට රැකියා තිබිය යුතුයි. තරුණයන් සියලූ දෙනාට ආදායම් තිබිය යුතුයි. ඔවුන් සියලූ අධ්‍යාපනයට, නිවාස, සෞඛ්‍යය ආදියට විශ්වීය ප‍්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුයි. අපි කොහොමද මේ දේවල් කරන්නේ. සියලූ දෙනාම හොඳ ආදායම් ලබන බව අපි තහවුරු කළ යුතුයි. සියලූ දෙනාටම ප‍්‍රතිලාභ ලැබිය යුතුයි. සියලූ දෙනාම පාර්ශවකරුවෝ විය යුතුයි. ඉදිරියේදී ව්‍යවස්ථාව සම්මත වූවායින් පසුව මේ රටේ මිලියන එකහාමාරකට වැඩි පිරිසකට ඉඩම් අයිතිය ලබාදෙනවා. එවිට ඔවුන් එම ඉඩම්වල නිදහස් සින්නකර අයිතිය හිමි වෙනවා. ඔවුන්ට වගා කරන්න, නිවාස සංකීර්ණ තමන්ට කැමැති දෙයක් කිරීමේ හැකියාව ලැබෙනවා. ඔවුන් සියලූ දෙනා රටේ ආර්ථිකයේ පාර්ශවකරුවෝ බවට පත්වෙනවා. අපිට අභියෝග රැසක් තිබෙනවා. ඒ සියල්ල විසඳාගෙන අපි ඉදිරියට යා යුතුයි. පස්සට යන්න බැහැ.‘ යැයි ද කීවේය.

Ranil_201617-2 Ranil_201617-3 Ranil_201617-4



අදහස් (0)

‘ඡන්දය දුන් නොදුන් සියල්ලගේ ජීවිත යහපත් කරනවා‘

කපිල Thursday, 07 January 2016 03:14 PM

අනේ! දැනටම කොච්චර කළාද? තවත් කරන්න ඉතුරුව තිබෙනවද? (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 07 January 2016 03:13 PM

තවත් මොන ජීවිත යහපත් කිරීමක්ද? (නි)

:       0       0

දුමින්ද Thursday, 07 January 2016 10:27 AM

අයවැයෙන් එය ඔප්පු වුණා (ම)

:       0       0

කමල් Thursday, 07 January 2016 10:41 AM

දුමින්ද හැම දෙයකෙම එකම මිම්මෙන් මනින්න එපා (ම)

:       0       0

නිමල් ලාලිත Friday, 08 January 2016 10:34 AM

දේශපාලන ගැතියන් හැරෙන්නට කෙරුවාව කව්රුත් දන්නවා ශ්‍රීලනිප ඡන්ද පිහිටෙන් බලයට ඇවිල්ල දැන් වහසි බස් දොඩනවා. ලබන පළාත් පාලන මැතිවරණේදී, මෛත්‍රි,මහින්ද වශයෙන් පිල් නොබෙදී එකම පෙරමුණකින් ඡන්දය කළොත් කෙරුවාවේ තරම බලාගත හැකිවේවි. (බ)

:       0       0

ස්මිත් හෙන්රි Thursday, 07 January 2016 11:09 AM

අනේ ඕක කියන්න දෙයක්ද? අගමැති උනේ රටටම නෙවේද? (ර)

:       0       0

චතුර Thursday, 07 January 2016 03:51 PM

දැනටමත් ජීවිත යහපත් වී ඇත. තවත් යහපත් කිරීමට උත්සාහ නොකරන්න. මන්ද අපිට අපේ ඇඳිවතවත් ඉතිරිකර ගැනීමට උවමනාය. (නි)

:       0       0

තිලිණ Thursday, 07 January 2016 11:36 AM

කමල් මනින මිම්ම මොකක්ද කියල හැමෝම දන්නවා.. (ර)

:       0       0

මහින්ද සෞදි Thursday, 07 January 2016 04:23 PM

කියන්න සීපද රස කරලා.... (මට පොඩි පද පේළියක් මතක්වුණා) (නි)

:       0       0

මනෝජ් Thursday, 07 January 2016 04:39 PM

ඔබට ජය ශ්‍රී! (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 07 January 2016 04:45 PM

කතාව පැත්තක තියලා මේ ඡන්දෙ දුන්න අපිටවත් වැඩක් කරලා පෙන්වන්නකො අගමැතිතුමනි. (නි)

:       0       0

චාමර Thursday, 07 January 2016 12:58 PM

මෙයා හැමදාම ඔහොමයි. ඡන්දයක් දුන්නොදුන් අය ගැන කතා කරන්නේ ඒගැන හිතේ කහටක් තියන නිසානේ. (ර)

:       0       0

යසරත්න Thursday, 07 January 2016 06:06 PM

ජයවේවා! (නි)

:       0       0

දිල්ෂාන් Thursday, 07 January 2016 01:32 PM

කටින් බතල කොළ හිටවමු පුරුදු ලෙස! 2060 දී විරැකියාව නැති කරන්නෙමු! 3016 දී දුප්පත්කම නැති කරන්නෙමු! (ර)

:       0       0

දීපාල් Thursday, 07 January 2016 02:02 PM

කතාව නම් ශ්‍රේෂ්ටයි, එත් ක්‍රියාවෙන් නම් ආණ්ඩුව බොහොම පසුගාමියි.(හේ)

:       0       0

වින්සන්ට් Thursday, 07 January 2016 02:47 PM

නිදහසින් පසු ජනජීවිත යහපත් කිරීම සඳහා ගිය කවුරු ගැනත් ජනතාව හොඳින් දනී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site