අපි සියලූ දෙනා ශ්‍රී ලාංකිකයන් යැයි ද අපිට ඡන්දයක් දුන් නොදුන් සියලූ දෙනාගේ ජීවිත යහපත් කිරීමත් ඔවුන්ගේ අනාගතය සුබදායක එකක් කිරීමත් අපගේ පරම වගකීම හා යුතුකම යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (7) පැවැසීය.
ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ආදායම් ලබන රටක් ලෙස තබාගත නොහැකි බවත්, ඉදිරියට යමින් ඉහළ ආදායම් ලබන රටක් බවට පත්විය යුතු බවත් අගමැතිවරයා පැවසූයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැති ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අරඹමිණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සමුළුවේ පළමු දිනයට සහභාගී විය.
එහිදි අදහස් දැක් වූ අගමැතිවරයා ‘රටේ තරුණයන් සියලූ දෙනාට රැකියා තිබිය යුතුයි. තරුණයන් සියලූ දෙනාට ආදායම් තිබිය යුතුයි. ඔවුන් සියලූ අධ්‍යාපනයට, නිවාස, සෞඛ්‍යය ආදියට විශ්වීය ප‍්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුයි. අපි කොහොමද මේ දේවල් කරන්නේ. සියලූ දෙනාම හොඳ ආදායම් ලබන බව අපි තහවුරු කළ යුතුයි. සියලූ දෙනාටම ප‍්‍රතිලාභ ලැබිය යුතුයි. සියලූ දෙනාම පාර්ශවකරුවෝ විය යුතුයි. ඉදිරියේදී ව්‍යවස්ථාව සම්මත වූවායින් පසුව මේ රටේ මිලියන එකහාමාරකට වැඩි පිරිසකට ඉඩම් අයිතිය ලබාදෙනවා. එවිට ඔවුන් එම ඉඩම්වල නිදහස් සින්නකර අයිතිය හිමි වෙනවා. ඔවුන්ට වගා කරන්න, නිවාස සංකීර්ණ තමන්ට කැමැති දෙයක් කිරීමේ හැකියාව ලැබෙනවා. ඔවුන් සියලූ දෙනා රටේ ආර්ථිකයේ පාර්ශවකරුවෝ බවට පත්වෙනවා. අපිට අභියෝග රැසක් තිබෙනවා. ඒ සියල්ල විසඳාගෙන අපි ඉදිරියට යා යුතුයි. පස්සට යන්න බැහැ.‘ යැයි ද කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! දැනටම කොච්චර කළාද? තවත් කරන්න ඉතුරුව තිබෙනවද? (නි)
තවත් මොන ජීවිත යහපත් කිරීමක්ද? (නි)
අයවැයෙන් එය ඔප්පු වුණා (ම)
දුමින්ද හැම දෙයකෙම එකම මිම්මෙන් මනින්න එපා (ම)
දේශපාලන ගැතියන් හැරෙන්නට කෙරුවාව කව්රුත් දන්නවා ශ්‍රීලනිප ඡන්ද පිහිටෙන් බලයට ඇවිල්ල දැන් වහසි බස් දොඩනවා. ලබන පළාත් පාලන මැතිවරණේදී, මෛත්‍රි,මහින්ද වශයෙන් පිල් නොබෙදී එකම පෙරමුණකින් ඡන්දය කළොත් කෙරුවාවේ තරම බලාගත හැකිවේවි. (බ)
අනේ ඕක කියන්න දෙයක්ද? අගමැති උනේ රටටම නෙවේද? (ර)
දැනටමත් ජීවිත යහපත් වී ඇත. තවත් යහපත් කිරීමට උත්සාහ නොකරන්න. මන්ද අපිට අපේ ඇඳිවතවත් ඉතිරිකර ගැනීමට උවමනාය. (නි)
කමල් මනින මිම්ම මොකක්ද කියල හැමෝම දන්නවා.. (ර)
කියන්න සීපද රස කරලා.... (මට පොඩි පද පේළියක් මතක්වුණා) (නි)
ඔබට ජය ශ්‍රී! (නි)
කතාව පැත්තක තියලා මේ ඡන්දෙ දුන්න අපිටවත් වැඩක් කරලා පෙන්වන්නකො අගමැතිතුමනි. (නි)
මෙයා හැමදාම ඔහොමයි. ඡන්දයක් දුන්නොදුන් අය ගැන කතා කරන්නේ ඒගැන හිතේ කහටක් තියන නිසානේ. (ර)
ජයවේවා! (නි)
කටින් බතල කොළ හිටවමු පුරුදු ලෙස! 2060 දී විරැකියාව නැති කරන්නෙමු! 3016 දී දුප්පත්කම නැති කරන්නෙමු! (ර)
කතාව නම් ශ්‍රේෂ්ටයි, එත් ක්‍රියාවෙන් නම් ආණ්ඩුව බොහොම පසුගාමියි.(හේ)
නිදහසින් පසු ජනජීවිත යහපත් කිරීම සඳහා ගිය කවුරු ගැනත් ජනතාව හොඳින් දනී. (නි)