ඡන්දදායකයින්ට මත්ද්‍රව්‍ය සහ මත් පැන් බෙදාහරිමින් ඡන්දය ලබා ගැනීමට උත්සහ දැරීම පිළිබඳව පුත්තලම, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් පැමිණිලි ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ මෙම ක්‍රියාවලිය මැතිවරණ නීතිය උල්ලංගණය කිරීමක් පමණක් නොව සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් වන බවයි.
ආධාරකරුවන් සහ ඡන්දදායකයින් අතර මත්පැන් බෙදාදීම එක් අතකින් සමාජ විරෝධි ක්‍රියාවක් බව ද,එමගින් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉහළයාමට සෘජු හා වක්‍ර බලපෑම් එල්ලවන බවද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
කැෆේ සංවිධානය මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කොට ඇත.
මේ අතර මහමැතිවරණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සිට කැෆේ සංවිධානය වෙත මේ වන විට වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 244 ක් වන අතර එයින් 224ක්ම මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් වෙයි. තවත්20ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානයේ මාධ්‍ය ඒකකය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයෝ කොහොමටත් රටට (ජාතික ආරක්ෂාවට) වඩා බඩට (බඩු/ගෑස් මිල) ආදරෙයි. (ම)
එදා බෙදුවේ සිල් රෙදි අද මත් වතුර (නදී)
මතට තිත සංකල්පය නැවතත් කරලියට ....? (ස)
මහනුවර පැත්තේ තව පටන් අරන් නැහැ වගේ (නදී)
සියලුම ඡන්ද දායකයන්ගෙන් කරන කාරුණිකව ඉල්ලීමකි.! මෙවර ඡන්දයේදී පාරිභෝගික භාණ්ඩ බෙදා දෙන හෝ මුදල් මත්පැන් හා වෙනත් අල්ලස්දී ඡන්දය ලබාගැනීමට සැරසෙන්නන්ගෙන් ජනතාවගේ ඉතා වටිනා ඡන්දය අවතක්සේරු කරන්නන්සේ සළකා ඔවුනට ජන්දය දීමෙන් වළකින්න. (ම)
චන්ද දායකයෝ ඔක්කෝටොම හපන්. බත් පැකට් එකටයි කසිප්පු බෝතලෙටයි රැවටෙන මිනිස්සු අද බොහොමයක් ඉන්නේ දැනුවත් හෝ නොදැනුවත් කම නිසා.(නදී)
මොකක්ද පක්ෂය කියලත් කියන්නකෝ. හොර නඩය ආයෙත් වැඩ පටන් අරගෙන වගේ (නදී)
හොරුන්ට, තක්කඩියන්ට නාම යෝජනා දුන්න මහ පක්ෂ දෙකටම ඡන්දය නොදී ජවිපෙට ඡන්දය දෙන්න. අඩු තරමේ ඒ අය අපි ගැන කතාවත් කරනවා, බුද්දිමත් පසුබිමක් තියෙනවා, රටට අවංකව සේවය කරයි. (අ)