ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ මහනුවර රැස්වීමක නවාංගයක්ද එක් කර තිබිණි.
හමුදා මූලස්ථානයේදී ෆොන්සේකා මහතාට 2006 සැප්තැම්බර් මාසයේදී මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවූ අතර එම ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ ඒ මහතා ගමන් කළ මෝටර් රථය දේශපාලන රැලිවල ප්‍රදර්ශනය සඳහා ලොරියකින් රැගෙන යන ආකාරය දැකිය හැකිය.
රැස්වීම් 225ක කථා කිරීම හේතුවෙන් සරත් ෆොන්සේකා මහතාට රැස්වීම් ඇමතීමෙන් වැලකී සිටින ලෙස වෛද්‍යවරු උපදෙස් දී ඇතැයිද ඒ හේතුවෙන් මහනුවර රැලියේදීද පටිගත කළ හඬපටයක් විකාශය කළ බව කියති. කුරුණෑගල පැවැති රැලියේදී එය පටිගත කර තිබුණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පෙන්වන එක නම් හොඳයි (නි)
මෙහෙම වාහන කීයක් බෝම්බ වලට අහුවුණාද? බලමු මිනිස්සු මේවා බලලා මොකක්ද ගන්න පියවර කියලා? (නි)
රටේ ඉන්න කාටත් දැක බලාගන්න වටිනා දෙයක්. (නි)
එතුමා ජාතික වීරයෙක් (නි)
මෙතුමා පවුල් පාලනය ගැන කතාකරනවා. මෙතුමාගෙ මුළු පරම්පරාවම ඡන්දය ඉල්ලනවා (නි)
මේවා කවුරු කවුරුත් දැකගන්න එක හොඳයි (නි)
මෙතුමා ජාතික වීරයෙක්. ඒක ගැන විවාදයක් නැහැ. ඒත් එතුමාගේ දේශපාලනය නම් අපි අනුමත කරන්නේ නැහැ. (නි)
අලිමංකඩ තිබෙන හසලක වීරයා දිවිදුන් ඩෝසර් එකත් ගෙනාවා නම් තව ටිකක් වැඩිය මනාප ගන්න තිබුනා කට්ටියට.ඔබතුමාගේ පවුලේ අනිත් සාමාජිකයන්ගේ මනාප සටනට මොනවද ඉදිරිපත් කරන්නේ.... ? (නි)