ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් ජූලි මාසයේ සිට තම කණ්ඩායම නිරීක්ෂණ කටයුතු සිදුකරන බවත් මැතිවරණය අවසානයේ ඒ සම්බන්ධ නිරීක්ෂණ පිළිබඳ දැනුම් දෙන බවත් යුරෝපා සංගමයේ ප්‍රධාන මැතිවරණ නිරීක්ෂක ක්‍රිස්ටින් ඩැන් ප්‍රෙඩා මහතා ගාල්ලේ දී කීවේය.

බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ගාල්ලේ දී මාධ්‍යවේදින් හමුවෙමින් කියා සිටියේ මැතිවරණය අවසන්වනතුරු කිසිදු අදහසක් රටේ තත්ත්වය හා මැතිවරණයේ ස්වභාවය ගැන නොපවසන බවයි. ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක් බවත් මිනිසුන් ද ඉතා සුන්දර හා සුහදශීලී බවත් ඔහු සිනාසෙමින් කීවේය. මැතිවරණයේ එක් කණ්ඩායමකට තම අදහස් දැක්වීම වාසියක් විය හැකි බැවින් කිසිත් නොකියන බව ඔහු කියා සිටියේය.

_DSC6303 - Copy _DSC6304 _DSC6312 _DSC6314 _DSC6315