
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 9 සහ 10 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (1) තීරණය කළේය.
දෙදින විවාදයක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉල්ලා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය.
පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රටේ ප්‍රබල විරෝධයක් පැන නැගී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ඇතිවීම වැදගත් බව විපක්ෂනායකවරයා එහිදී පෙන්වා දුන්නේය.
මේ අනුව මෙම විවාදය සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1) පස්වරු 1.30 ට රැස්විය.
මේ අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේදී දින දෙකක් විරෝධයේ නියැලුණහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කතාමඩුවට වෙලා වාද විවාද කරලා වැඩක් නෑ. පුළුවන් නම් පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරලා ජනතාවට ඡන්දය අරන් දෙන්න... නැතිනම් රනිල් කිව්ව එක විශ්වාස කරන්න වෙනවා.
දෙදිනක් නොවෙයි, ජීවිත කාලෙම විවාද කළත් වැඩක් වෙන්නේ නැහැ. ඡන්දෙ පැවැත්වීමෙන් ජනතාවට වෙන ප්‍රයෝජන කිව්වොත් අපිත් රජයට විරුද්ධ වෙන්නම්...
මහඑකා ඡන්දෙන් ලිස්සලා යන්න හදන වෙලාවේ පාර්ලිමේන්තුවේ බොරු විවාද තියතියා ජනතාව ගෙවන බදු මුදල් නාස්ති කරනවා.