දිස්ත්‍රික් 17ක පමණ දශ ලක්ෂයක් අවතැන්වී ඇති තත්ත්වය යටතේ ලබන 8 වැනිදා ජනපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි.
දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි.
ඔහු එම දිස්ත්‍රික්වලට පෞද්ගලිකවම ගොස් දිසාපතිවරුන් හමුවීමට නියමිතය.
එම පෙදෙස්වල ඡන්ද කාඩ් බෙදීමේ අපහසුතා මතුවී ඇත.
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නීතිඥවරුන් ගංවතුර හා නායයාම් ගැන මැතිවරණ කොමසාරිස් අවධානය යොමුකර ඇත.
එහෙත් කිසි ලෙසකින් ඡන්දය කල් දැමීමට එකඟ නොවන බව සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල් දැමීම කාලෝචිතයි. එය තීරණය කළ හැකි ඡන්ද කොමසාරිස්ට විය යුතුයි (බ)
මිනිසුන්ගේ ජීවිතද නැත්නම් තමන් බලයේ ඉන්නවද කියන එක තීරණය කළොත් නේද හොඳ? (බ)
කල් දාන්න කල් දාන්න (බ)
පවතින තත්වය අනුව කල් දැමීම සුදුසු බව මගේ හැගීම (බ)
කල් දන තරමට එතුමාට හොඳයි මොකද දවසින් දවස ජනතාවට වත්මන් ආණ්ඩුව එපා වෙන තත්ත්වයක් ඇවිත් (දිල්)
මැකෝට බෑ ඡන්දෙ කල් දාන්න සුමනදාසට පුළුවන් (බ)
බලය ගන්න පෙර ,අසරණ ජනජීවිත ගැන බලන්න.(දිල්)
සමහරුන් ගෙ වහලයටත් උඩින් වතුර දාල.ගේ දොර බඩු මුට්ටු ඔක්කොම ඉවරයි.මේ වෙලාවෙ මොන ඡ්න්දද? ස්ටේජ් ගහල ,පෝස්ටර් ගහල පිස්සු කෙළින සල්ලි වලින් අනාථාධාර දෙන්න.අවතැන් වූ සංඛයාව දස ලක්ෂය පැනල.වෙන නැකතක් පස්සෙ හදා ගමු. (බ)
කල් දැමීම හොදයි ඡනාධිපති කිව්වනේ ඡන්දය පැත්තකින් තියලා උදව් කරන්න කියලා .අැයි එහෙනම් කල් දාන්න බැරි. ඔන්න බලන්න අවස්ථාවදී නායකයෝ. කටින් එකක් කියන්නේ අනේක් පැත්තේන් තව එකක්. අසරණ ජනජීවිත ගැන බලන්න. (නදී)
මේ අවස්ථාවෙ හැටියට කළයුතුම දෙය නම් ලක්ෂ ගණන් කටවුට් මීටින් වලට වියදම් කරන සල්ලි 10 ලක්ෂයකට වඩා අනාථ අප සහෘද ජනතාවගේ හිතසුව පිණිස යෙදවීමයි (නි)
සුසිල් ඉල්ලගෙන කන එක තව දවස් කීපයක් ඉන්න (නදී)
ඇඳිවත විතරක් ඉතුරුවෙලා අනාථ කඳවුරු වල දරුවෝ එක්ක සීතලේ දුක්විඳින මේ අහිංසක මිනිසුන්ට මොන ඡන්දද ? හැමෝම පුළුවන් විදිහට උදව් කරන්න ඕනෑ වෙලාවක් මේක . (නි)
සන්ධානය ඡන්දය කල් දන්න අකමැති නැකත් දවස වෙනස් වෙන නිසා කියලයි මගේ අදහස. කොහොම වුණත් මේ වෙලාවේ ඡන්දය කල් දාන එක හොදයි. ජනතාවට දැන් ඕනේ ඡන්දය නොවේ. ගොඩක් දෙනෙක් අසරණ වෙලා ඉන්නේ.(දිල්)
කල් දැම්මොත් තවත් දින කීපයක්වත් බලයේ සිටිය හැකිය නැතිනම් අට වැනිදාම ගෙදර යා හැකිය?(දිල්)
විපතටපත් ජනතාව කෙරෙහි අවධානය යොමුකර ඡන්දය කල්දැමිම කාලෝචිතය.(දිල්)
පවතින කාලගුණ තත්ත්වය මත ජනාධිපතිවරණය කල්දැමීම සුදුසුයි.(දිල්)
අපිට මේකෙන් ම තේරෙනව රටට සහ මිනුස්න්ට මොනදේ උනත් තම බලයට තියෙන කෑදෙරකම. (නදී)
මේ අයට ඕන ජනතාවගේ දුක්ගැනවිලි අහන්න නෙමේ තමුන්ගේ බලය ස්ථාපිත කරගෙන ඉන්න. මේකෙන්ම පේනවා ජනතාව ගැන හිතන්නේ කවුද කියලා. ජනතාවට දැන් ඕන විපතට පිලියමක් (නදී)
ජනතාව බෝට්ටු වලින් ගිහින් ඡන්දේ දමාවි කියල හිතනවා ඇති. (නදී)
දේශපාලන කුලල් කා ගැනීම් පසෙකලා අසරණ මිනිස්සු වෙනුවෙන් කිසයම් දෙයක් කිරීමට ඇති අවස්ථාවි මේ. (ර)
රටේ සිටින සමස්තයක් පොදු මහජනතාවට ඡන්දය දැමීමට කිසිදු උවමනාවක් නැතුවා සේ පෙනේ. එහෙයින් ඡන්දය කල් දමමින් කාලයත් මුදලුත් නාස්ති කරමින් වැඩ පාලු කරවනවාට වඩා ජන.08 වැනිදාම ඡන්දය පවත්වා ප්‍රතිපල නිකුත් කර ඉවරයක් කරන එක රටට යහපතකි. (නදී)
ඔව් ඡන්දෙ කල් දාන එක හොඳයි. මමත් ඉන්නේ අනුරාධපුර පැත්තේ, අපිට මොන ඡන්දද? මෙහෙ අයට හරියට කන්න බොන්නත් නැහැ කුලීවැඩ කරන මිනිස්සුන්ට දවස් 10 ක් එක දිගට වැඩ. ගංවතුර ආධාර දෙනවා කියල කීවට අපේ පැත්තට නම් එකෙක්වත් අාවේ නැහැ තාම.(නදී)
මාත් එකඟයි. මේ වෙලාවේ මිනිසුන්ට චන්දයක් තියාගෙන නායකයෝ තෝරන වෙලාවක් නෙමෙයි. නායකයෝ වෙන්න ඉන්න අයට, වෙලා ඉන්න අයට තමන්ගේ කැපවීම පෙන්වන වෙලාවක්. (නදී)
ගංවතුර අස්සේ ඡන්දය පැවැත්වීමෙන් ඡන්දදායකයාට බලවත් අසාධාරණයක් වෙනවා, සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු වීම නිසා. මැතිවරණය කල් දැමීමට සුසිල් මහත්තය විරුද්ධ වන්නේ ඇයි කියා අපට වැටහෙන්නේ නැහැ. එය කල් දැමීමෙන් බොහෝ දෙනකුට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීමේ වාසියක් එතුමලාට ඇති කියා හිතාගෙන ඇති, සමහර විට.(නදී)
දැන් පවතින විපත් නිසා බොහෝ දෙනෙක් දුකට පත් වී ඇත (නදී)
ඡන්දෙ නෙවෙයි මේ වෙලාවේ ඕනේ, අසරණ මිනිසුන්ට පිහිට වෙන එක. "බලේ තිබ්බට මොලේ නෑ". චන්දෙ ඕන වෙලාවක තියාගන්න පුළුවන්. කරුණාකරලා මහත් වරු වෙන්න බලන්න, මහත් හොරු වෙන්නැතුව. (නදී)
බල තණ්හාව! රටට ජාතියට සේවයක් කිරීමට තියෙන උනන්දුව උවමනාව. දේශපාලනය වැටුප් හා ලාභ රහිත නියම සේවයක් වුණු දාට සමහරවිට මේ වගේ තක්කඩි දකින්න නොලැබේවි. ඒ වගේම රටේ සියලුම මාධ්‍ය මේ දේශපාලනයට දෙන අවධානය ජනතාවගේ කෝණයෙන් බලන්න පුරුදු වුනොත්.....රිලවුන්ට පනින්න ඉනිමන් නැති වේවි. (බ)
පිස්සුද? මගේ අම්මෝ බොහොම අමාරුවෙන් හදා ගත්ත නැකත.(බ)
පවතින ගංවතුර තත්ත්වය ඡන්ද මංකොල්ලයකට පහසුය (බ)
කල් දැමීමෙන් වෙන්නේ නුසුදුස්සන් තවදුරටත් බලයේ සිටීමයි. කුමන තත්වයක් යටතේ හෝ ඡන්දය පැවැත්විය යුතුයි. (බ)
ගංවතුර නෙවේ තව සුනාමියක් ආවත් අපි ඡන්ද කල් දාන්නේ නැහැ. එහෙම කොහොමද නැකත් හදන්නේ. (බ)