IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඡන්දය කල් දාන්නැයි මෛත්‍රී කියයි : සන්ධානය විරුද්ධ වෙයි

දිස්ත්‍රික් 17ක පමණ දශ ලක්ෂයක් අවතැන්වී ඇති තත්ත්වය යටතේ ලබන 8 වැනිදා ජනපතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි.

දේශප්‍රිය මහතා යළි සලකා බැලීමට යයි.

ඔහු එම දිස්ත්‍රික්වලට පෞද්ගලිකවම ගොස් දිසාපතිවරුන් හමුවීමට නියමිතය.

එම පෙදෙස්වල ඡන්ද කාඩ් බෙදීමේ අපහසුතා මතුවී ඇත.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නීතිඥවරුන් ගංවතුර හා නායයාම් ගැන මැතිවරණ කොමසාරිස් අවධානය යොමුකර ඇත.

එහෙත් කිසි ලෙසකින් ඡන්දය කල් දැමීමට එකඟ නොවන බව සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසා ඇත.

 



අදහස් (0)

ඡන්දය කල් දාන්නැයි මෛත්‍රී කියයි : සන්ධානය විරුද්ධ වෙයි

රවී Sunday, 28 December 2014 08:07 AM

කල් දැමීම කාලෝචිතයි. එය තීරණය කළ හැකි ඡන්ද කොමසාරිස්ට විය යුතුයි (බ)

:       0       0

ලුම්බිණි Sunday, 28 December 2014 08:14 AM

මිනිසුන්ගේ ජීවිතද නැත්නම් තමන් බලයේ ඉන්නවද කියන එක තීරණය කළොත් නේද හොඳ? (බ)

:       0       0

නදී Sunday, 28 December 2014 08:35 AM

කල් දාන්න කල් දාන්න (බ)

:       0       0

වීරසිංහ Sunday, 28 December 2014 08:38 AM

පවතින තත්වය අනුව කල් දැමීම සුදුසු බව මගේ හැගීම (බ)

:       0       0

තිලක් Sunday, 28 December 2014 09:01 AM

කල් දන තරමට එතුමාට හොඳයි මොකද දවසින් දවස ජනතාවට වත්මන් ආණ්ඩුව එපා වෙන තත්ත්වයක් ඇවිත් (දිල්)

:       0       0

උපුල් චමින්ද Sunday, 28 December 2014 09:23 AM

මැකෝට බෑ ඡන්දෙ කල් දාන්න සුමනදාසට පුළුවන් (බ)

:       0       0

ප්‍රසාද් Sunday, 28 December 2014 09:34 AM

බලය ගන්න පෙර ,අසරණ ජනජීවිත ගැන බලන්න.(දිල්)

:       0       0

තිලක්සිරි Sunday, 28 December 2014 09:50 AM

සමහරුන් ගෙ වහලයටත් උඩින් වතුර දාල.ගේ දොර බඩු මුට්ටු ඔක්කොම ඉවරයි.මේ වෙලාවෙ මොන ඡ්න්දද? ස්ටේජ් ගහල ,පෝස්ටර් ගහල පිස්සු කෙළින සල්ලි වලින් අනාථාධාර දෙන්න.අවතැන් වූ සංඛයාව දස ලක්ෂය පැනල.වෙන නැකතක් පස්සෙ හදා ගමු. (බ)

:       0       0

ක්‍රිස්මල් වාජේතුංග Monday, 29 December 2014 09:07 AM

කල් දැමීම හොදයි ඡනාධිපති කිව්වනේ ඡන්දය පැත්තකින් තියලා උදව් කරන්න කියලා .අැයි එහෙනම් කල් දාන්න බැරි. ඔන්න බලන්න අවස්ථාවදී නායකයෝ. ක‍ටින් එකක් කියන්නේ අ‍නේක් පැත්තේන් තව එකක්. අසරණ ජනජීවිත ගැන බලන්න. (නදී)

:       0       0

සුමනසිරි Sunday, 28 December 2014 11:32 AM

මේ අවස්ථාවෙ හැටියට කළයුතුම දෙය නම් ලක්ෂ ගණන් කටවුට් මීටින් වලට වියදම් කරන සල්ලි 10 ලක්ෂයකට වඩා අනාථ අප සහෘද ජනතාවගේ හිතසුව පිණිස යෙදවීමයි (නි)

:       0       0

සහන් Sunday, 28 December 2014 03:08 AM

සුසිල් ඉල්ලගෙන කන එක තව දවස් කීපයක් ඉන්න (නදී)

:       0       0

අවන්ත Sunday, 28 December 2014 06:09 PM

ඇඳිවත විතරක් ඉතුරුවෙලා අනාථ කඳවුරු වල දරුවෝ එක්ක සීතලේ දුක්විඳින මේ අහිංසක මිනිසුන්ට මොන ඡන්දද ? හැමෝම පුළුවන් විදිහට උදව් කරන්න ඕනෑ වෙලාවක් මේක . (නි)

:       0       0

ජනක Sunday, 28 December 2014 04:35 AM

සන්ධානය ඡන්දය කල් දන්න අකමැති නැකත් දවස වෙනස් වෙන නිසා කියලයි මගේ අදහස. කොහොම වුණත් මේ වෙලාවේ ඡන්දය කල් දාන එක හොදයි. ජනතාවට දැන් ඕනේ ඡන්දය නොවේ. ගොඩක් දෙනෙක් අසරණ වෙලා ඉන්නේ.(දිල්)

:       0       0

ප්‍රියන්ත Sunday, 28 December 2014 04:58 AM

කල් දැම්මොත් තවත් දින කීපයක්වත් බලයේ සිටිය හැකිය නැතිනම් අට වැනිදාම ගෙදර යා හැකිය?(දිල්)

:       0       0

ශාන්ත Sunday, 28 December 2014 04:58 AM

විපතටපත් ජනතාව කෙරෙහි අවධානය යොමුකර ඡන්දය කල්දැමිම කාලෝචිතය.(දිල්)

:       0       0

කළුරත්න Sunday, 28 December 2014 05:03 AM

පවතින කාලගුණ තත්ත්වය මත ජනාධිපතිවරණය කල්දැමීම සුදුසුයි.(දිල්)

:       0       0

සුදෙල්මි Sunday, 28 December 2014 05:09 AM

අපිට මේකෙන් ම තේරෙනව රටට සහ මිනුස්න්ට මොනදේ උනත් තම බලයට තියෙන කෑදෙරකම. (නදී)

:       0       0

මාලි Sunday, 28 December 2014 05:17 AM

මේ අයට ඕන ජනතාවගේ දුක්ගැනවිලි අහන්න නෙමේ තමුන්ගේ බලය ස්ථාපිත කරගෙන ඉන්න. මේකෙන්ම පේනවා ජනතාව ගැන හිතන්නේ කවුද කියලා. ජනතාවට දැන් ඕන විපතට පිලියමක් (නදී)

:       0       0

තුෂාර Sunday, 28 December 2014 05:21 AM

ජනතාව බෝට්ටු වලින් ගිහින් ඡන්දේ දමාවි කියල හිතනවා ඇති. (නදී)

:       0       0

විමුක්ති Sunday, 28 December 2014 05:34 AM

දේශපාලන කුලල් කා ගැනීම් පසෙකලා අසරණ මිනිස්සු වෙනුවෙන් කිසයම් දෙයක් කිරීමට ඇති අවස්ථාවි මේ. (ර)

:       0       0

ජේ.පි.අබේරත්න Sunday, 28 December 2014 05:41 AM

රටේ සිටින සමස්තයක් පොදු මහජනතාවට ඡන්දය දැමීමට කිසිදු උවමනාවක් නැතුවා සේ පෙනේ. එහෙයින් ඡන්දය කල් දමමින් කාලයත් මුදලුත් නාස්ති කරමින් වැඩ පාලු කරවනවාට වඩා ජන.08 වැනිදාම ඡන්දය පවත්වා ප්‍රතිපල නිකුත් කර ඉවරයක් කරන එක රටට යහපතකි. (නදී)

:       0       0

දර්ශණ Sunday, 28 December 2014 05:52 AM

ඔව් ඡන්දෙ කල් දාන එක හොඳයි. මමත් ඉන්නේ අනුරාධපුර පැත්තේ, අපිට මොන ඡන්දද? මෙහෙ අයට හරියට කන්න බොන්නත් නැහැ කුලීවැඩ කරන මිනිස්සුන්ට දවස් 10 ක් එක දිගට වැඩ. ගංවතුර ආධාර දෙනවා කියල කීවට අපේ පැත්තට නම් එකෙක්වත් අාවේ නැහැ තාම.(නදී)

:       0       0

සිතු Sunday, 28 December 2014 05:59 AM

මාත් එකඟයි. මේ වෙලාවේ මිනිසුන්ට චන්දයක් තියාගෙන නායකයෝ තෝරන වෙලාවක් නෙමෙයි. නායකයෝ වෙන්න ඉන්න අයට, වෙලා ඉන්න අයට තමන්ගේ කැපවීම පෙන්වන වෙලාවක්. (නදී)

:       0       0

කිඹුලාපිටිය Sunday, 28 December 2014 06:00 AM

ගංවතුර අස්සේ ඡන්දය පැවැත්වීමෙන් ඡන්දදායකයාට බලවත් අසාධාරණයක් වෙනවා, සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු වීම නිසා. මැතිවරණය කල් දැමීමට සුසිල් මහත්තය විරුද්ධ වන්නේ ඇයි කියා අපට වැටහෙන්නේ නැහැ. එය කල් දැමීමෙන් බොහෝ දෙනකුට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීමේ වාසියක් එතුමලාට ඇති කියා හිතාගෙන ඇති, සමහර විට.(නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 28 December 2014 06:01 AM

දැන් පවතින විපත් නිසා බොහෝ දෙනෙක් දුකට පත් වී ඇත (නදී)

:       0       0

පාලිත Sunday, 28 December 2014 06:07 AM

ඡන්දෙ නෙවෙයි මේ වෙලාවේ ඕනේ, අසරණ මිනිසුන්ට පිහිට වෙන එක. "බලේ තිබ්බට මොලේ නෑ". චන්දෙ ඕන වෙලාවක තියාගන්න පුළුවන්. කරුණාකරලා මහත් වරු වෙන්න බලන්න, මහත් හොරු වෙන්නැතුව. (නදී)

:       0       0

අල්විස් Sunday, 28 December 2014 07:02 AM

බල තණ්හාව! රටට ජාතියට සේවයක් කිරීමට තියෙන උනන්දුව උවමනාව. දේශපාලනය වැටුප් හා ලාභ රහිත නියම සේවයක් වුණු දාට සමහරවිට මේ වගේ තක්කඩි දකින්න නොලැබේවි. ඒ වගේම රටේ සියලුම මාධ්‍ය මේ දේශපාලනයට දෙන අවධානය ජනතාවගේ කෝණයෙන් බලන්න පුරුදු වුනොත්.....රිලවුන්ට පනින්න ඉනිමන් නැති වේවි. (බ)

:       0       0

මධුක Sunday, 28 December 2014 07:29 AM

පිස්සුද? මගේ අම්මෝ බොහොම අමාරුවෙන් හදා ගත්ත නැකත.(බ)

:       0       0

කුමුදු Sunday, 28 December 2014 07:32 AM

පවතින ගංවතුර තත්ත්වය ඡන්ද මංකොල්ලයකට පහසුය (බ)

:       0       0

මුතුකුඩ Sunday, 28 December 2014 07:43 AM

කල් දැමීමෙන් වෙන්නේ නුසුදුස්සන් තවදුරටත් බලයේ සිටීමයි. කුමන තත්වයක් යටතේ හෝ ඡන්දය පැවැත්විය යුතුයි. (බ)

:       0       0

ජයා Sunday, 28 December 2014 08:04 AM

ගංවතුර නෙවේ තව සුනාමියක් ආවත් අපි ඡන්ද කල් දාන්නේ නැහැ. එහෙම කොහොමද නැකත් හදන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site