අයහපත් කාලගුණය නිසා ජනවාරි 8 වැනිදා ජනපතිවරණය කල් තැබීම සඳහා කිසිඳු තීරණයක් ගෙන නැති බවත් එසේ කරන ලෙසට තරඟ කරන කිසිදු අපේක්ෂකයකු හෝ අපේක්ෂකයකුගේ ඡන්ද නියෝජිතයකු හෝ ඔවුන්ගේ නීතීඥයින් හෝ ඉල්ලා නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
එනමුදු ජනපතිධූර අපේක්ෂකයින්,එම අපේක්ෂකයින් නියෝජනය කරන දේශපාලන පක්ෂ ලේකම්වරුන් ,මැතිවරණ නිරීක්ෂණ කමිටුවේ නිත්‍ය නියෝජිතයින් හා පිළිගත් දේශිය මැතිවරණ නීරීක්ෂණ සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති පසුගිය රැස්වීමේදී දැනට දිවයිනපුරා පවතින අයහපත් කාලගුණය නිසා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යට හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට බාධා ඇතිවන බැවින් ඒ සඳහා අමතර කාලයක් ලබාදීම මැනවි යැයි යෝජනා විය.එබැවින් තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීම 2015.01.03 දින දක්වා දීර්ඝ කිරීමටත්,තැපැල්පතිවරයාගේද එකඟතාව ඇතිව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම2015.01.04 දක්වා දීර්ඝකිරීමට කටයුතු කරන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය නිසි දිනට පවත්වා අවතැන් අයට ඉක්මනින් සහන සලසන්න,වැඩිපුර කාර්ය මණ්ඩල යොදවන්න.ඇමතිවරුන් තමන්ගේ කොට්ඨාස වල ජනතාව බල ගන්න (දිල්)