උතුරු පළාත හැර දිවයිනේ අනෙක් පළාත් වල පිහිටුවන ඡන්දපොළ මධ්‍යස්ථාන 11,381 ක ආරක්ෂාව සඳහා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකා නායකයින් 45,524 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (6) සිට පූර්ණ කාලීනව ක්‍රියාකාරී මෙහෙයුමේ නිරත කරවීමට එජාපය පියවර ගෙන තිබේ.
උතුරු පළාතේ ඡන්දපොළ මධ්‍යස්ථාන 933 හැරුණු විට නැගෙනහිර පළාතද ඇතුළුව දිවයිනේ අනෙකුත් ඡන්ද මධ්‍යස්ථාන 11,38 ම ආවරණය වන පරිදි හතර දෙනකු බැගින් වූ එජාප සන්නිවේදන බළකා නියාමකයෝ මේ කටයුත්තට අනුයුක්ත කරනු ලැබ සිටිති.
ජනාධිපතිවරණය අවසන්වී ප්‍රතිඵල නිකුත්වන තෙක්ම අද සිට ඉදිරි දිනවලදී ප්‍රදේශයට ඇතුළුවන පිටස්තර පුද්ගලයින් නාදුනන වාහන, කණ්ඩායම් ආදී සියලු වෙනස්වීම් සම්බන්ධයෙන් එජාප සන්නිවේදන බළකා නියෝජිතයන් 45,524 දෙනා පූර්ණ අධීක්ෂණයෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
ඡන්දපොළ ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්පූර්ණ පුහුණුවක් ලැබ සිටින එජාප සන්නිවේදන බලකා නියාමකයින්ට සිය කාර්යය පහසු කර ගැනීම සඳහා ඡායාරූප ගත හැකි නවීන දුරකථන වීඩියෝ පටිගත කිරීමේ කැමරා සහ ජංගම දුරකථනද නිකුත් කර තිබෙන බව සුදත් චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
ජනතාවගේ නිදහස් ඡන්ද අයිතියට බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයකු කණ්ඩායමක් හෝ සංවිධානාත්මක පිරිසක් සම්බන්ධයෙන් ඡායාරූප, වීඩියෝ පටිගත කිරීම් සහ රථවාහන අංක සාක්ෂි ඇතිව රැස්කිරීම පිළිබඳවද එජාප සන්නිවේදන නියාමකයින් සුවිශේෂ පුහුණුවක් ලැබ සිටිතැයිද සුදත් චන්ද්‍රසේකර මහතා කීවේය.
තර්ජනයට ලක්විය හැකි බවට අනුමාන කරන ඡන්දපොළ මධ්‍යස්ථාන හඳුනාගෙන ඒවායේ ආරක්ෂාව සඳහා සන්නිවේදන බලකා නියෝජිතයින් 4 දෙනාට අමතරව තවත් තිදෙනකු බැගින් යොදවා ඇතැයිද එජාප සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර මැතිවරණ කොට්ඨාශයේ ඡන්දපොළ මධ්‍යස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් වෙනමම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරෙන අතර එජාප මැතිවරණ කොට්ඨාශ කළමනාකරු පූර්ණ චන්දන සිල්වා ජනාධිපතිවරණ බලයලත් නියෝජිත හරීන්ද්‍රනාත් දුනුවිල සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රත්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඉහත යාන්ත්‍රණය ක්‍රියාත්මකවේ.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දපොළ රකින්න අලි බළකායක්
අසාන්ති Monday, 05 January 2015 06:48 AM
සිරි එතකොට ඡන්ද මංකොල්ල කන එක හරිද? මමත් දන්නැති නිසයි අහන්නේ. (නදී)
ජානක Monday, 05 January 2015 06:52 AM
අනේ සිරි, ඔයා බබා. මොනවත් ම දන්නේ නෑ. ලංකාවේ නෙවෙයි ද ඉන්නේ. (නදී)
කුරුවිට Monday, 05 January 2015 07:02 AM
අන්තිමට කියයි මොන වැඩේ කලත් අපි පැරදී කියලා.(හේ)
ඉසුරන්දි Monday, 05 January 2015 07:12 AM
කවුරු කොහොම පත් කලත් වෙන්න ඕන දේවල් ඉබේටම වෙයි. ඕව කාටවත් නවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි (නදී)
නීලා Monday, 05 January 2015 03:15 PM
ඒක හොඳයි (නි)
ඒඩ්‍රියන් ද මෙල් Monday, 05 January 2015 07:58 AM
දැන් සමහර කට්ටිය ටිකක් කලබලවෙලා වගේ (නි)
ඇසළ Monday, 05 January 2015 07:57 AM
අන්තිමට කියයි කොම්පියුටර් ජිල්මාට් දාල ජනාධිපතිතුමා දිනුවයි කියල ප්‍රතිපල නිකුත් කරාම. (ස)
බුද්ධික Monday, 05 January 2015 07:57 AM
නියම වැඩක්. මේ පාර ඉවරයි. (ස)
සයිමන් Monday, 05 January 2015 08:02 AM
රටයේ තියෙන ලොකුම පක්ෂයට පුළුවන් මේක - සුබ පතනවා ! (ස)
අනීසා ඛාන් Monday, 05 January 2015 08:35 AM
අසේලගේ අදහස හරි.(නදී)
මංගල Monday, 05 January 2015 09:16 AM
සාධාරණ ඡන්දයක් තිබුනොත් විපක්ෂයේ පොදු අපේක්ෂක විශිෂ්ට ජයක් ලබනවා කියලා මම ස්ථිරවම කියනවා. (නි)
බණ්ඩා Monday, 05 January 2015 09:56 AM
මේ බළකායට මොනවා වෙයිද දන්නේ නෑ ඒ දවසට (දිල්)
නිමල් Monday, 05 January 2015 10:24 AM
මොනවා වුණත් මේක නම් හොඳ වැඩක් (නි)
අජිත් කරුණාරත්න Monday, 05 January 2015 01:46 PM
මමත් තද යු.එන්.පී. කාරයෙක්. මෙහෙම කට්ටියක් ඉන්නවා නම් හොඳයි. (නි)
සිරි Monday, 05 January 2015 05:55 AM
ප්‍රසිද්ධියේ පින්තුර ගැනීම තහනම් නැද්ද. මම නොදන්නා නිසා අහන්නේ. (බ)
ලසන්ත කුමාර Monday, 05 January 2015 05:58 AM
නියම වැඩේ (බ)
චමල් Monday, 05 January 2015 06:10 AM
සිරි, කවුද ප්‍රසිද්ධියේ ගන්නේ? (නි)
තිලක් -ඩුබායි Monday, 05 January 2015 06:11 AM
මම නම් හිතන්නේ නැහැ මේ අය ප්‍රමාණවත් කියලා. (නි)
තිලක් -ඩුබායි Monday, 05 January 2015 06:12 AM
මේක ලංකාව මිනිසුනේ! (නි)
කල්පි Monday, 05 January 2015 06:27 AM
අඩුම තරමේ පිරිසිදු ඡන්දයක් මෙවරවත් පවත්වා ගන්න ලැබුනොත් ඇති .(හේ)