මොන තරම් කැප කිරීම් කළත් කිසිම ජනාධිපතිවරයකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවු බවත් තමා කඩේ යන්නේ පක්ෂය රැක ගැනීමට විනා පුද්ගලයින් හෝ නිලතල රැක ගැනීමට නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී අද (08) පැවසීය.
‘මෛත්‍රීපාල ජනපති එක්සත් ජාතික පක්ෂයට තල්ලු නොකර රැක ගැනීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂකයින්ගේ යුතු කමයි. සතුරාගේ උපක්‍රමවලට හසු නොවී, ආවේගශිලී නොවී, කල්පනාකාරීව දේශපාලන ගමන යා යුතුයි.
ශ්‍රිලනිප උපදේශක සභාවේ චන්ද්‍රිකා මැතිණිය හා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ සභාපති. සරත් ෆොන්සේකා ජවිපෙ හා එජාපය වෙන් වෙන් වශයෙන් මහ ඡන්දය ඉල්ලන නිසා අපේ ජය ස්ථිරයි.
නව ජනපතිගේ දින සීයයයේ වැඩට සහාය දෙන්නේ විවේචන ද සමඟ බව ඔහු කීවේය.
හරීන් ප්‍රනාන්දු ඌව මහ ඇමැති කිරීම නීතී විරෝධියි ඔහුට සහාය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුනට එරෙහිව විනයානුකූලව ක්‍රියා කරනවා .‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා එන ආණ්ඩුවේ අගමැති කමේ සිහින දකිමින් මේ දවස්වල ඉන්නේ. ඔහේ කටට එන දේ කියවෙනවා (නදී)
ඇයි ඒ විතරක් කුඩු මුදලාලි, එතනෝල් මුදලාලි, ගංජා මුදලාලි පාහරයෝ පාදඩයෝ මිනීමරුවෝ මේ සේරම ඔයාලගේ තමයි (නදී)
බලන් ඉන්න දිනන කම්. දිනුවොත් අායෙත් හොරු ටික වැඩ පටන් ගනියි. එහෙම වෙන්න ලංකාවේ අපි ඉඩ තියන්නේ නැහැ (නදී)
මේ පාර ජනතාව ඔබ වැනි මන්ත්‍රීවරුන් අයින් කරනවා (නදී)
විලි ලැජ්ජා නැති අවස්ථාවාදියෝ (නදී)
ජනතාවට කොට්ට මාරුව ඇති වෙලා (නදී)
ඇත්තටම කොහොමද කටක් ඇරලා කියනේ අපේ ජනාදිපති කියලා. කොහොමත් මේ සෙට් එකට ජනතාව උත්තර දෙනවා ඊලග මැතිවරණයේදී අගමැතිකමට ඉව ඇල්ලුවට වැඩ වෙන්නේ නැහැ (නදී)
ජනතාවෙනි, මේ පල් හොරුන්ට ඡන්දය දීමෙන් වලකින්න. රටත් ඔබේ දරුවාගේ අනාගතය ගැනත් සිතන්න.(නදී)
ඔබේ අපේක්ෂක ලැයිස්තුව නිමල් සිරිපාල ද සිල්වාගෙන් පටන්ගෙන මර්වින් සිල්වා ඇතුලත්ව දුමින්ද සිල්වාගෙන් අවසන් වෙනවා නම් අප කියන්නම් ප්‍රතිපලය මොකක්ද කියලා. (නදී)
අඩුම තරමේ තමන්ගේ ආසනය දිනලා පෙන්වන්න (නදී)
නිමල් සිරිපාල මහතා දැන්ද කියන්නේ ජනාධිපතිතුමා අපේ කියලා. බදුල්ලේදී පසුගිය කාලයේ කියපු කරපු දේවල් අපට හොඳට මතක තියනවා. මෛත්‍රී මහතාගේ බදුල්ල විල්ස්පාර්ක් රැලියට පිට්ටනිය දුන්නේ නැහැ, දැන්වීම් ගහන්න දුන්නේ නැහැ. දැන් එනවා අපේ ජනාධිපති කියාගෙන. එන මහා මැතිවරනයදී ඔබ තුමාවත් ගෙදර යවනවා මනාප ක්‍රමය නැත්නම්. (නදී)
මෛත්‍රී මහත්තයෝ, හොඳට හිතලා බලලා තීරණ ගන්න. ඔබතුමාලා ගැන බලාපොරොත්තු තියාගෙන ඡන්දය දුන් අහිංසක මිනිසුන්ට මොකද වෙන්නේ. (නි)
මේ අය හීනෙන් කියවනවද දන්නේ නෑ (දිල්)
කලින් කළ දේවලුත් අපිට මතකයි. (නි)
මේවාට තමයි කියන්නේ කන්න ඕනෑ වුණහම කබරගොයාත් තලගොයා කරගන්නවා කියලා. (නි)
යන යන තැන නිදි කිර කිර ඉන්න මෙතුමා වගේ අය පාර්ලිමේන්තුවට යවන්න අපිට නම් කිසිම අමාරුවක් නැහැ (නදී)
එහෙම කැප කිරීම් කරන්න පුළුවන්නම් හොදයි (දිල්)
මනාප ක්‍රමය තිබුනත් ලබන මැතිවරණයේදී මෙතුමටත් සමහර විට ගෙදර යන්න සිදුවේවි , පහුගිය ඡන්ද කලේ සිරිසේන මහතාට කියපු කරපු දේවල් වලට පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නේ , මහින්ද මහත්තය ජනප්‍රිය දේශපාලකයෙක්. එතුමා පහුගිය ඡන්දෙදි ගත්ත ඡන්ද එතනෝල් ,කුඩු මුදලාලිලා , කොමිස් කාක්කන් බහුල ශ්‍රී ල නි පෙට ගන්න බැහැ, පහුගිය දුෂණ නිසා ශ්‍රී ල නි පෙ උගත් බුධිමත් කොටස ඡන්දෙ දෙන්නේ හෙළ උරුමයට සහ ජ වී පෙ ට , ඒ ජ පෙ ටත් කොටසක් ලැබෙනවා , ඔබතුමා දවල් හීන දකිමින් ඉන්න. (ස)
ඉස්සෙල්ලම ඔයාගේ ආසනය දිනලා ඉන්න. (නදී)
අපි කැමැතියි හොද දෙයක් වෙනවට (දිල්)
අනේ මෙහෙම බල තණ්හාවක්.අවරුදු විස්සක් විතර කාපුවගේ රහ හින්ද දැන් නින්ද යන්නේ නැතුව ඇති. (බ)
අනේ දැන් කටක් ඇරලා ඔහොම කියනවානේ මේ අය.පුළුවන් තරම් මඩ ගැහුවා.සිරිසේන මහත්තයාගේ චරිතේ නැත්තටම නැති කරලා,දැන් කියනවා අපේ ජනාධිපති කියලා. (දිල්)
ඔය පක්ෂ භේදය අතාරින්න. ඔය හැම පක්ෂයක්ම, සැම දේපලක්ම මහජනයාගේ. සැම දෙනාම සේවය කලයුතු මහජනයාටයි. ඔය විධියට පංගු බේරු කරන්න ගියොත් ආයෙත් රට පහතට වැටේවි. කරුණාකරලා මේක අපේ රට අපි රටට සේවයක් කරන්න ඕනේ කියල හිතන්න.(නදී)
හිතාගෙන ඇති. අපි බලමුකෝ! (නි)
අන්න එහෙම එන්න. ජයවේවා (නදි)
නමුත් නව ජනාධිපති තුමා මෙවැනි අදහසක් හෝ ඉඟියක් වත් එහෙම පල කරලා නැහැ. එතුමා කියා තිබෙන්නේ තව අවුරුදු දෙකක්, ජාතික ආණ්ඩුවක් යනුවෙන්. (ර)
ආණ්ඩුව හදන්න පෙර ඡන්දය දිනලා ඉන්න ඕනෑනේ. (නි)