ලංකාවේ සුදු වෑන් සංස්කෘතිය මෙහෙයෙව්වේ කවුද සහ සුදු වෑන් මගින් පැහැරගත් පුද්ගලයන් ගැන විශේෂ හෙළිදරව්වක් ඉදිරියේ දී සිදු කිරන බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක ප්‍රිෂාන්ත ජයකොඩි කියයි.
ඒ ගැන විස්තර තමා සතුව ඇතැයි ද, මහ මැතිවරණයෙන් පසු ඒවා හෙළි කරන්නේයැයි ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන් නැවත යුද්දයක් පටන් ගත්තොත් රටේ ඔත්තු සේවයට ඉන්දියාවෙන් ගෙනෙන්න වෙයි. මේ රටේ සිදුවෙන පාවාදීම් නිසා ලාංකිකයන් කිසිවෙකු රට වෙනුවෙන් ජීවිතය කැප නොකර ඇත. ආණ්ඩු මාරු වුන ගමන් රහස් නිලධාරීන් පාවාදෙන ලෝකයේ එකම රට.(නදී)
ඔය සුදු වෑන් බ්‍රෑන්ඩ් නිව් ද, ඔස්ට් ඕව්නර්ද, කොච්චර දුවල තියෙනවද, ෆිනෑනස් කරල අපට ගන්න පුලුවන්ද ? (නදී)
ඡන්දෙට පස්සේ මොනා කියන්නද? කියන්න ඕනේ හැමදේම 17 කලින් කියන්න. යහපාලනෙට වාසි ගන්න බලාගෙන කරන වැඩක්ද? කියලා තවත් කි දෙනෙක් කියයි ද? (බ)
තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්න බොරු බේගල්, සුදු වැන් තිබ්බත් කමක් නෑ ඕවයින් ගියේ රටට විනයක් වුන එපාකරපු උන් , මේ අතරේ තව පිරිසක් ප්‍රයෝජන ගත්ත පෞද්ගලික තරහ පිරි මහන්න,එතන තමා අවුල (බ)
අහිංසක ජනතාව නැවත මැරෙන්න යවන්න එපා බොරු කියා ඡන්දෙන් පස්සේ නොවේ ඡන්දෙට කලින් කිවා නම් හොද නැද්ද ? විශේෂ මාධ්‍ය හමුවක් තියල ඇයි ඡන්දෙන් පස්සේ කියන්නම් කියන්නේ කියන්න දෙයක් නැති නිසා ද ? ඔබටටත් ඡන්දෙන් පස්සේ අවුරුදු 5 නිවාඩුව ලැබෙයි කෙසේ වෙතත් (අ)
ලංකාවේ හැමදාම තියෙන දෙයක් තමා තනතුරින් ඉවත් වෙලා, අරව, මේවා උනා කියනවා. රජයේ ආයතන තුල කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බෑ. ඇත්ත හෙළි කලොත් රස්සාව ඉවරයි. පුදුම බලයක්නේ දේශපාලකයන්ට තියෙන්නේ.(නදී)
හොරුන් රට පැනල දැන් බොරු කියනවා (අ)
නියම විස්තර දන්නේ හවුල් උන උදවිය නේද (නදී)
නිකමට අහන්නේ... ඕක කියන්න ඇයි පහු වෙනකන් ඉන්නේ? අයි මෙච්චර කල් හිටියේ? සාක්කි තියෙනවා නම් යහපාලන ආණ්ඩුවකුත් තියෙනවා නම් ඇයි පැමිණිලි කරලා නීත්‍යානුකූලව වැඩ කළේ නැත්තේ? හිටපු පොලිස් නිළදාරියෙක් නෙ? (අ)
මෙන්න ගම්පහින් මුල්ම චන්ද ප්‍රතිපලය ! ඇයි මෙතෙක් කල් කටේ පිට්ටු තිබුනද ? (අ)
තනතුර දරමින් ඔක්කොම සැප විඳලා දැන් බයිලා කියනවා. ඡන්ද දායකයන් දැනගන්න ඕනේ මේ ගොල්ලන්ට ගණන් බේරන්න. මැරී ගෙන හැමදාම පක්ෂයත් එක්ක හිටපු අයට කල ගුණ සලකන්න (අ)
1977 සිටම සිදු වූ සුදු වැන් සිද්ධීන් සියල්ලම කිව යුතුයි. (අ)
මේවා කලින්ම කිවුවා නම් අපිට පහසුවෙන්ම තීන්දුවක් ගන්න තිබුණා (නි)
ඔයාගේ කරපු වැඩකිඩ ටික ඉස්සෙලම හොයල බැලුවනං තමා හොද. (අ)
දැන් ඡන්දෙට කලින් කිව්වොත් කියනවා ඡන්දෙදි දේශපාලන වාසි ගන්න කියනවා කියලා.ඡන්දෙට පස්සේ කියනවා කිව්වොත් ඇයි පස්සේ කියන්නේ අහනවා.සාක්ෂි හොයන්නේ මූලික විමර්ෂණ කරලා.ජනවාරි 08ට කලින් සුදු වෑන් ගැන කරපු විමර්ෂණ මොනවාද කියමුකෝ බලන්න. (අ)
අයි දැන් කියන්න බැරි ?(අ)
සමහරුන්ට නම් දැන් මාසයකට රට යන්න අවසර තියෙනවලු. එතකල්ද ඉන්නේ? (අ)