උතුරු, මධ්‍යම හා වයඹ පළාත් සභා ඡන්දයෙන් පසු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවෙමින් පවතින බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කය ඉන් මුල් තැනක් ගන්නා බවත්, වැඩිම ගැටුම් සංඛ්‍යාවක් සංධාන ආධාරකරුවන් අතර බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.
වයඹ ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් පහරදීම්වලට සහාය දක්වන බවට ද පැමිණිල්ලක් ලැබී ඇත.
මහනුවර පාතහේවාහැට තලාතුඔයේදී සන්ධාන ආධාරකරුවන් අතර ගැටුමක් බේරන්නට ගිය අගමැති දි මු ජයරත්න මහතාගේ නැගෙනියට හා ඇගේ පුතාට ද පහර දී ඇත.
නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා දේශපාලන පක්ෂ ප්‍රධානීන් වහා ඉදිරිපත් වී මේ තත්ත්වය සමනය නොකළහොත් එකම පක්ෂයේ සාමාජිකයන් අතර බරපතල ගැටුම් වර්ධනය වීමේ අවදානමක් ඇතැයි ද කැෆේ සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැෆේ එකේ අභ්‍යන්තර ගැටුම් බේරාගන්නේ කවදද? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ (අ)
මේ මනාප ඡන්ද ක්‍රමය නැති කරන තුරු මෙම එකී නෙකා එන කොටා ගැනිම් මිනී මැරීම් එකම පක්ෂය තුලත් නැති වන්නේ නැහැ . දැන් කාලය ඇවිල්ල තිබෙන්නේ මෙම මනාප ක්‍රමය රටින් තුරන් කිරීමට (අ)
සාම, දාන, භේද, දණ්ඩ යන හතර රටක් පාලනය කිරීමේදී පාලකයන්ට අවශ්‍යයි. තමන්ගේ පක්ෂේ අයව භේද කල විට පාලකයන්ට පහසුයි පක්ෂය පාලනය කර ගන්න. එවිට, පාලකයාගේ හිත දිනා ගන්න සහ එමගින් "කටු ලෙව කන්න" අනුගාමිකයෝ හීන දීන ලෙස උත්සාහ කරනවා. තමන්ගේ පක්ෂේ අය ගැන නායකයන්ට කේලම් කියනවා.ඒ කේලම් අහන්න නායකයෝ හරි කැමතියි. (දී)
නුවන්, මේ ඇමති තුමාගේ මොකක්ද (අ)
එංගලන්තේ ඇහෙම උනත් ලංකාවේ මෙහෙම වෙනවද? ජයවේවා! (දී)
ඡන්දෙට පෙර මැතිවරණ නීතිරීති උල්ලංගණය වෙද්දී ඒවාට පියවරක් නොගත්ත එකේ, මේ ඒවායේ ප්‍රතිපලනේ කියලා සද්ද නැතුව ඉන්න තියෙන්නේ. (නි)
පැහැදිලිවම කුරුණෑගල මැතිවරණ ගැටුම් වලට වග කියන්න ඕනෑ එක්තරා ඇමතිවරයෙක්. කිසිදු උගත්කමක් හෝ වැදගත්කමක් මොහුට නැත. (නි).
බන්දුල මල්ලි මොකද නිකන් කසාය බීපු ගොළුව වගේ ඉන්නේ? මේ ගැන කියන්නකෝ හොඳවයින් එකක් දෙකක්.(නදී)
ඔය දේශපාලන ආධාරකරුවන් කියන්නේ කොඩිවැල් අදින ,පෝස්ටර් ගහන,බත් පැකට් එකට,කසිප්පු බෝතලයට දේශපාලකයින්ගේ පස්සේ යන අයයි. දේශපාලන නායකයින් දැනගතයුතු වෙනවා, මේ අය හදාගන්න. (නි)
ඔබ ගන්නා ඡන්දයට අරුතක් ලබා දෙමු (නි)
කවුරුත් කඩේ යනවා, අපි කඩේ යන්නේ ගිනි ගණනට බඩු ගේන්න විතරයි අපිට පාන් කියාගන්න බැහැ, මේ අය ඡන්දෙට පස්සෙත් ඇන කොටා ගන්නවා (අ)
සන්ධානය කවදත් ආදර්ශමත්.මේ පසුබිම උතුරේ තිබුණා නම්, දකුණේ අයගේ අදහස් බලන්න තිබුනා.හොද වෙලාවට ලංකාවේ ඉතිහාසයේ ගැටුම් තිබුනේ කොටින්ගෙන් විතරයි කියලා හුග දෙනෙක් හිතාගෙන හිටියේ. මහා මැතිවරණයට කලින් මෙහෙම නම් ඉදිරිය දැනගත යුතුද? (නි)
දිනපු උන් වපුරනවා කඳුළු සතුටු..... ඉතිරි වුණේ අපිට මේ ගෝනි පිරුණු ..... සමගියත් නෑනේ අප හට කිට්ටු..... උන් අපට දැම්මනෙ ජිල් මාට්ටු..... මේ කාලේ අපි කන්නෙ පරිප්පු...... හොඳට හිටි අයත් දැම්මනෙ වෙට්ටු...... තුන්වේල කන්නත් නෑ අනේ පිට්ටු...... ඉවසගෙන දානවා අපි කමෙන්ටු...... (නි)
"නීතිය බල්ලට ගිය මේ වගේ රටක් ඇතුලේ සාමය රජ කරන්නේ නෑ" සුනිල් පෙරේරා මහතාගේ ගීතයකින් කොටසකි.(නදී)
ඔච්චර තරහකින් ඇන කොටාගන්නේ, මරාගන්නේ, රටට, ජනතාවට සේවයක් කිරීමටද? අවන්කවම සේවයක් කිරීමට අවශ්‍ය නම් සියලු දෙනාම පක්ෂ භේද වලින් තොරව එකතුවෙලා සමාදානෙන් කරන්න පුළුවන් නේද? අද අපේ රටට අවශ්‍ය වෙන්නේ දේශපාලකයන් නොවේ. දේශ සේවකයන් බව සියලු දෙනාම සිතට ගත්තොත් සහනයක් වේවි නේද? අපේ වගේ සුළු ජාතියක් පාලනය කරන්න දස දහස් ගණන් පාලකයෝ අවශ්‍ය නැහැ නේද? (නදී)
මේක තමයි බොහෝම නරක. බලන්න අර අනුරාධපුරේ හිටපු ඇමතිතුමා?අපරාදේ නේද? මම අහලා තිබුනා බොහොම ඉස්සර ඈත පළාත් වල මන්ත්‍රී හාමුදුරුවරුත් කොළඹ ආවේ කෝච්චියෙලු. පොල්ගහවෙල පහුවෙනකම් එකිනෙකාගේ මුහුනවත් බලන්නේ නැතිලු. පොල්ගහවෙලින් මෙහා එක වීදුරුවේ විස්කි බීලා එක කුකුල් කටුව ලෙව කනවලු.ආපහු යනකොටත් එහෙමලු. ගමේ උන් ගහ මරා ගන්නවා.ඔවුන් දිවය ලෝකේ. දැන්වත් මේක තේරුම් ගනිල්ලා යකුනේ. ඡන්දෙ ඉවරයි.අපි තාම කුඹුරේ.... (නි)
ඔය තත්වය වසර කිහිපයක ට කලින් දකින්න තරම් අපගේ "දිබ්බ චක්කු" දියුණුවී තිබුන බව නිහතමානීව පවසමි. අවාසනාවකට මෙන් ඒවා අසන්නන්ට කෙනෙක් අපේ ලක් දෙරණේ සිටියේ නැත. ඒ වෙනුවට කවුරු කවුරුත් සත් දින සැණකෙළි පැවැත්වූහ. දැන් එකිනෙකාගේ කෙහෙවලු අල්ලා ගෙන මරා ගනිති. (නි)
රටේ මිනිස්සුන්ගේ හැටියටනේ ආණ්ඩුවක් ලැබෙනවා කියන්නේ. ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද. (නි)
සිංහලයන්ට පක්ෂ බෙදා අතහැර ආගම බෙදා කුල බේද අතහැර එකතු වන්නට කාලය එළඹ තිබෙනවා . අපි බෙදී සිටින තුරු වෙනත් ජාතීන්ට අපේ රට ලෙහෙසියෙන් අත් පත් කර ගැනිමට ඉතා පහසුය . උදාහරණයකට අද උතුර ඔවුන් සියල්ල අමතක කර එකම අරමුණක් කරා ඔවුන් මෙවර ඡන්දයෙන් අපිට දුන්නේ හොඳ පණිවිඩයක් . අනුවන කමට එකී නෙකා අප බෙදී යන්නට නොදී එකමුතු වන්නට සිහියට ගත යුතුය. (නදී)
මන්ත්‍රී සටන අවසන්. දැන් තනතුරු සටන් (නි)
ඕවා සුළු ප්‍රශ්න. (නි)
අපෙ අයියලා තාම එක එක පක්ෂ වල නම් කිය කිය ගහගන්නවා. එතකොට අනිත් අය ඇවිල්ලා වැඩේ අවසන් කරලා යනකම් දන්නෙ නැහැ. දැන් පේනවනේ උතුරෙ වුනේ මොකක්ද කියලා. අපේ අය ඉතින් පැති බෙදාගෙන ගහගනිල්ලා ! කොටාගනිල්ලා ! මරාගනිල්ලා ! (නි)
කුරුණෑගල ජනතාව රටට දුන්නේ ඉතාම හොඳ ආදර්ශයක්.සල්ලි උඩ දාන නුගත් දේශපාලනයට වැඩිය උගතුන්ගේ මහත්මා දේශපාලනයක අවශ්‍යතාව කුරුණෑගලින් රටට දුන් ආදර්ශයයි.ජනතාවනි,ඡන්දෙ අවසානයි.ගැටුම් වලට නොයා රටට වැඩ කරන්න දේශපාලකයන්ට බල කරන්න. (නි)
දෙපිටකාට්ටු මිනිස්සු (නි)
අනේ මිනිසුනි,ලෝකයේ දියුණු රටවල ඡන්දයට පාට බෙදා ගන්න පාට පාට ඇදගෙන, බිබී පාරවල් වල යන්නේ නැහැ.එකම අය මරා ගන්නේත් නැහැ.මේ අයට තියෙන්නේ කෑපී පෙනෙන ආශාවයි.බල ලෝබයයි.මේ සියල්ලටම හෙණය මනාප ක්‍රමයයි. පළාත් සභා ක්‍රමයයි.අවංකවම රටට වැඩක් කරන්න ඕනෑම නම් ඡන්ද වලින් වැඩක් නැහැ.හරියට ජනතාවට සේවයක් කරන්න ඕනෑ නම් දේශපාලනයම කරන්න ඕනෑත් නැහැ.මනසයි දියුණු කරගත යුත්තේ. (නි)
ලංකාවේ දේශපාලනය රටට පුරුදු පුහුණු කර තිබෙන්නේ දේශපාලකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් තම රටේම තම ජාතිය මරාගැනීමට කියන ක්‍රමයකිනි.මෙවැනි රටක ඉපදීමම අභාග්‍යයකි. (නි)
කම්මුල් දෙකට ගහගන්නෙපා මිනිසුනේ. එක කටේ දත්මයි පුපුරන්නේ....එක මුහුණමයි ඉදිමෙන්නේ....අපේ ගම අපේ ජාතිය අපේ ගම හැගිමෙන් සිතාපල්ලා යකුනේ.... (නි)
කෝ මේ කඩේ යන බන්දුල පෙරේරා ......... සද්දයක් නැ වගේ (දී)
ගහ ගත්තේ නැත්නම් කිසි ගතියක් නැහැ. දිනලා නේ දෙන්නම ඉන්නේ. ඒ නිසා දෙන්නම ගැසිය යුතුයි.උතුරෙන් වත් පාඩමක් ඉගෙන ගනිල්ලා මිනිසුනේ. (අ)
ඇමතිතුමනි අපි ඔබලට චන්දය දුන්නේ පළාත් වලට සේවයක් කරන මන්ත්‍රීවරු ඉදිරිපත්කල කියල මිස මෙහෙම ගහගෙන මරාගෙන රට අපකීරිතියට පත් කරන දේශපලන විවුහයකට රට ගෙන යන්න නොවෛ. ඔබතුමාලටත් මේවා වල අදිනවා කවද හෝ විදින්න වේවි.
මේ වගේ හරක් ඉන්න රටක් මේ ලෝකේ තවත් නැහැ.මුන්ගේ ගෙවල් වලට තණකොළ යවන්න ක්‍රමයක් නැද්ද??? (අ)
ඔන්න ඔහේ මරා ගත්තදෙන්.අහිංසක සාමාන්‍ය මිනිසුන් ඕවට පැටලෙන්න නැතිව, අපි බලාගෙන හිනා වෙමු. (අ)
ඔය ගහගත්තට දැන් දේශපාලකයෝ යාලුයි. (නි)