IMG-LOGO

ඡන්දෙට සල්ලි නොදුන්නොත් ආපහු උසාවි යනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඡන්දෙට මුදල් නොදුන්නොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නැවත වතාවක් අධිකරණයට යන බව සජබ  පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමගි ජන බලවේගය අධිකරණයට ගියේ පාර්ලිමේන්තුවේ බලය  ජනාධිපතිවරයා උදුරා ගත් නිසා යැයි මද්දුමබණ්ඩාර මහතා කීය.

ඡන්දයෙන් පත් නොවූ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම විනාශ කරමින් හමුදාවේ සහ පොලිසියේ බලයෙන් රට පාලනය කරන යුගයකට පැමිණ තිබෙන බව කී මද්දුමබණ්ඩාර මහතා අද වන විට ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදයට සහ ජනසම්මතවාදයට විශාල අභියෝගයක් එල්ල වී තිබෙන බව සඳහන් කළේය.

සර්වජන ඡන්ද බලය පිළිබඳ කල්තැබීමේ විවාදය අරඹමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව පැවසීය.

 



අදහස් (5)

ඡන්දෙට සල්ලි නොදුන්නොත් ආපහු උසාවි යනවා

සංජය Thursday, 09 March 2023 12:30 PM

මට නිකං මෙහෙම හිතෙනවා, ජේවීපී එක චන්දයක් ඉල්ලලා කෑ ගැහුවට කවදාවත් උසාවියට ගියෙ නැහැ, පාර්ලිමේන්තුවේ විපක්ෂෙ කරන උද්ගෝෂණ වලට කිසිම සහයක් නැහැ, අපට මතකයි රනිල් එක්කල හිටිය කියල රටේ ජනතාව රතු අලි කිව්වා, එයාල රනිල්ට විරුද්ධ වෙන්න කැමති නැහැ වගේ.

:       3       7

Deepal NiroshThursday, 09 March 2023 03:11 PM

ඉතින් රනිල්දාස් කියන්නේ තේරුමක් නැතුවද? රනිල් කරන්න යන්නේ මොකද්ද කියලා හොඳටම දන්නා කෙනා නිකං මොකටද බොරුවට උසාවිවල රස්තියාදු වෙන්නේ? ආසියාවේ රිදී සීනුවට කිව්වේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක කියලා. එහෙනම් අලියාගේ රිදී සීනුව මොකද්ද කියලා හඳුන්වන්නත් ඕනෑද?

:       0       0

senaThursday, 09 March 2023 04:24 PM

ඔය හත් අට දෙනෙක් ණයට කැස්සට අපි මේ පාර ජවිපයට...

:       0       0

Bamunuarachchi Thursday, 09 March 2023 01:58 PM

උසාවි ගිහිල්ලා විනිසුරුවන්ගෙන් සල්ලි ඉල්ලා ගනිල්ලා. අපිට ඡන්දේ වැඩක් නැහැ. එනිසා අපිව ණයකර ඡන්ද පවත්වන්න එපා...

:       0       0

එමි එමි Thursday, 09 March 2023 04:16 PM

පව්කාර හැත්ත... මේ වෙලාවේ ඡන්දද තියන්න ඕනෑ... රටේ මිනිස්සුන්ට කන්න නැහැ හිඟාකනවා.. නුඹලාට ඡන්ද, ඇත්තටම නුඹලා මනුස්සයින්ද? පර හැත්ත අහිංසක මිනිස්සු දුක් විඳිනවා... කන්න නැතුව... හෙනම ගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 399 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 962 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1346 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site