(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඡන්දෙට මුදල් නොදුන්නොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නැවත වතාවක් අධිකරණයට යන බව සජබ පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සමගි ජන බලවේගය අධිකරණයට ගියේ පාර්ලිමේන්තුවේ බලය ජනාධිපතිවරයා උදුරා ගත් නිසා යැයි මද්දුමබණ්ඩාර මහතා කීය.
ඡන්දයෙන් පත් නොවූ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය දිගින් දිගටම විනාශ කරමින් හමුදාවේ සහ පොලිසියේ බලයෙන් රට පාලනය කරන යුගයකට පැමිණ තිබෙන බව කී මද්දුමබණ්ඩාර මහතා අද වන විට ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර වාදයට සහ ජනසම්මතවාදයට විශාල අභියෝගයක් එල්ල වී තිබෙන බව සඳහන් කළේය.
සර්වජන ඡන්ද බලය පිළිබඳ කල්තැබීමේ විවාදය අරඹමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නිකං මෙහෙම හිතෙනවා, ජේවීපී එක චන්දයක් ඉල්ලලා කෑ ගැහුවට කවදාවත් උසාවියට ගියෙ නැහැ, පාර්ලිමේන්තුවේ විපක්ෂෙ කරන උද්ගෝෂණ වලට කිසිම සහයක් නැහැ, අපට මතකයි රනිල් එක්කල හිටිය කියල රටේ ජනතාව රතු අලි කිව්වා, එයාල රනිල්ට විරුද්ධ වෙන්න කැමති නැහැ වගේ.
උසාවි ගිහිල්ලා විනිසුරුවන්ගෙන් සල්ලි ඉල්ලා ගනිල්ලා. අපිට ඡන්දේ වැඩක් නැහැ. එනිසා අපිව ණයකර ඡන්ද පවත්වන්න එපා...
පව්කාර හැත්ත... මේ වෙලාවේ ඡන්දද තියන්න ඕනෑ... රටේ මිනිස්සුන්ට කන්න නැහැ හිඟාකනවා.. නුඹලාට ඡන්ද, ඇත්තටම නුඹලා මනුස්සයින්ද? පර හැත්ත අහිංසක මිනිස්සු දුක් විඳිනවා... කන්න නැතුව... හෙනම ගහනවා.