(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදී රජය මැතිවරණය නොපැවැත්වීමට උත්සාහ දරන බවද ඔහු සඳහන් කළේ ය.